‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ ඇරඹේ
|

‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ ඇරඹේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 24 වන වරටත් සංවිධාන‌ය කළ 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේදී  (22) පෙරවරුවේ විවෘත කෙරිණි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවති අතර ඊට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඇමරිකානු කොන්ග්‍රස් පුස්තකාලයේ පුස්තකාලාධිපති ජෝතිකා භාම්බ්‍රි (Jyotika Bhambri) මහත්මිය ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ රැසක්…

ransomware attack meaning ransomware removal famous ransomware attacks ransomware attack solution

සයිබර් ප්‍රහාරයෙන් මැකී ගිය දත්ත ලබා ගැනීමට ජාත්‍යන්තර සහය පතයි

පසුගියදා මෙරට රජයේ වෙබ් අඩවිවලට එල්ල වූ රැන්සම්වෙයාර් සයිබර් ප්‍රහාරයෙන් මැකී ගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගැනීම සඳහා ප්‍රති වයිරස් මෘදුකාංග පිළිබඳ පර්යේෂණ පවත්වන ජාත්‍යන්තර ආයතනවලින් සහය ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ‌ ජ්‍යෙෂ්ඨ තොරුතුරු තාක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ, එම ආයනත සමග මේ වනවිටත් ඒ පිළිබඳ…

google account google map google mail google play google sign in google chrome google colombia
|

ගූගල් සමාගමට නඩු

ගූගල් සිතියම් මඟ පෙන්වීම් (Google Map) අනුගමනය කර තම මෝටර් රථය ධාවනය කරමින් සිටියදී කැඩුණු පාලමකින් වැටී මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් වන්දි ඉල්ලා පවුලේ සාමාජිකයන් google සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ උතුරු කැරොලිනාවේ පදිංචිකරුවෙක්. තාක්ෂණික දැවැන්තයාට මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් නඩු පවරා ඇත්තේ නොසැලකිලිමත්කම සඳහායි. අදාළ පාලමේ කඩා වැටීම සම්බන්ධයෙන් දැනුවත්වී සිටිය ද…

Tea labour jobs Tea labour pdf tea plantation workers in sri lanka living conditions of tea plantation workers tea plantation workers problems estate workers in sri lanka tea pluckers in sri lanka story of estate labour in sri lanka

වතු කම්කරුවන්ට පර්චස් 10 බැගින් ඉඩම් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක්

පෞද්ගලික වැවිලි සමාගම් සතුව පවතින භාවිතයට නොගන්නා ඉඩම් පොදු අවශ්‍යතා සඳහා පවරා ගැනීමට සකස් කර ඇති නීති කෙටුම්පත කඩිනම් ගෙන ඒමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක්වී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඔහුගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී…

hediyan

රෝහල් රැසක සෞඛ්‍ය සේවකයින් විරෝධතාවයේ නිරත වෙයි

රටපුරා රෝහල් රැසක සෞඛ්‍ය සේවකයෝ අද (22) කෑම පැයේදී රෝහල් අසල විරෝධතා පැවැත්වුහ. රෝහල්වල පවතින ඖෂධ හිඟය, වෛද්‍ය හිඟය සහ අනෙකුත් ගැටලු සඳහා බලධාරීන් වැඩි සැලකිල්ලක් නොදැක්වීම මෙම විරෝධයට හේතුව බව සෞඛ්‍ය සේවකයින් පවසයි. ඒ හේතුවෙන් රෝගීන් ගේ ජීවිත අනතුරුදායක තත්ත්වයක පවතින බව ඔවුන් පවසයි.

සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ඉල්ලා විරෝධතාවක්

සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ඉල්ලා විරෝධතාවක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසකට කඩිනම් විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති රැසක් අද (22)දහවල් සෞඛ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබේ. සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සංවිධාන කර ඇති මෙම විරෝධතාව නම් කර ඇත්තේ ජාතික සෞඛ්‍ය විරෝධතා දිනය ලෙසයි. අද දහවල් 12 සිට එක දක්වා විරෝධතාව පැවැත්වෙනු ඇති. මෙම විරෝධතාවයේ විශේෂත්වය වන්නේ…

parliament-of-sri-lanka

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු වෙයි

පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අනුමැතිය හිමිවිය. පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන්, ඒ සඳහා නාමයෝජනා බාර දුන් අපේක්ෂකයින් මහත් අපහසුතාවයකට පත්ව ඇති බව එම කාරක සභාව පෙන්වා දුන්නේය. එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය…

amangalla-hotel-galle
|

අමන්ගල්ල හෝටලය ලෝකයේ හොඳම හෝටල් අතරට

මෙම වසරේ ලෝකයේ හොඳම හෝටල් 50 අතරින් 38 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමන්ගල්ල හෝටලය සමත් වී ඇත. අමන්ගල්ල හෝටලය ගාල්ලේ පිහිටි සුඛෝපභෝගී හෝටලයකි. ලොව හොඳම හෝටල් 50 ඇකඩමිය විසින් මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කර ඇත.ලෝකය පුරා සිටින හෝටල් හිමිකරුවන් සහ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ වාර්තා කරනු ලබන මාධ්‍යවේදීන් ඇතුළුව හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 580 දෙනෙකු…

Water_Cut

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

ලබන 23 වන සෙනසුරාදා පස්වරු 6.00 සිට 24 වනදා උදෑසන 6.00 දක්වා පැය 12 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒ් අනුව කොළඹ 11, 12, 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන…

gazet
|

අන්තර්ජාලය හරහා සිදුකරන ක්‍රියාකාරකම් රැසක් වැරදි වශයෙන් පනත් කෙටුම්පතකින් ගැසට් කරයි

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ නියමය අනුව, මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, යම් ප්‍රකාශයක් හෝ සිද්ධියක් මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම, තහනම් කාර්යයන් සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණූම් භාවිත කිරීම වැළැක්වීම ඇතුළු කාරණා කිහිපයක් එහි සඳහන් ය. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන…