සීගිරියේ රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම මාධ්‍යයට කී පුද්ගලයාට මැර ප්‍රහාරයක්

සීගිරියේ රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම මාධ්‍යයට කී පුද්ගලයාට මැර ප්‍රහාරයක්

දඹුල්ල වෑවල වැව, සීගිරිය අලකොළවැව, ප්‍රදේශවල රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම් පිළිබඳව මාධ්‍යයට තොරතුරු ලබා දුන්නැයි චෝදනා කරමින් ගොවියෙකුට බරපතළ ලෙස පහරදී ඇති බව දඹුල්ල පොල්සිය පවසයි. මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ, දඹුල්ල, වෑවල වැව, අලකොළවැව ප්‍රදේශයේ පදිංචි ඒ.ජී. දිසානායක නොහොත් ප්‍රදේශයේ බොහෝ දෙනා හඳුනන බණ්ඩා මාමා නමැති අයෙකු මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින්…

govi

කෘෂිකර්ම උපදේශකවරුන් හිතු මතේට මාරු කරයි

පොලොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල කෘෂි ව්‍යාප්ති සේවාව විධිමත්ව පවත්වාගෙන ගිය කෘෂිකර්ම උපදේශකවරුන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ගේ හිතු මතේට මාරු කරමින් සිටින බවත් පොලොන්නරුව දිස්ත්‍රික්කයට අවශ්‍ය කෘෂිකර්ම උපදේශකවරුන් සංඛ්‍යාව 44ක් වුවත් සේවයේ යෙදී සිටින්නේ 23 දෙනෙකු බවත් එම නිලධාරින් ද මේ වන විට විවිධ ස්ථානවලට මාරු කරමින් තිබෙන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ව්‍යාපාර ගොවි සංවිධාන එකමුතුව…

rice

මිල පාලනයට සහල් ආනයනය කරයි

ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහා සහල් ආනයනය කරන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික දිනය ඊයේට (15) යෙදීම නිමිත්තෙන් නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඊට අදාළ කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා තමන් ඉදිරිපත් වන බවත් කොවිඩ් නිසා පීඩාවට පත්ව සිටින…

වන විනාශ අවදානමක් ඇති ප්‍රදේශවලට STF කඳවුරු

වන විනාශ අවදානමක් ඇති ප්‍රදේශවලට STF කඳවුරු

වන විනාශයන් සිදුවීමේ අවදානමක් ඇතැයි හඳුනාගත් ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේ, සෝමාවතිය රක්ෂිතය, කින්නියා ප්‍රදේශය සහ වන්නි ප්‍රදේශය මෙන්ම දිවයිනේ හඳුනා ගත් ප්‍රදේශවල අදාල කඳවුරු ස්ථාපිත කිරීමට උපදෙස් දී ඇති බවයි. විවිධ පිරිස් විසින් සිදු කරන වන විනාශයන් අවම කිරීමට යුද හමුදාවේ සහාය ලබා…

යතුරු පැදි සොරකම් කර රන්මාල කොල්ලකෑම් සිදු කල අයෙකු අත්අඩංගුවට

යතුරු පැදි සොරකම් කර රන්මාල කොල්ලකෑම් සිදු කල අයෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශයන් තුළ මහ මග නවතා ඇති යතුරු පැදි සොරකම් කර එම යතුරු පැදි උපයෝගී කරගනිමින් රන්මාල කොල්ලකෑම් සිදු කරනු ලබන හිටපු යුද හමුදා සෙබලෙක්  බොරලැස්ගමුව පොලිස් වසමේ පැපිලියාන ප්‍රදේශයේ යතුරු පැදියක් සොරකම් කර එම යතුරු පැදියෙන් ගල්කිස්ස නගරයේ ගමන්ගත් කාන්තාවගේ රන් මාලයක් කොල්ලකා පළාවිත් එම මාලය උගස් තබා ලබාගත් රුපියල්  39000/= ක…

dilshan
|

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්

එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 78ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී.එම්.ඩිල්ෂාන් ලකුණු 6කට කඩුලු 4ක්…

world health organization latest news
|

ඇස්ට්‍රසෙනිකා තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව WHO පවසයි

ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බවයි. ඒ අනුව ඇස්ට්‍රසෙනිකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය…

corona1

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන්1470 දක්වා ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුවිමත් සමග මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1470 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් ප්‍රමානයක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් තව දුරත් වාර්ථාවන බවත් එයින්ද වැඩි පිරිසක් එම බල…

coronaupdates

ප්‍රාදේශීය සභාවක උප සභාපති ඇතුළු තිදෙනෙකුට කොවිඩ්

නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු තිදෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලෙයේ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතකු පවසන ලදි. කරන ලද පි. සි. ආර්. පරික්ෂාවන් මත බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ හොන්සි ප්‍රදේශයේ පදිංචි මෙම නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති හා ඔහුගේ බිරිදද ඔහුගේ සේවකයකුද මෙසේ කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා…

පිටබැද්දර සියළු වෙලදසැල් වසාදැමේ

පිටබැද්දර සියළු වෙලදසැල් වසාදැමේ

මොරවක නගරයේ වෙලදසැල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. පිටබැද්දර ප්‍රාදේශීය සභාව සඳහන් කරන්නේ දින තුනක කාලයක් සඳහා මෙසේ වෙලදසැල් වසා දමන බවයි. එම ප්‍රදේශවේ අහඹු ලෙස සිදුකර ලද PCR පරීක්ෂා වලදී ආසාදිතයන් 51 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මෙසේ ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇත්තේ නගරයේ වෙළඳසැල් සහ තේ කර්මාන්ත ශාලා වල…