නවක මන්ත්රීවරුනට අද සිට දින 03ක වැඩමුළුවක්
මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ සියලුම මන්ත්‍රිවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් අද (25) සිට දින 03 ක කාලයක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව, පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී මෙම වැඩමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ. නව පාර්ලිමේන්තුවක් ආරම්භයේ සම්ප්රදායිකව සිදුකරනු ලබන කටයුත්තක් ලෙස මෙම වැඩමුළුව මෙවරද සංවිධාන කර තිබේ.