sumathra

සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව ඒකක 6.2 ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා. අමෙරිකානු භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය සදහන් කළේ ඒ හේතුවෙන් සුනාමි අවදානමක් හටගැනීමේ හැකියාවක් නොමැති බවයි. එම භූ චලනය නිසා ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ටයිටෑන් වාලම්පුරියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

ටයිටෑන් වාලම්පුරියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

ටයිටෑන් වර්ගයේ දුර්ලභ ගණයේ වාමාවෘත විශේෂ වාලම්පුරියක් රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීම සඳහා මාතලේ, රජවැල්ල ප්‍රදේශයේ සිට කොළඹ ගාලුමෝදර පිටිය ප්‍රදේශයට රැගෙන ආ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය පැවසීය. බලපත්‍ර නොමැතිව වාලම්පුරියක් කෝටි දෙකකට මුදලකට විකිණීම සඳහා පුද්ගලයකු ගාලුමෝදර ප්‍රදේශයට පැමිණෙන බවට කොළඹ පිහිටි නාවික හමුදා බුද්ධි අංශ…

keheliya

මාධ්‍යවේදීන්ටත් කොරෝනා එන්නත

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍යවේදීන් සඳහා කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබා දෙන්නැයි ,කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීමට ඉදිරිපෙළ කණ්ඩායමක් වශයෙන් ඉටු කරන කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීම සඳහා එන්නත ඔවුන්ට ලබා දීමට යෝජනා කළ බව අමාත්‍යවරයා සඳහන් කරනවා. එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කරන්නේ මාධ්‍යවේදීන්ට අදාළ එන්නත ලබාදීමේ…

coronavirus news

සිසුන් හා ගුරුවරුන් 81 නිරෝධානයට

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් පාසල් සිසුවකු ඇතුළු කොවිඩ් ආසාදිතයන් 06 දෙනකු හමුවිමත් සමග එම සිසුවා අධ්‍යාපනය හදාරන බගවන්තලාව හෝලි රෝසරි විදුහලේ සිසුන් පිරිසක් ගුරුවරුන් පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. ගනේෂන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ගනේෂන් මහතා පවසන ලද්දේ බගවන්තලාව…

ගම්පහ වෙළෙදසැල් කිහිපයක් වසා දමයි

ගම්පහ වෙළෙදසැල් කිහිපයක් වසා දමයි

කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වෙළෙදසැල් ආශ්‍රිතව හමුවීම හේතු කොටගෙන ගම්පහ නගරයේ පිහිටි වෙළෙදසැල් කිහිපයක් වසා දැමීමට පියවර ගන්නා බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා සඳහන් කළේය. ඉකුත් දින 04 තුලදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 280ක් පමණ සිදු කර තිබෙන අතර එයින් 58 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගත් බව නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තවත් 975කට කොරෝනා – දිනක වැඩිම ආසාදිත ප‍්‍රමාණය වාර්තා වෙයි

තවත් 975කට කොරෝනා – දිනක වැඩිම ආසාදිත ප‍්‍රමාණය වාර්තා වෙයි

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 975 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 71,201 දක්වා ඉහළ යයි. කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 05 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 370 දක්වා ඉහළ යයි.  

law

කොවිඩ් ගැන වගකීම් විරහිතව ක්‍රියාකල ගුරුවරයෙකුට හා මූල්‍ය සමාගමකට එරෙහිව නීතිය

හදිසි කොවිඩ් අවදානමක් ඇති කිරීම සදහා වගකීම් විරහිත ආකාරයට කටයුතු කළ බව කියන අනුරාධපුර නගරයේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ මූල්‍ය සමාගමකට හා රජයේ විදුහලක ගුරුවරයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනා බව අනුරාධපුර මහ නගර සභාව පවසයි. අනුරාධපුර මහවීදියේ පිහිටි මූල්‍ය සමාගමක ශාඛාවෙන් කොව්ඩ් 19 වෛරසය වැලදුණු සේවකයන් රැසක් පසුගියදා හමුවිමෙන් අනතුරුව එම ආයතනයේ පරිපාලනය හා සේවකයින් වගකීම්…

නිහඩව සිටි මරංචි ජාවාරම් කණ්ඩායම නැවත ක්‍රියාත්මක වෙයි

නිහඩව සිටි මරංචි ජාවාරම් කණ්ඩායම නැවත ක්‍රියාත්මක වෙයි

වසර කිහිපයක කාලයක් තිස්සේ නිහඩව සිටි මරංචි ජාවාරම්කරුවන් පිරිසක් පදවියේ ගල්වලකින් මතුවන නිධානයක් පෙන්වමින් නැවත ක්‍රියාත්මක වීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ධනවත් ව්‍යාපාරිකයන් රුපියල් ලක්ෂ ගණනින් අහිමිකර ගෙන තිබෙනා බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අනාවරණය කළේය. අනුරාධපුර නගරය තිරප්පනය නොච්චියගම කැකිරාව මරදන්කඩවල පදවිය මැදවච්චිය ඇතුළු ප්‍රදේශ වලදි මරංචි ජාවාරම්කරුවන් සිය ජාවාරම සූක්ෂම අන්දමින් සිදුකර…

covid infections today

නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් 1131දක්වා ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතය හමුවිමත් සමග නුවරඑළිය  දිස්ත්‍රික්කයෙන් හමුවු කොවිඩ් ආසාදිතයන්  1131දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 08වන දින සවස්වන විට ලැබුන පි. සි. ආර්. වාර්ථා මත මෙම දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් වාර්ථා විමත් සමග මෙම දිස්ත්‍රික්කයේ කොවිඩ්…

media

නව ජන මාධ්‍ය ප්‍රතිපතියක් සැකසීමට යයි

පුරවැසි මූලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනතා අදහස් හා යෝජනා ලබාගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳ විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කරලීම එමගින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, වර්තමානයේ පවතින පනත සංශෝධනය කිරීම සඳහා මාධ්‍යවේදීන්…