පාස්කු දිනය අදයි
|

පාස්කු දිනය අදයි

මුළු මහත් කතෝලික ජනතාව මහත් බැතියෙන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය අදයි. ඒ අනුව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කරමින් උත්ථානය ලැබීම සැමරීම ඇතුළු තවත් සැමරීම් කිහිපයක් අද දිනයේ සිදු කරන බවයි ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමන් පැවසුවේ. පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සත්‍ය කරුණු හෙළි නොවීම හා එහි වින්දිතයින්ට සාධාරණයක්…

Water_Cut

අද(09) ප්‍රදේශ රැසකට ජලය සැපයීමට බාධා

අද (09) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට දහවල් 12.00 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි. ඒ කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශ සදහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවද ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි. එම කාලය…

අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි මිල 40%කින් ඉහළට

අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි මිල 40%කින් ඉහළට

පසුගිය දෙසැම්බර් උත්සව සමයට සාපේක්ෂව මෙම අලුත් අවුරුදු සමයේදී ගිනිකෙළි මිල 40%කින් පමණ ඉහළ ගොස් තිබේ. පාරිභෝගිකයින් පවසන්නේ, වෙළෙඳපොළේ සෙසු ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් ඇතුළු භාණ්ඩ මිලද සැළකිය යුතු ඉහළ ගොස් ඇති බවයි. මේ අතර වෙළෙඳපොළ තුළ සෑම භාණ්ඩයකම මිල දෙසැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර,  ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්ව ඇතත් එහි…

kasalre

කාසල්රි ජලාශයේ ජල මට්ටම ඉහළට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල සවස් කාලයේ පවතින දැඩි වර්ෂවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. පසු ගිය දිනවලදි මෙම ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්වයන් මත මෙම ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහල බැස තිබුනද මේ වන විට පවතින වැසි තත්වයන් මත ජලාශයේ ජල…

eggs

ඉන්දීය බිත්තර බේකරිවලට

ඉන්දියාවෙන් අනයනය කරන ලද දෙවන බිත්තර ලක්ෂ 10ක තොගය අද බේකරි සඳහා නිදහස් කිරීමට හැකිවනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසයි. එම බිත්තර සාම්පල පරීක්ෂණ වාර්තා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් අද ලබා දීමට නියමිතව ඇති බව ද ඒ මහතා සදහන් කළේය. ඉන්දියාවෙන් ආනයනය කරන ලද දෙවන බිත්තර…

water-bill

රාජ්‍ය කාර්යාල දහසකට අධික සංඛ්‍යාවක් පානීය ජල බිලට පොලු තියයි

රාජ්‍ය කාර්යාල දහසකට අධික සංඛ්‍යාවක් පානීය ජලය වෙනුවෙන් ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි හැත්තෑවකට වැඩි හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අනුව හිඟ බිල්පත් නොගෙවු සියලුම රාජ්‍ය ආයතනවල බිල්පත්වලින් සියයට 2.5 ක අධිභාරයක්( දඩයක්) මේ මස මුල් සතියේ සිට අයකිරීමට එම මණ්ඩලය තීරණය කර ඇත. මෙසේ හිඟ…

ol-exam

විශ්වවිද්‍යාල ආචාර්යවරු දැඩි තීරණයක

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බී. එම්. එච්. එස්. කේ. බස්නායක මහතා පෙන්වා දෙන්නේ, රජය විසින් පනවා ඇති අත්තනෝමතික බදු ප්‍රතිපත්තියෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ද දැඩි පීඩාවට පත්ව සිටින බවයි. තම ඉල්ලීම් වෙනුවෙන් මොනයම් හෝ සහනයක් ලබා දෙන තුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලට එක් නොවන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. එම…

sinhala news 24

පදික වෙළඳුන්ට හැදුනුම්පතක්

පදික වෙළෙඳුන් සඳහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසා ඇත්තේ උත්සව සමයේදී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළෙඳාම් කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බවයි. සාකච්ඡාවලින් අනතුරුව, උත්සව සමය වෙනුවෙන් මහජනතාවට අවහිරයක් නොවන ලෙස භාණ්ඩ අලෙවි…

24 hours sinhala news beta version

ජගත් කාන්තා කොමිසමට ශ්‍රී ලංකාවත්

එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසම සඳහා ශ්‍රී ලංකාව ද තේරී පත්වී ඇත. ඒ පසුගියදා නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිල රැස්වීමේදීයි. 2024 සිට 2028 දක්වා කාලය තුළ මෙම පත්කිරීම සිදුකර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ. 1946 දී පිහිටුවන ලද රටවල් 45 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසමට තේරී පත් වූ අනෙකුත්…

PHI නිලධාරීන් උත්සව සමයේ වැඩ අල්ලයි

PHI නිලධාරීන් උත්සව සමයේ වැඩ අල්ලයි

උත්සව සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළඳසැල් හඳුනාගැනීම සඳහා අප්‍රේල් 25 වැනිදා දක්වා වැටලීම් සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපල් රෝහණ මහතා පැවසුවේ ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3200ක් පමණ යොදවා ඇති බවයි.