motor

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් මෙහෙයුමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සියලුම වාහන දුම් සහතිකය නිකුත් කරන මධ්‍යස්ථාන අධීක්ෂණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇත. එම මෙහෙයුම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුබද්ධ පරිසර නිලධාරින් සම්බන්ධ කරගනිමින් සකස් කර ඇත. එහිදී හමුවන අඩුපාඩු සහ නිවැරැදි කිරීම් මාස තුනකට වරක්…

උඩවලවේ ජලාශයෙන් තවදුරටත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක්

උඩවලවේ ජලාශයෙන් තවදුරටත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක්

වලව කලාපයට ඇතිවු දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරටත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව උඩවලව සහ උමාඔය භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, උඩවලව ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා පැවසීය. උඩවලව ජලාශයේ ජලමට්ටම අගොස්තු 03දා වනවිට 1.8% දක්වා අඩුවි ඇති බව පෙන්වාදුන් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ගොවීන්, පානීය ජලය ලබන සාමන්‍ය…

ISIS සංවිධානයේ නායකයා මරුට
|

ISIS සංවිධානයේ නායකයා මරුට

ISIS සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබු අල් හුසේන් ඇතිවු ගැටුම්වලදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එම සංවිධානය සදහන් කරයි. අබු අල් හුසේන් ISIS සංවිධානයේ සිව්වන නායකයා වන අතර හයාට් අල් සීර් නම් තවත් අන්තවාදී සංවිධානයක් සමග ඇතිවු ගැටුමකදී ඔහු මියගොස් ඇත. ISIS සංවිධානයේ නව නායකයා ලෙස අබි හෆ්සාන් අල් හසීම් නම් පුද්ගලයෙක් පත් කර ඇති…

prasanga

ජාතික ගීය ජාතිවාදය කරගන්න හදන පිරිසකට එරෙහිව CID පැමිණිල්ලක්..

උමාරා සිංහවංශ ගෙ ජාතික ගීය මුවාවෙන් ජාතිවාදයක් ඇවිස්සීමට ඇතැම් අය කටයුතු කරන බවට චෝදනා කරමින් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු මහතා සහ නීතිඥ සේනක පෙරේරා යන මහත්වරුන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.. රටේ පවතින දුෂ්කරතා සහ දේශපාලන අස්ථාවරභාවය මධ්‍යයේ රටේ ජාතිවාදය අවුස්සා වෙනත් අරමුණු ඉටුකර ඉටුකරගැනීමට උත්සාහ කරන පිරිසක් සිටින බවට මෙහිදී…

food in a hotel

ජල ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආහාරපාන මිලත් ඉහළට

ජල ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආහාරපාන වර්ගවල ද මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ. එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ ආපනශාලාවල වැඩි ජල පරිභෝජනයක් සිදුවන බැවින් ජල ගාස්තු සංශෝධනය හරහා වැඩිවන මුදල පාරිභෝගිකයින්ගෙන් අය කිරීමට සිදුවන බවයි. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම්…

මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කරයි

මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කරයි

මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ ලක්ෂ 41ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම විහාරස්ථානයේ විදුලි බලය අද (3) විසන්ධි කල බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අප අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු සමුද්‍රනාථ ජයවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතාද මේ බව තහවුරු කළේය. මෙරට තුළ බුදු දහම ස්ථාපිත කිරීමේ කේන්ද්‍රස්ථානය වූ, දළදා වහන්සේ,…

gas

ගෑස් මිල ඉහළ යයිද?

ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල මේ මාසයේ ඉහළ යාමට ඉඩ ඇති බවට ලිට්‍රෝ ගෑස් සමාගම ඉඟි පළ කර තිබේ. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 85කට වඩා ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව මෙම මිල වැඩිවීම…

උමාරා ජාතික ගීය විකෘති කළාද?
|

උමාරා ජාතික ගීය විකෘති කළාද?

උමාරා විසින් ගායනා කළ ජාතික ගීයෙ උච්චාරණය සම්බන්ධව බොහෝ දෙනා බොහෝ මත ඵළ කරලා තිබුණා. ගායනය මගෙ විෂය නිසාත්,ඒ තුළ තවමත් හදාරමින් සිටින නිසාත් මට සැමදා ඒ පිළිබඳ ව ඇති කුතුහලය නිසාත් ,ඒ පිළිබඳ ව ලියන්න හිතුනා. මුලින්ම කියන්න ඕනෙ උමාරා කියන්නෙ කුසලතා පිරි ගායිකාවක් බවත් ඇය ගායනා කළ වස්සානයට,මලකුත් තිබුණා වැනි ගීත මා බෙහෙවින්ම…

පරිභෝජනයට නුසුදුසු මහා පරිමාණයේ ආහාර ද්‍රව්‍ය තොග ගබඩාවක් වටලයි

පරිභෝජනයට නුසුදුසු මහා පරිමාණයේ ආහාර ද්‍රව්‍ය තොග ගබඩාවක් වටලයි

පරිභෝජනයට නුසුදුසු මහා පරිමාණ ආහාර තොග ගබඩාවක් වැටලීමට පාරිභෝගික අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ෂණ ඒකකය සමත්විය. මෝදර ප්‍රදේශයේ තිබු ගබඩාවේ තිබි ප්‍රමිතියෙන් තොර සීනි කිලෝ ග්‍රෑම් 35000ක් සොයා ගන්නා ලදි. එමෙන්ම කල්ඉකුත් වන දිනය වෙනස් කර තිබු ආනයනික සව් කිලෝ ග්‍රෑම් 15000ක් ද මෙහි තිබි සොයා ගන්නා ලදි. ආනයනය කළ පපඩම් තොගයක් සහ පරිභෝජනයට නුසුදුසු…

bandanagara

බන්ධනාගාර රැඳවියන්ගෙන් 60% මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් – බන්ධනාගාර දෙපාර්තමේන්තුව

මෙරට බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගෙන් 60% මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, පසුගිය කාලයේ මෙරට බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 29,000 ක් දක්වා ඉහළ ගිය බවයි. එය මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි සංඛ්‍යාව මෙන් දෙගුණයකි. බන්ධනාගාර රැඳවින්ගේ ආහාර සඳහා පමණක් වාර්ෂිකව රුපියල් බිලියන 5.5 ක්…