ගාලු මුවදොර ආශ්‍රිතව අද (31) දිනයේ විශේෂ රථවාහන සැලැස්මක්
|

ගාලු මුවදොර ආශ්‍රිතව අද (31) දිනයේ විශේෂ රථවාහන සැලැස්මක්

ගාලුමුවදොර පරිශ්‍රය ආශ්‍රිතව අද (31) දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙනවා. පෞද්ගලික රථ, ගාල් කිරීම සඳහා ස්ථාන වෙන්කර ඇති අතර එම අනුමත ස්ථාන වලින් තොරව වාහන නතර කර තබන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලීසිය අවධාරණය කළේ. කොටුව, කොම්පඤ්ඤවීථිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුදුවත්ත යන ප්‍රදේශ ආශ්‍රිතව ද රථවාහන සැළැස්ම ක්‍රියාත්මකයි.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
|

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කිසියම් පුද්ගලයෙකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස ඇති බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද සඳහන් කළේ. මේ වනවිට එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා…

A cyber attack on Shreya Ghoshal's X account
|

පොලිස් නිල YouTube නාලිකාවට සයිබර් ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොලීසියේ නිල යූටියුබ් නාලිකාව සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ වන විට නාලිකාවේ පාලනය සම්පූර්ණයෙන් පරිපාලකයින් අතින් ගිලිහී ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. ඊයේ(30) රාත්‍රියේ මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්. සිය මුහුණු පොතේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුමේ මේ වන විට එය කඩිනමින් යථාවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින…

police
|

අද සිට දින 3ක් කොළඹ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

අද(31) සිට ලබන 2 වැනි දා දක්වා කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, පොලිස් නිලධාරීන් 6000කට අධික පිරිසක් ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති බවයි. පොලිස් නිලධාරීන්ට අමතරව රාජ්‍ය බුද්ධි නිලධාරීන් ද ඒ සඳහා යොදවා තිබේ. නව වසරේ උදාවත් සමග ජනතාව කොළඹ සහ…

www.dailyreporter.lk
|

එළවළු මිලෙහි දැවැන්ත වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ උඩරට සහ පහතරට එළවළු මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. වෙළඳුන් සඳහන් කළේ රුපියල් 160ක සිල්ලර මිලකට පැවති වට්ටක්කා කිලෝවක් මේ වන විට 300ත් 400ත් අතර මිලකට අලෙවි වන බවයි. එමෙන්ම අනෙක් සෑම වර්ගයේ එළවළු කිලෝවක් රුපියල් 500ත් 800ත් අතර මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.

electionns
|

ඉදරි ඡන්දවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තීරණයක්

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සහ අනෙකුත් සුදුසුකම් පිළිබඳ පක්ෂ නායකයන් විසින් සොයා බැලිය යුතු බවට යෝජනාවක් ගෙන ඒමට සිවිල් සංවිධාන හා මැතිවරණ නිරීක්ෂණ ආයතනවල අවධානය යොමුවී තිබෙනවා. එම සංවිධාන සඳහන් කළේ පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් ලෙස තේරී පත්වන ඇතැම් පුද්ගලයන් විවිධ අපරාධවලට සම්බන්ධ වීම සහ අධ්‍යාපන සුදුසුකමක් නොමැති වීම රටේ දේශපාලනය…

විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත් කරයි
|

විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත් කරයි

ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.ඒ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස්ගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයකින්. ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල විශ්‍රාම වැටුප් 10 වනදාට ලබාදීමට තීරණය කර තිබේ.එමෙන්ම අප්‍රේල්, මැයි, ජුනි හා ජූලි යන මාසවල විශ්‍රාම වැටුප් 9 වනදා ලබාදෙන බව එම චක්‍රලේඛයේ සඳහන්. එම චක්‍රලේඛයේ…

පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීම සඳහා නව පෝරමයක්!
|

පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීම සඳහා නව පෝරමයක්!

පොලිස්පති නිල කාර්‍යාලයෙන් ඉකුත් දෙසැම්බර් පළමු දා සියලුම ජෙය්ෂ්ඨ නියෝජය පොලිස්පතිවරුන්, නියෝජය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන්, කොට්ඨාශ භාර නිලධාරීන්, දිස්ත්‍රික්ක භාර නිලධාරීන් හා මූ.පො.ප/ ස්ථානාධිපතිවරුන් හට පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීම සඳහා නව පෝරමයක් හඳුන්වා දී ඇත. ඒ අනුව මහජනතාව විසින් පොලිස් ස්ථාන සහ අදාල ක්‍රියාකාරි කොට්ඨාස වෙතින් පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීමේ දී සහ ලබා ගැනීමට…

අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්
|

අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙස හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඔහු පැවසුවේ ලුණු හිඟයක් පිළිබඳ මේ වන විට කතා බහක් නිර්මාණය වී ඇතැයිද මේ හේතුවෙන් ජනතාව බියට පත් වී ලුණු තොග වශයෙන් නිවෙස් වෙත ගෙන ගොස් තැන්පත් කර ගැනීම් සිදුකරන බවය. ඔහු මෙම අදහස්…

අද කාලගුණය
|

අද කාලගුණය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ වැසි වාර  කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු…