ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

අප්‍රේල් මස (11) වනදා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයෙන් ලක්ෂ 50ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කරයි. ශ්‍රී ලංකා මහ බැංකු අභ්‍යන්තර සුරක්ෂිතාගාරයක තිබූ ලක්ෂ 50ක වටිනාකමකින් යුතු රුපියල් 5000‍ නෝට්ටු බණ්ඩලයක් මෙලෙස අඩුවී ඇති බවද මහ බැංකුව නිකුත් කල නිවේදනය සඳහන්ව ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව විමර්ශන කටයුතු දැඩිව…

police

පානදුර පොලිස් කොට්ඨාසයට විශේෂ පොලිස් ආරක්ෂාවක්

පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් තුනක පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන 23 ක් සහ පොදු ස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව පානදුර කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී (වෙනුවට වැඩබලන) සහකාර පොලිස් අධිකාරීවරයා පවසයි. පානදුර පොලිස් වසමේ පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන දාහතරක්, පානදුර දකුණ පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන තුනක් සහ පානදුර උතුර පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන හයක්…

election
|

පළාත් පාලන මැතිවරණය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක්

පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනි දා නොපැවැත්වෙන අතර එම මැතිවරණය භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කරන දිනක පවත්වන බව සඳහන් කරමින් දිස්ත්‍රික් තේරීම්බාර නිළධාරීන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරනු ලබන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන දිනය හෝ දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක්

ළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක් 2025 වසරට පෙර නිම කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ මෙම වසර තුළ සංවර්ධන සැලසුම් 21ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි. කුරුවිට සංවර්ධන සැලසුම් පසුගිය මාර්තු මාසයේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර පැල්මඩුල්ල-කහවත්ත සංවර්ධන සැලසුම් ඉදිරි සතියේදී…

නිව්යෝර්ක් නගරය යළිත් ලොව ධනවත්ම නගරය වෙයි
| |

නිව්යෝර්ක් නගරය යළිත් ලොව ධනවත්ම නගරය වෙයි

අමෙරිකාවේ නිව්යොර්ක් නගරය ලොව ධනවත්ම නගරය බවට යළිත් වරක් පත්ව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිලියනපතියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කර ඇති බවයි. 2023 වර්ෂයේ දී ද එහි පළමු තැනට පත්ව ඇති නිව්යෝර්ක් නගරයේ මිලියනපතියන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා තිබේ. මිලියනපතියන් 340,000ක් එම නගරයේ වෙසෙන අතර එහි බිලියනපතියන් සංඛ්‍යාව 58ක් බව…

රඹුක්කන පොලිස් වෙඩි තැබීම ගැන මානව හිමිකම් කොමිසමේ නිර්දේශ පොලිස්පතිට

රඹුක්කන පොලිස් වෙඩි තැබීම ගැන මානව හිමිකම් කොමිසමේ නිර්දේශ පොලිස්පතිට

රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවක් අතර පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සිදු කළ පරීක්ෂණයේ අවසන් නිර්දේශය පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ. පසුගිය 2022 වසරේ අප්‍රේල් මස 19 වනදා සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ පරීක්ෂණයේ නිර්දේශ පොලිස්පතිවරයා වෙත භාරදෙනු ලැබුවේ ඊයේ (18) දිනයේදීයි. ශ්‍රී ලංකා මානව හිමිකම්…

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ගැන කරුණු විමසීමට,හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ගැන කරුණු විමසීමට,හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට

හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (19) පෙරවරු 9ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‌‌ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, ඔහු කළ ප්‍රකාශයක් පිළිබඳව විමසීමට මෙම කැඳවීම කර ඇති බවයි. 2021 වසරේ මැයි මස 17 වැනිදා හිටපු…

අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
|

අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජය ගනිමිනි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 591ක් රැස් කරගෙන සිටියදී, සිය පළමු ඉණිම අත්හිටවනු ලැබීය. පළමු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණූ 143…

20 සිට ගෝල්ෆේස් පිටියට සීමා

20 සිට ගෝල්ෆේස් පිටියට සීමා

දේශපාලන රැස්වීම්, සංගීත සංදර්ශන හෝ වෙනත් කටයුතු සඳහා ගාලු මුවදොර පිටිය භාවිතා කිරීමට අවසර ලබා නොදී සිටීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව එය අනිද්දා (20) සිට බලපැවැත්වෙනු ඇති අතර ජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලු මුවදොර භාවිතා කළ හැකි ය. ඊට අමතරව එහි පැවැත්විය හැක්කේ ආගමික කටයුතු පමණක් වන අතර ගාලු…

උෂ්ණත්වයේ ඉහළ යාම මැයි මස අග දක්වා

උෂ්ණත්වයේ ඉහළ යාම මැයි මස අග දක්වා

උෂ්ණත්වයේ ඉහළ යාම මැයි මස අග දක්වා අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ශිරෝමනි ජයවර්ධන සඳහන් කළේ වර්ෂාව සමඟ එම තත්ත්වයේ අඩුවීමක් තිබුණද එය තාවකාලික බවයි. මේ අතර අද (18) කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, අනුරාධපුර, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව…