kelani-river

මහ වැස්සට ප‍්‍රදේශ රැසක් යටවේ

ඇදහැලෙන අධික වර්ෂාවත් හේතුවෙන් ගිං ගඟ පිටාර ගලා ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව තිබේ. හිනිදුම, නාගොඩ, නෙලුව, යක්කලමුල්ල, බද්දේගම, තවලම ප්‍රදේශවල පහත්බිම් මෙසේ ජලයෙන් යටව ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවන්නේ මෙම ගංවතුර තව දුරටත් ඉහල යා හැකි බවටයි.

ඩෙංගු අධි අවදානම් කලාප මෙන්න

ඩෙංගු අධි අවදානම් කලාප මෙන්න

ගෙවුණු දින 14 තුළ පමණක් රට පුරා ඩෙංගු රෝගීන් 4,000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.වසරේ මේ දක්වා ගතවූ මාස 5 තුළ පමණක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,000කට අධිකය. මේ දිනවල පවතින වැසි තත්ත්වය එක්ක ඩෙංගු සීඝ්‍ර්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට අද දහවල්…

earthquake in sri lanka
|

ජපානයේ භූකම්පනයක්

ජපානයේ කොසුෂිමා දූපත් කලාපය ආශ්‍රිතව භූකම්පනයක් හටගෙන තිබේ.රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය. කොසුෂිමා දූපත් කලාපයේ හචිජෝජිමා දූපතට යාබඳව එම භූකම්පනය හටගෙන තිබේ. පසුකම්පනය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මෙතෙක් නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත්…

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට නව අවස්ථාවක්

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට නව අවස්ථාවක්

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව වැනි රටවල් සමග තවත් වෙළෙඳ අවස්ථා වැඩි කරගත යුතු බව එරට කන්සර්වේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මැතිව් ඔෆර්ඩ් පවසයි. , ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් එක්සත් රාජධානිය ගිවිසුම්ගතව සහාය දිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාව මුහුණපා සිටින ආර්ථික අර්බුදය හා ඊට එක්සත් රාජධානියෙන් ලබාදෙන ආධාර සම්බන්ධයෙන් වන විශේෂ සැසියක්…

weather

සුළි කුණාටුව දරුණු වෙයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මෝඛා සුළි කුණාටුව” මේ වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙම වසරේ බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගත් පළමු කුණාටුව මෙය වන අතර එහි බලපෑම නිසා ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ වනවිට සුළි කුණාටුව බංග්ලාදේශය දෙසට…

‘අභීත ගිනිසිළුව’ චේ ගුවේරා අත්අඩංගුවට ගත් ජෙනරල් ගැරී මරුට
|

‘අභීත ගිනිසිළුව’ චේ ගුවේරා අත්අඩංගුවට ගත් ජෙනරල් ගැරී මරුට

බොලිවියාවේ බටහිර ප්‍රදේශයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කල ජෙනරල් ගැරී ප්‍රාඩෝ 1967 දී විප්ලවවාදී අර්නස්ට් චේ ගුවෙරා අල්ලාගනු ලැබුවේ ඇමරිකාවේ පුහුණුව ලැබු රේන්ජර් කන්ඩායමක සහයෝගයෙනි. චේ ගුවේරාගේ 120ක් පමණ වූ ගරිල්ලා කණ්ඩායමට සැඟවී සිට පහරදී බොලිවියානු හමුදා රෙජීමය ආරක්ෂා කිරීම නිසා ජෙනරල් ප්‍රාඩෝ ජාතික වීරයෙකු බවට පත්කෙරිණි. එහිදී අත්අඩංගුවට ගත් චේ “බොලිවියාවේ ලා හිගේරා” නම්…

Railway Tracks

දුම්රිය සතියක් වර්ජනයකට යන ලකුණු

අමාත්‍යවරයා සමඟ එළැඹෙන අඟහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, අඟහරුවාදා දින අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ දී යහපත් පිළිතුරක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි. එහිදී නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක් ආරම්භ කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කරයි.

රජය මට බලතල දුන්නොත් ඩෙංගු නවත්තල පෙන්නන්නම්
|

රජය මට බලතල දුන්නොත් ඩෙංගු නවත්තල පෙන්නන්නම්

රජය අවස්ථාවක් ලබා දෙන්නේ නම් සතියක් ඇතුළත ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම අහිතකර වීමට ඉඩ නොදී පාලනය කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. තමා බලයේ සිටියහොත් ඩෙංගු මර්දන ඒකකයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ කතා කරන බවද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කරයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ මර්වින් සිල්වා මහතා… “දැන් වෙලා…

රෝග ලක්ෂණ සමාන උණ වර්ග තුනක් රටපුරා

රෝග ලක්ෂණ සමාන උණ වර්ග තුනක් රටපුරා

මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යන බව වෛද්‍යවරු පවසයි. ඩෙංගු, ඉන්ෆ්ලුවන්සා සහ මී උණ ද ඉතා සීග්‍රයෙන් පැතිර යන බවත් ඒවායේ රෝග ලක්ෂණ සමාන බව ද වෛද්‍යවරු සඳහන් කරයි. හිසරදය, වමනය, ඇඟපත රුදාව සහ තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ මෙම උණ වර්ග තුනේම තිබෙන බවයි වෛද්‍යවරු පවසයි. මේ අතර මෙම උණවර්ග තුනෙන්, ඩෙංගු උණ…

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක්

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක්

මෝසම් වැසි සක්‍රිය වීමත් සමඟ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. පසුගිය මාසයක පමණ කාලය තුළ මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් වැඩිවීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දුන්නේ. මේ අතර දැනට පවතින ඩෙංගු ව්‍යාප්තිය මෙලෙසම පැවතිහොත් ඉදිරි මාස දෙකක කාලය රටට…