වෙනස නව සන්ධානය ජනගත වෙයි
| |

වෙනස නව සන්ධානය ජනගත වෙයි

ජන අරගලයෙන් බිහිවූ දේශපාලන සංවිධාන හා සිවිල් සංවිධාන සහ අරගලයේ පාර්ශවකරුවන් වූ සිවිල් පුරවැසියන් විශාල ප්‍රමාණයක සහභාගිත්වයෙන් වෙනස නව සන්ධානය ගිවිසුම්ගතවීම හා ජනගත කිරීමේ උත්සවය ඊයේ (12) සිදු කෙරුණා. ඒ, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දීයි. ජීවන ක්‍රමය හා සංස්කෘතිය යහපත් ලෙස වෙනස් කිරීම, ජනතාවගේ දේශපාලන, ආර්ථික, සමාජයීය, සාක්ෂරතාවය දියුණු කිරීම තුළින් සතුටින් ජීවත් වන ජනතාවක් සිටින…

කොන්ත්‍රාත්කරුවන්ට වරෙන්තු
|

කොන්ත්‍රාත්කරුවන්ට වරෙන්තු

තුර්කියට ඉකුත් සඳුදා බලපෑ භූ කම්පනය හමුවේ කඩා වැටුණු ගොඩගැනිලි ඉදිකළ කොන්ත්‍රාත්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව වරෙන්තු 113 ක් මේවනවිට නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එලෙස වරෙන්තු නිකුත් කෙරුණූ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු 12 දෙනෙකු මේවනවිටත් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පොලීසිය සඳහන් කරයි. පැවැති රජයන් යටතේ…

train-strike

දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කෙරේ

අද (13) දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි. දුම්රිය රියදුරන්ගේ වෘත්තීයමය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත. අවලංගු කළ දුම්රිය අතර කාර්‍යාලීය දුම්රිය ද ඇතුළත් වී තිබෙයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවයි
|

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය සිදුවී මේ වනවිට (13) දින හතක් ගතව තිබෙනවා. කෙසේ වෙතත් තවදුරටත් ගළවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර නැහැ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මේ වනවිට මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අවසන් වරට නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්‍යාව 50,000 ඉක්මවනු ඇති බවටයි.

oil

ආගමික නායකයන්ට නොමිලේ දුන් ඉන්ධන අත්හිටුවයි

පසුගිය රජය කාලයේ ආගමික නායකයන් 140 දෙනකුට ලබා දුන් වාහන වලට ඉන්ධන ලබා දීම පසුගිය සතියේ සිට අත්හිටුවා ඇත. මෙම වාහන ලිඛිත පැවරීම කින් තොරව පාවිච්චි සඳහා ලබා දී ඇති අතර මසකට ඉන්ධන ලීටර් 250 රජය මගින් සැපයූ බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය. ඉන්ධන ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇති අතර වාහන පවරා ගැනීමක් සම්බන්ධයෙන් මෙතෙක්…

මෙරට රා ජාත්‍යන්තරයට රැගෙන යාමට සැලසුම්

මෙරට රා ජාත්‍යන්තරයට රැගෙන යාමට සැලසුම්

මෙරට රා ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. විදේශ විනිමය අර්බුදයක් පවතින අවස්ථාවේ මෙරට ස්වභාවික රා සඳහා ජාත්‍යන්තර වෙළඳපොලේ පවතින ඉල්ලුම වාසි සහගත බවයි. එසේම, කෘතිම රා නිෂ්පාදනය හේතුවෙන් කර්මාන්තයට එල්ල වී ඇති බරපතළ තර්ජනය ඉවත් කිරීම සඳහා ස්වභාවික රා නිෂ්පාදනය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා…

මන්ත්‍රී සෙල්වරාසා  ඇතුළු 18 දෙනාට අධිකරණය දුන් තීන්දුව

මන්ත්‍රී සෙල්වරාසා  ඇතුළු 18 දෙනාට අධිකරණය දුන් තීන්දුව

අධිකරණ නියෝග නොතකා අධිආරක්ෂිත කලාපයකට පිවිස විරෝධතාවයේ නිරතවීම ඇතුළු චෝදනා මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇප මත මුදා හැර තිබේ. යාපනය ප්‍රදේශයේ විරෝධතා නොපවත්වන ලෙසට අධිකරණ නියෝගයක් පනවා තිබියදී මෙම පිරිස කළහකාරීව හැසිරෙමින් ඊයේ විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබිණි. ඊයේ (11) රාත්‍රියේ යාපනය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුවන්ට…

earthque

වැල්ලවාය නගරයේ තවත් සුළු භූ කම්පනයක්

වැල්ලවාය ප්‍රදේශයේ අද (11) තවත් සුළු භූ කම්පනයක් සිදු වී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, අද අලුයම 3:48 පමණ එම කම්පනය සිදු වී ඇති බව ය. එහි විශාලත්වය රික්ටර් මාපක 2.3ක් ලෙස සටහන් වී ඇති බව ද එම කාර්යාංශය පැවසීය. වැල්ලවාය නගරයේ නැගෙනහිර ප්‍රදේශය එහි අපි කේන්ද්‍රය ලෙස සටහන් වී තිබේ….

food

ජනගහණයෙන් 35% ක් ආහාර වේල් ප්‍රමාණය අඩු කරයි

ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 35 ක් තමන් ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ නවතම දෙසැම්බර් සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත. ගම්බද ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ පවුල් 10 න් 9 ක්ද වතුකරයේ පවුල් 10 න් 8 ක්ද දිනපතා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී දුෂ්කරතා වලට මුහුණ දෙන බවත් එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට…

e news paper

ඡන්දය ගැන තීරණාත්මක නඩු තුනක් අද විභාගයට

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයේ ගොනුකර ඇති නඩු තුනක් අද දිනයේ විභාගය ගැනීමට නියමිතව තිබේ. ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම ප්‍රකාශයට පත් කරන ලෙසට අදාළ නඩු දෙකක් සහ මැතිවරණය පැවැත්විම කල් දමන ලෙස ගොනුකර ඇති නඩුවක් එලෙස අද දිනයේ විභාගයට ගැනෙන බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ. අධිකරණය ලබාදෙන තීන්දුව අනුව මැතිවරණය පැවැත්වීමට…