රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

2023.03.31 සිට 2023.06.30 දින දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ඒ කල් නිකුත් වූ දිනයේ සිට වසර 02කින් මෙය දීර්ඝ කොට ඇති බවයි.

indeed meaning indeed jobs indeed login indeed employer indeed resume indeed employer login indeed remote jobs indeed jobs near me

‘අස්වැසුම’ අභියාචනා ලක්‍ෂ 4 ක්

‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවූවන්ගෙන් අභියාචනා ලක්‍ෂ 4 කට සහ විරෝධතා 6,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය. ලබන ජුලි 10 වැනිදා දක්වා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැකි බවත් අභියාචනා සහ විරෝධතා සැලකිල්ලට ගෙන ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට රජය කටයුතු කරන බවත් එම මණ්ඩලයට වැඩි දුරටත් සඳහන් කරයි.

එක්දින ලෝක කුසලානයේ තරග කාලසටහන එළි දක්වයි
|

එක්දින ලෝක කුසලානයේ තරග කාලසටහන එළි දක්වයි

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන මේ වන විට නිකුත්කර තිබේ. ඔක්තෝබර් 05 වනදා ඇරඹෙන තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් මස 19 වනදායි. මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පසුගියවර ශූරයින් සහ අනුශූරයින් වන එංගලන්තය සහ නවසීලන්තය පළමුව තරග බිමට පිවිසෙයි. ඉන්දියාවේ දී පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා තරග 48ක් ඇතුළත්.

විථි පහන් නිසා විදුලිය අපතේ යයි

විථි පහන් නිසා විදුලිය අපතේ යයි

සමහර ස්ථානවල සවිකර ඇති විථි පහන් උදැසන අට පමන වන තෙක් දැල්විමත් සමග විශාල වෂයෙන් විදුලිය අපතේ යාමක් සිදු වන බව ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති. මෙම විථි පහාන් දිනපතා සවස හයට පමන දල්වන අතර එම විථි පහාන් බොහෝ දිනවල පසුදා උදැසන අට පමන වන තෙක් දැල්වෙමින් පවතින බවත් මෙම තත්වයන් මත විශාල වශයෙන් විදුලිය අපතේ…

නව ගුවන් හමුදාපති වැඩ බාරගැනීමට සුදානම්

නව ගුවන් හමුදාපති වැඩ බාරගැනීමට සුදානම්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි. එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ දැනට කටයුතු කරන්නේ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේයි. වත්මන් ගුවන් හමුදාපති එයාර්මාෂල් සුදර්ශන් පතිරණ එළඹෙන 30 වනදා විශ්‍රාම යාමට නියමිතව තිබේ. ඒ අනුව මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල්…

bank
|

රජයේ සහ පෞද්ගලික බැංකු පද්ධතියේ ස්ථාවර භාවය ගැන දැනුම්දීමක්

මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41.5ක් බවත් මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක් වසර 05ක් තුළ ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ඇති රජයේ සහ පෞද්ගලික බැංකු ඇතුළු මෙරට බැංකු පද්ධතියේ ස්ථාවර භාවයට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවන බවද ජනාධිපති…

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ටත් රියැදුරු බලපත්‍ර

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ටත් රියැදුරු බලපත්‍ර

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීම අනුමත කිරීමට ප්‍රවාහන වෛද්‍යායතනවල වෛද්‍යවරු එකඟතාව පළ කර තිබේ. හය ලක්ෂයක් පමණ වන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර මෙතෙක් ලබා ගැනීමට නොහැකි වූයේ වෛද්‍යවරුන් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අනුමත කරනු නොලැබීම නිසාය. වෛද්‍යවරුන්ගේ මෙම එකඟතාවද සමග එම පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ලැබෙන නිර්දේශ ඇතුළත් විශේෂ…

රුසියානු මිසයිල ප්‍රහාරයෙන් 40කට වැඩි පිරිසක් රෝහලේ
|

රුසියානු මිසයිල ප්‍රහාරයෙන් 40කට වැඩි පිරිසක් රෝහලේ

යුක්රේනයේ අවන්හලක් සහ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කර රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්‍රේනයේ ක්‍රමටෝර්ස්ක් නගරයට එල්ල වු එම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලින් සිව්දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී අවන්හල තුළ පුද්ගලයින් 80දෙනෙක් පමණ සිට ඇති අතර එයින් 40දෙනෙක් පමණ තුවාල…

mahinda

අස්වැසුම වැඩපිළිවෙළ නිසා ඇති වන ගැටලු වලට විසදුම් දෙන්න

අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටපුරා මතුවී ඇති ගැටලුවලට මැදිහත් වන ලෙස හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රධානීන්ට දැනුම්දී ඇති බව වාර්තා වේ. එමගින් පීඩාවට පත්වී ඇත්තේ දුප්පත්ම, අහිංසක ජනතාව බවත් එම ජනතාව තම පක්ෂයේ ජයග්‍රහණවලදී නිරන්තරයෙන් පෙනී සිටි පිරිසක් බැවින් ඔවුන් අපහසුතාවයට පත් කිරීමට කටයුතු නොකළ යුතු බවද හිටපු අගමැතිවරයා සදහන් කරයි.

slparli
|

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම කල් යයි

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද (27) පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම ලබන සිකුරාදා (30) දක්වා කල් දමා තිබේ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ, ලබන සිකුරාදා පෙරවරු 9.30ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි. එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් ලබන සෙනසුරාදා සහ ඉරිදා දින…