අවධිමත් ශ්‍රම බලකාය පිලිබදව මැතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයකු අවධානය යොමු කර නැහැ – කේ. මෛයිත්‍රිලි
|

අවධිමත් ශ්‍රම බලකාය පිලිබදව මැතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයකු අවධානය යොමු කර නැහැ – කේ. මෛයිත්‍රිලි

මේ රටේ අවධිමත් ශ්‍රම බලකාය පිලිබදව මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයකු අවධානය යොමු කර නැති බව ප්‍රොටෙක් සංගමයේ සභාපති කේ. මෛයිත්‍රිලි මහත්මිය පවසයි. හැටන් ප්‍රොටෙක්ට් සංගම් කාර්යාලයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පැවසු කේ. මෛයිත්‍රිලි මහත්මිය වැඩි දුරටත් මෙසේද පවසන ලදි. අද ජනාධිපති මැතිවරණ වේදිකාවලදි ජනාධිපතිධුර අපේක්ෂයන් විවිධ පොරෝන්දු ලබා දෙනවා එත් මේ…

වතුකර ජනතාවගේ ඡන්දය නිසි ලෙස භාවිතා කිරිම පිලිබදව දැනුවත් කිරිමක්
|

වතුකර ජනතාවගේ ඡන්දය නිසි ලෙස භාවිතා කිරිම පිලිබදව දැනුවත් කිරිමක්

මෙවර ජනාධිපති මැතිවරණයේදි වතුකර ජනතාවගේ ඡන්දය නිසි ලෙස භාවිතා කිරිම පිලිබදව වතුකර ජනතාව දැනුවත් කිරිමේ අරමුණ මත වතුකරයේ පෙර පාසල් ගුරුවරියන් සිය දෙනකු දැනුවත් කර ඔවුන් හරහා වතු කර ජනතාව දැනුවත් කිරිමට පියවර ගන්නා බව ප්‍රිඩෝ ආයතනයේ විධායක අධ්‍යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි. ප්‍රිඩෝ ආයතනයේ කොටගල කාර්යාලයේදි පැවති පුහුණු වැඩ සටහන පිලිබදව අදහස් දැක්වු මයිකල්…

නූතන පරපුරේ Gen Z පැතුම් සිහින නරඹන හැත්තෑ පස් වියැති ජනපති රනිල්
|

නූතන පරපුරේ Gen Z පැතුම් සිහින නරඹන හැත්තෑ පස් වියැති ජනපති රනිල්

ඉසෙඩ් පරපුරේ කතිකාව ( Generation Z) මතු කරමින් තරුණ තරුණ තරුණියන් ගේ අදහස් රාජ්‍ය පාලනය සඳහා යොදා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.වත්මන් සමාජයට තවමත් එතරම් හුරු පුරුදු නොමැති මේ ඉසෙඩ් පරපුරේ කතාව ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉකුත් 30 දා පෙරවරුවේ මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” තරුණ සමුළුව අමතමිනි.එම ඉසෙඩ්…

exam results 2020 grade 5
|

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කිරීමට අවශ්‍යනම් ඒ සඳහා මෙම මස 09 වැනිදා දක්වා මාර්ගගතව පහසුකම් සලසා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විභාග අයදුම්කරුවන්ගේ නාම ලේඛන විදුහල්පතිවරුන් වෙත තැපැල් මගින් යවා තිබෙන බවත් මෙතෙක් එම ලේඛන ලැබී නොමැති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ www.onlineexams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිසීමෙන් නාම ලේඛන බාගත කර…

කඳ සුරිඳුන් ජීවමානවම අපේක්ෂා රෝහලට වැඩම කරන වගයි
|

කඳ සුරිඳුන් ජීවමානවම අපේක්ෂා රෝහලට වැඩම කරන වගයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අරමුදලින් මහරගම අපේක්‍ෂා රෝහලේ ඉදි කෙරෙන සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය අද (03) පෙරවරු නවයට විවෘත කිරීමට නියමිත ය.මහල් හතරකින් සමන්විත මෙම වාට්ටු සංකීර්ණය වර්ග අඩි 26,000 ක ගොඩනැඟිල්ලකි. මෙහි මහල් දෙකක රෝගී දරුවන් 76 දෙනකුට අවශ්‍ය සුවපහසු ඇඳන්, නවීන සනීපාරක්ෂක උපකරණ සහිත වැසිකිළි කැසිකිළි පහසුකම්, දරුවන්ගේ දෙමව්පියන් සඳහා වැසිකිළි…

ජපානයේ අධික පිරිසක් නිවෙස් තුළම මියගිය බවට වාර්තාවක්
|

ජපානයේ අධික පිරිසක් නිවෙස් තුළම මියගිය බවට වාර්තාවක්

2024 වසරේ පළමු භාගය තුළ ජපානයේ 40,000 කට ආසන්න පිරිසක් ඔවුන්ගේ නිවෙස් තුළ පමණක් මිය ගිය බව එරට පොලිසියේ වාර්තාවක් පෙන්වාදී තිබේ. එම සංඛ්‍යාවෙන්, පුද්ගලයන් 4,000 කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන් මිය ගොස් මාසයකට වැඩි කාලයකට පසුව සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවද මළ සිරුරු 130 ක් සොයා ගැනීමට පෙර, ඒවා වසරකට පෙර අතුරුදහන්…

ළමයින් ලක්ෂ 6 කට වැඩි ගණනකට පෝලියෝ එන්නත
| |

ළමයින් ලක්ෂ 6 කට වැඩි ගණනකට පෝලියෝ එන්නත

ගාසා තීරයේ රැඳී සිටින ළමුන් සදහා පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව එන්නත් 640,000 ලබාදීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්’තා වල දැක්වෙයි. මෙම එන්නත් ලබාදීම සදහා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ද ප්‍රකාශයට පත්කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එන්නත් ලබාදීමේ වැඩසටහන ඵලදායී…

අර්බුද මැද පවත්වන ජනාධිපතිවරණය – ලයනල් බෝපගේ මෙරට අනාගතය රැක ගැනීම ඉදිරි ජනාධිපතිවරණය වේදිකාවක් ලෙස යොදා ගැනීමට ඡන්දදායකයින්ට දැන් කාලය පැමිණ ඇත
|

අර්බුද මැද පවත්වන ජනාධිපතිවරණය – ලයනල් බෝපගේ

මෙරට අනාගතය රැක ගැනීම ඉදිරි ජනාධිපතිවරණය වේදිකාවක් ලෙස යොදා ගැනීමට ඡන්දදායකයින්ට දැන් කාලය පැමිණ ඇත

සර්ව ජන ඡන්ද බලය ජාතියක දේශපාලන පසුබිම හැඩ ගැස්වීමේ දී ඉතා වැදගත් වේ. ඡන්ද පොලේ දී ගනු ලබන තීරණ අපගේ ජීවිත සහ අනාගතය හැඩ ගස්වන ප්‍රතිපත්තිවලට මඟ පෙන්වමින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල හරය වශයෙන් පවතී. කෙසේ වෙතත්, ඡන්දදායකයින් විසින් කරන ලද තෝරා ගැනීම් දේශපාලන බැඳියාවන්, අපේක්ෂක ගුණාංග, ප්‍රතිපත්තිමය ස්ථාවර, සමාජ ආර්ථික තරාතිරම, සමාජයීය ආභාෂයන් සහ මාධ්‍ය බලපෑම…

යුක්‍රේනයෙන් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරයි
| |

යුක්‍රේනයෙන් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරයි

යුක්‍රේනය – රුසියාවට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර රැසකින් රුසියානු බලශක්ති බලාගාර දෙකක ගින්නක් හටගෙන තිබේ.රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, යුක්‍රේනියානු ඩ්‍රෝන යානා 158 කට වැඩි ප්‍රමාණයක් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වෙයි. රුසියානු හමුදාව කියා සිටින්නේ එම ඩ්‍රෝන යානා විනාශ කළ බවයි.නමුත් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස මොස්කව්හි තෙල්…

හැටන් ප්‍රදේශයේ රිය ධාවනය කරන්නන්ට පොලීසියෙන් ඉල්ලීමක්
|

හැටන් ප්‍රදේශයේ රිය ධාවනය කරන්නන්ට පොලීසියෙන් ඉල්ලීමක්

ථ වාහන අනතුරු ඇති වීමේ අවධානමක් හට ගෙන ඇති බව හැටන් පොලීසිය ප්‍රකාශ කර සිටියි. මේ තත්ත්වයන් මත මෙම ප්‍රදේශයේ විවිධ රථ වාහන අනතුරු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බැවින් මෙම දේශගුණ තත්ත්වයන් පිළිබඳව දැඩි අවදානයක් යොමු කරන ලෙස හැටන් පොලීසිය එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම රථ වාහන ධාවනය කිරීමේදී ඉතාමත් කල්පනාකාරීව…