lockdown news today

තවත් ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදකලා කෙරේ

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත් මින්නන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගගුල උතුර, බෝපත්ත යන ප්‍රදේශත් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉඹුල, කොට්ටල යන ප්‍රදේශ ද මෙලෙස හුදකලා කර ඇත. ඊයේ දිනයේදී අවිස්සාවේල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් කොවිඩ් ආසාදිතයින් 150 දෙනෙකු වාර්තා වී තිබු බව කොවිඩ් -19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය…

නිධානයක් ගැනීමට සූදානම්වූ කපුවෙකු අත්අඩංගුවට

නිධානයක් ගැනීමට සූදානම්වූ කපුවෙකු අත්අඩංගුවට

ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව අගවමින් වසරක පමණ කාලයක සිට කැණීම් කරමින් නිධානයක් ගැනීමට සූදානම්වූ කපුවෙකු හා තවත් පුද්ගලයෙකු සමග නිධන් හෑරීමට යොදාගත් උපකරණ ද සමග පසු ගිය දා අත් අඩංගුවට ගත් බව අලුත්ගම විශේෂ කාර්ය බලකා කදවුරේ නිළධාරීන් කියති. වැලිපැන්න පොලිස් වසමෙි ලූල් බද්දුව ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරන බවට අලුත්ගම විශේෂ කාර්ය බලකා කදවුරේ…

කොවිඩ් රෝගියෙක් නිවසින් පළා යයි

කොවිඩ් රෝගියෙක් නිවසින් පළා යයි

නිවසින් පළාගිය කොරෝනා වෛරස් ආසාදිතයෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා. PCR පරීක්ෂණවලින් අනතුරුව ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු නිවසින් පළාගොස් තිබෙනවා. මාකොල උතුර, දේවාල පාර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සැකකරු නිමේෂ් මධුශංක නම් අයෙක්. තොරතුරක් ඇත්නම් ළගම පොලිස් ස්ථානයට හෝ 071 8591599 / 0112400315 අංක ඔස්සේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයාට හෝ පොලිස් හදිසි…

coronavirus news

නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ ආසියාවේ පළමු අසාදිතයා හමුවේ

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ B-117 නම් වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයෙන් පළමු වරට ආසියානු රටකින් ආසාදිතයෙක් වාර්තා වි තිබේ. නව ප්‍රභේදය සහිත රෝගියා 2020 අගෝස්තු මාසයේ සිට බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදී තරුණියකි. මෙම වෛරස් ප්‍රභේදය සහිත පළමු ආසාදිතයා සොයා ගැනීමට හැකිවූ බව සිංගප්පුරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. තවත් 11 දෙනෙකුට මූලික වශයෙන් ආසාදනය වී ඇති…

isolated areas in colombo

තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

කොවිඩ් -19 ආසාදිතයින් බහුලව වාර්තාවීම හේතුවෙන් කොළඹ 09, වේලුවනාරාම පාර ප්‍රදේශය හුදකලා කර තිබේ. ඊයේ(26) මධ්‍යම රාත්‍රීයේ සිට එම ප්‍රදේශය හුදකලා කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

රුපියල අවප්‍රමාණයවීම වැළැක්වීමට මහ බැංකුවෙන් පියවර
|

රුපියල අවප්‍රමාණයවීම වැළැක්වීමට මහ බැංකුවෙන් පියවර

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණයවීම වැළැක්වීම සඳහා පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇති බව පෙන්වා දෙයි. අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී විනිමය අනුපාතිකය ඉකුත් නොවැම්බර් මස නිරීක්ෂණය කළ අමෙරිකානු…

ප්ලාස්ටික් වර්ග හයක් තහනම් වෙයි

ප්ලාස්ටික් වර්ග හයක් තහනම් වෙයි

දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ෂැශේ පැකට්, කෘමිනාශක යොදන ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් භාණ්ඩ වර්ගයක් ඇතුළු වර්ග 06ක් තහනම් කිරීමට අනුමැතිය ලැබිලා තිබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එම ප්ලාස්ටික් වර්ග තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට එහි තොරතුරු මේ…

සුනාමි ව්‍යසනයට වසර 16ක්

සුනාමි ව්‍යසනයට වසර 16ක්

2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදුවූ සුනාමි ව්‍යසනයට අදට වසර 16ක්. මෙම සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගොස් 5000ක පමණ පිරිසක් අතුරුදන් විය. එදින උඳුවප් පුර පසළොස්වක පෙහෝ දිනය වූ බැවින් බෞද්ධ සැහැදැවතුන් බොහෝ දෙනා සිටියේ ආගමික වතාවත්වල නිරත වෙමින්. 2004 වසරේ දෙසැම්බර් මස 26 වන දින සිදුවු සුනාමි ව්‍යසනයෙන් පසු සෑම…

පහේ කල්ලියේ 04ක් අත්අඩංගුවට

පහේ කල්ලියේ 04ක් අත්අඩංගුවට

කාලයක් තිස්සේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ සොරකම් සහ කොල්ලකෑම් රැසක් සිදු කළ තරුණයන් හතර දෙනකු මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. පහේ කල්ලිය නමින් හඳුන්වන මේ අපරාධකරුවන් කණ්ඩායම මුදල් වැය කරමින් මෙහෙයවා ඇත්තේ මොනරාගල පාලාරුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. සැකකරුවන් මීට මාස කිහිපයකට ඉහතදී ගෝනගංආර ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වී දරුවාට…

පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් නිරෝධානයට

පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් නිරෝධානයට

හැටන් දික්ඔය නගර සභාවේ කොවිඩ් ආසාදිතවු නාගරික මංත්‍රිවරයා සමග උපන් දින සාදයකට එක්වු එම නගර සභාවේ උප සභාපති  ලේකම් ඇතුළු පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රිවරුන් අට දෙනකු ඇතුළු පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්නන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ…