weather

මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්

අද (31) දිනයේ දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ. ගිනිකොණ දිග හා නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය, හෙට උදෑසන වන වට මෙරට වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එහි බලපෑමෙන් නැගෙනහිර, ඌව සහ…

lawyers

මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමක්

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලයේ සභාපති සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වග උත්තකරකරුවන් ලෙස නම්කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

ව්‍යවස්ථා සභාව අද යළි රැස්වෙයි

ව්‍යවස්ථා සභාව අද යළි රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (30) රැස්වීමට නියමිතව තිබේ. අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 25 වනදා පළමු වරට රැස් වූ අතර ඊට එම සභාව නියෝජනය කරන සාමාජිකයින් 9 දෙනෙකු පමණක් සහභාගී වී තිබුණි. මේ දක්වාත් සුළු පක්ෂ නියෝජනය කරන…

gossip hot news sri lanka
|

උපාධිධාරීන්ට ගුරු පත්වීම් – අයැදුම් කරන්නේ මෙහෙමයි

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් 26,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අයැදුම්පත් කැඳවා තිබේ. 2018, 2019, 2020 යන කාල පරිච්ඡේද තුළදී රාජ්‍ය සේවයට එක්වූ සංවර්ධන නිලධාරීන් ඇතුළු අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ගෙන් එසේ අයැදුම්පත් කැඳවා තිබේ. ලැබෙන අයැදුම්පත් සංඛ්‍යාව පිළිබඳව අවධානය යොමු කරමින් ලබන මාර්තු මාසයේදී දීප ව්‍යාප්ත මට්ටමින් මෙම බඳවා ගැනීමේ…

වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ හමුවක් අද

වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ හමුවක් අද

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද (30)පැවැත්වෙයි. ඒ, රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් මත 6% සිට 36% දක්වා බදු අයකරන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නැයි බලකරමින් පසුගිය සතියේ ක්‍රියාත්මක කළ කළු විරෝධතා සතියේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ය. වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක…

eggs

බිත්තර ආනයනයට අවසර නොලැබෙයි

තවදුරටත් කුරුළු උණ වාර්තා වන බැවින් බිත්තර ආනයනයට අවසර ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට දැනුම් දී තිබේ. සෞඛ්‍ය උපදේශන කමිටු වාර්තාව ඉදිරිපත් කර ඇති පර්යේෂණ දත්ත අනුව ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට තාක්ෂණික අනුමැතියක් ලබාදිය නොහැකි බව ඇය පවසා ඇත. සෞඛ්‍ය උපදේශන…

mathiwarana komisin sabawa

මැතිවරණ කොමිසම ගැන ව්‍යවස්ථා සභාවෙන් ප්‍රකාශයක්

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි. මේ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දුන් පසු සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ‍ය.

power-cut

විදුලිය කැපුවොත් මණ්ඩලය නීතිය ඉදිරියට

මෙම කාලසීමාවේදී අඛණ්ඩ විදුලි සැපයුම කෙරෙහි ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ ඇමතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා අද (28) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, එකඟවූ පරිදි අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට අසමත් වූවහොත් විදුලිබල මණ්ඩලය නීතිය ඉදිරියට ගෙනයන බවය.

මෙට්රෝ දුම්රිය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට අවධානය

මෙට්රෝ දුම්රිය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට අවධානය

කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කිලෝමීටර 41ක දුරක් කුළුණු මත ඉදිකිරීමට යෝජිත මෙට්රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට කඩිනමින් යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ. කොළඹ වරාය…

ranil-wickramasighe
|

නිදහස් සැමරුම්වලට ජනපතිගෙන් කොන්දේසියක්

75වන නිදහස් දින සැමරුම් උත්සවය සඳහා අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා ප්‍රායෝගිකව වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශවවලට අද උපදෙස් ලබා දෙන ලදි. දේශපාලන අධිකාරිය මෙන්ම නිලධාරීන්ගේ ද ඊට අනුගතව වියදම් අවම කර ගනිමින් කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඒ, නිදහස් දින…