news sinhala sri lanka

ගාල්ලේ පාසල් තවත් සතියක් වසාදමයි

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් මෙම මාසයේ 18වැනිදා දක්වා තවත් සතියක් වසා දැමීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා කීවේය. ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල්   වසා දැමීමට මීට පෙර තීරණය කොට තිබුණි.  පවතින කොරෝනා වසංගත තත්වය පිළිබද සැලකිල්ලට ගෙන  සෞඛ්‍ය නිර්දේශ මත ගාල්ල අධ්‍යාපන…

ගතවූ පැය 24 දී නව ආසාදිතයන් 762 ක්

ගතවූ පැය 24 දී නව ආසාදිතයන් 762 ක්

මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට ගතවූ පැය 24 දී එක්වූ ආසාදිතයන් 226 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 762 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 27,747 දක්වා ඉහළ ගොස් ඇත.  

මහර ඝාතනයේ සිරුරු පිළිස්සීමේ වෑයම උසාවි නියෝගයෙන් වැලැක්වේ

මහර ඝාතනයේ සිරුරු පිළිස්සීමේ වෑයම උසාවි නියෝගයෙන් වැලැක්වේ

මහර බන්ධනාගාරයේ සමුල ඝාතනයෙන් මිය ගිය රැඳවියන් එකොලොස් දෙනාගේ සිරුරු පුළුස්සා දැමීමට රජය ගත් උත්සාහය අධිකරණ නියෝගයෙන් නතර වී තිබේ. ඒ, සිරකරුවන් මරණයට ගොදුරු වූයේ වෙඩි තැබීමෙන් බව කලින් අධිකරණයට දැනුම් දී තිබු නීතිපති දෙපාර්තමේන්තුවම ඔවුන්ගේ මෘත දේහ කෝවිඩ් ආසාදිත බැවින් ඒවා ආදාහනය කළ යුතු බවට ඉදිරිපත් කළ කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරමින් වැලිසර මහේස්ත්‍රාත් වරයා …

තවත් පෞද්ගලික රෝහලක් වැසෙයි

තවත් පෞද්ගලික රෝහලක් වැසෙයි

කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමා එහි සිටි සේවකයින් සහ රෝගීන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ, කෑගල්ල – බල්ලපාන ප්‍රදේශයේ පදිංචි අයෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි. එම පුද්ගලයා පෙරේදා දිනයේදී මෙම පෞද්ගලික රෝහලට පැමිණ ඇති බවයි කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක සඳහන් කළේ.

2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි
|

2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි

2021 අයවැය වැඩි ඡන්ද 97 කින් අද දිනයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 54 කි. අයවැය යෝජනා සම්මත වූ දින සිට වහාම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති යෝජනා මෙසේ ය. නිවාස හා දේපළ ණය සහන: රජයේ සේවකයින් සඳහා රාජ්‍ය බැංකු හරහා ලබාදෙන නිවාස හා දේපළ…

හිමිනමගේ අපවත් වීම ඝාතනයක් දැයි සැකයක්

හිමිනමගේ අපවත් වීම ඝාතනයක් දැයි සැකයක්

රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ නෙදර්ලන්ත ජාතික ජිනවංස හිමියන්ගේ හදිසි මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඇතුළු පොලිස් කණ්ඩායම් හතරක් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. උන්වහන්සේගේ මරණය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලබා දුන් උපදෙස් පරිදි මේ පරීක්ෂණ කටයුතු පුළුල්ව ක්‍රියාත්මක…

covid infections today

කොටගල ආසාදිතයන් ගනන 20 දක්වා ඉහලට

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත්  වතුකරයෙන් කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග එම බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් ගනන 20 දක්වා ඉහල ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්. ගනේස් මහතා පවසයි. පසු ගිය දිනවල බස්නාහිර පලාතේ විවිධ ප්‍රදේශවල සිට මෙම ප්‍රදේශයේ වතු කරයට පැමිනෙන පුද්ගලයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට කිරිමෙන් පසු කොවිඩ්…

mahinda

ජාත්‍යන්තර මානව හිමිකම් දින අගමැතිගේ පණිවිඩය

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට (10) යෙදී තිබේ. 1950 වර්ෂයේ දෙසැම්බර් මස 4 වන දින එක්සත් ජාතීන්ගේ 317 වන මහා මණ්ඩල රැස්වීමේ දී ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ප්‍රකාශයට පත්කර කෙරිණි. එහිදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවේ 423(V) යෝජනාවට අනුව සියලු සාමාජික රටවල් සහ සංවිධාන ජාත්‍යන්තර දිනයක් ලෙස එය අනුමත කර තිබේ. ඒ අනුව සෑම වසරකම…

mahara

රැඳවූවන් වතුර ඉල්ලමින් කෑ ගසලා – මහර උද්ඝෝෂණය

මහර බන්ධනාගරයේ උණ රෝගය පැතිර තිබීම හේතුවෙන් තම ජීවිත ආරක්ෂාව පතා රැඳවූවන් ආරම්භ කළ උද්ඝෝෂණය සාධාරණ බව මහර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාවේ සඳහන් වනවා. කොවිඩි වැලඳුණු රෝගීන් විශාල සංඛ්‍යාවක් මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බව දැනගත් පසුව හා බන්ධනාගාරයේ තිබූ දැඩි තදබදය නිසාත් ඇතිවූ ජීවිත අවදානම මත රැඳවූවන් උද්ඝෝෂණය කර…

කොරෝනා පැණිය සම්බන්ධයෙන් සායනික අධ්‍යයනයක්

කොරෝනා පැණිය සම්බන්ධයෙන් සායනික අධ්‍යයනයක්

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ හෙළ ඔසුව සම්බන්ධයෙන් සායනික අධ්‍යයනයක් කිරීමට පියවර ගන්නා බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. එම හෙළ ඔසුව කොරෝනා රෝගීන් සඳහ ආහාරමය අතිරේකයක් ලෙස ‍ලබා දීමට ඊයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිල අනුමැතිය හිමිවිය. එම හෙළ ඔසුවට පේටන්ට් බලපත්‍රය ලබාගැනීම…