gajamuthu

ගජමුතු විකිණිමට උත්සහ කළ පස් දෙනෙකු අත්අඩංගුවට

දළ ඇතෙකුගේ බව කියන ගජමුතු දෙකක් රුපියල් කෝටි පහක මුදලකට පොලිස් උපාය දූතයෙකුට විකිණිමට උත්සහ කළ ගොවිජන සේවා කෘෂිකර්ම පර්යේෂන නිෂ්පාදන සහකාර නිලධාරියෙකු යුද හමුදා සෙබළෙකු ඇතුළු පස් දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් කැබ් රථයක් සමග සැකපිට  අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර් ශන…

closed walkatha

වටවලත් ඇගලුම් කම්හලක් වැසෙයි

වටවල ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් 11 දෙනකු හමු විමත් සමග එම ඇගලුම් කම්හල දින හතරකට වසා දැමිමට පියවර ගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. පසු ගිනක එම ඇගලුම් කම්හලින් එක් කොවිඩ් ආසාදිතයකු හමු විමෙන් පසු ඔහුගේ ලගම ආශ්‍රියන් හැට දෙනකු ස්වයං නිරෝධානයට ලක්කර පි. සි. ආර්. පරික්ෂාවන්…

lockdown news today

පොලිස් බලප්‍රදේශ 03ක් හුදෙකලා කරයි

අවිස්සාවේල්ල, කොස්ගම, රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශ සඳහා හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 99 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

නත්තල් සීයා සුවෙන්. පමා වී හෝ පැමිණේවි
|

නත්තල් සීයා සුවෙන්. පමා වී හෝ පැමිණේවි

“අපි නත්තල් සීයාට කතාකළා. ඔහු සුවෙන්. අනිවාර්යයෙන් ම ඔහු දරුවන්ට තෑගි අරන් ඒවි.” ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවර නත්තල වෙනුවෙන් දරුවන්ට දුන් උපදේශන පණිවුඩය මෙන්න.

surasal

අද(25) දිනයේ සුරාසැල් වැසේ

නත්තල් දිනය වෙනුවෙන් දිවයිනේ සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. කෙසේවෙතත් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන…

මිහින්තලය ප්‍රාදේශීය කමිටු සභා රැස්වීම උණුසුම් වෙයි

මිහින්තලය ප්‍රාදේශීය කමිටු සභා රැස්වීම උණුසුම් වෙයි

මිහින්තලය ප්‍රාදේශිය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරින් රාජකාරි කටයුතු කරනා ආකාරය පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව හා තර්ජනාත්මකව ලේකම්තුමා වරද්ද ගන්න එපා යනුවෙන් මිහින්තලා ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීරයෙකු පැවසීමත් සමග මිහින්තලය ප්‍රාදේශීය කමිටු සභා රැස්වීම උණුසුම් තත්වයට පත්විය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ හා සැළසුම් කමිටු රැස්වීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ…

කලාවැවේ වාන් දොරටු විවෘත වෙයි

කලාවැවේ වාන් දොරටු විවෘත වෙයි

අනුරාධපුර දිස්ත්‍රික්කයට හා ජල පෝෂිත කළාප වලට අධික වැසි ලැබීම හේතුවෙන් වසරකට පමණ පසුව කැකිරාව කලාවැව ජලාශයේ වාන් දොරටු දෙකම අඩි දෙක බැගින් විවෘත කිරීමට ජලාශය බාර ඉංජිනේරුවන් ඊයේ (23දා) කටයුතු කර තිබේ. දින කිහිපයක සිට අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන ජල ධාරිතාව අධිකවීම නිසා වාන් දොරටු දෙක අඩි දෙක බැගින් විවෘත කෙරුණි.වාන්…

times in sri lanka

පොලොන්නරුවට අධික වැසි – ආපදා තත්ත්වයට සුදානමක්

අධික වැසි නිසා පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විපතට පත්වේ යැයි හඳුනාගෙන ඇති පවුල් 3400ක පමණ දළ වශයෙන් පුද්ගලයින් 12700ක වැනි ප්‍රමාණයකට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාළනය කරමින් සු‍රැකුම් මධ්‍යස්ථාන 89ක ‍රැදවීමට සූදානම්ව සිටින බව පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමි‍ටුව…

නගර සභාපති ඇතුළු පිරිසක් නිරෝධානයට

නගර සභාපති ඇතුළු පිරිසක් නිරෝධානයට

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනා ගැනිමත් සමග ඔහු සමග විවිධ උත්සව සදහා එක්වු හැටන් දික්ඔය නගර සභාපති  ඇතුළු එම නගර සභාවේ නාගරික මංත්‍රිවරුන් දෙදෙනකු හිටපු පලාත් සභා මංත්‍රිවරයකු හා ආගර පතන ප්‍රාදේශීය සභාවේ ලේකම් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලචන්ද්‍රන් මහතා පවසන…

සේනා දළඹු ව්‍යාප්තිය සීඝ්‍රයෙන් පැතිර යයි
|

සේනා දළඹු ව්‍යාප්තිය සීඝ්‍රයෙන් පැතිර යයි

බඩඉරිඟු වගාව ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිර යන සේනා දළඹු ව්‍යාප්තිය පාලනය සඳහා හදුන්වා දුන් නව වෛරස් ප්‍රබේදය කඩිනමින් ගොවි ජනතාවට අතට පත් කරන්න යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා  උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිළධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබීය. සේනා දළඹුවා මර්ධන කිරීමට නව වෛරසයක් හදුන්වා දුන් බව පැවසූවත් මෙතෙක් තමන්ට එම වෛරසය ලබා දී නැති බවත්…