watercut

කොළඹ ප්‍රදේශ කිහිපයක අද පැය 24ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට අද (10) පෙරවරු 7.00 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 12,13,14 සහ 15 ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. අදාළ කාල සීමාව තුළ කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. අඹතලේ සිට එළිහවුස් ජලාශය දක්වා නල…

coronavirus tips

ගත වූ පැය24 තුල කොළඹින් ආසාදිතයින් 526ක්

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 798 දෙනෙකු ගෙන් 526 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 175 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිතයින් වන අතර ඊයේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 12,604ක් වේ….

මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වී තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිදෙකු වන අතර බිළිදාගෙ වයස දින 20ක් බව වාර්තා වෙයි. රාේහල් බලධාරින් වැඩිදුරටත් සදහන් කළේ දරුවාගේ මවට සහ පියාට වෙෙරසය වැළදී නොමැති බවත් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් දරුවා ජිවිතක්ෂයට පත් වි තිබෙන බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාව  සිය 70 වන සංවත්සරය අද (‍9) අභිමානවත්ව සමරයි.  ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් විවිධ තරාතිරම් වලට අයත් නාවික පුද්ගලයින් 1729ක් ඊළග තරාතිරම් දක්වා උසස් කිරීමට කටයුතු කෙරිණි. එමෙන්ම නාවික හමුදාධිපතිතුමන්ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම  නාවික විධානයකම නාවික සම්ප්‍රදායන්…

dna

මිය ගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු අවසන්

මහර ගැටුමෙන් මිය ගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදු කර අවසන් බව ‌පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි. පහුගිය 29 දා මහර බන්ධනාගාරයේ ඇති වු ගැටුමෙන් රැඳවියන් 107 කු තුවාල ලබා 11 කු ජිවිතක්ෂයට පත් වි තිබුණි. දින ගණනාවක් ගත වුවද මේ මෘත ශරිර හඳුනා ගැනිම ගැටලුවක්ව පැවති…

අපරීක්ෂාකාරී අන්දමින් ධාවනය කල යතුරුපැදි අත්අඩංගුවට

අපරීක්ෂාකාරී අන්දමින් ධාවනය කල යතුරුපැදි අත්අඩංගුවට

පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ගවල හා මාදිවෙල නවරෝහල මාර්ගයේ අපරීක්ෂාකාරී අන්දමින් මහජනයාට පීඩාවක් සිදුවන අයුරින් අධික ශබ්ද නිකුත් කරමින් මහා මාර්ගයේ ගමන්ගන්නා මගීන්ට හා රථවාහන වල ගමන් කරන්නන්ට මරණීය අණතුරු ඇතිවන අයුරින් මාර්ගයේ යතුරුපැදි ධාවන තරග පැවැත්වූ තරුණයින් පිරිසක් යතුරුපැදි විසිතුනක් ද සමග මාදිවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ රථවාහන අංශය පැවසීය. මෙම තරුණයින් මුහුණු…

elec

විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්   

විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්  ඇතැයි,  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ  සභාපති  රංජිත් විතානගේ මහතා පවසයි. අනවශ්‍ය අවස්ථාවලදී අසාධාරණ හා දුෂිත ගනුදෙනු හරහා විදුලිය මිලදී ගැනීම නිසා මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 300ට ආසන්නවෙමින් පවතී. මේ පාඩු වලට හේතු වී ඇත්තේ ටෙන්ඩර් වලින් තොරව කෙටිකාලීනඅධික මිලට විදුලිය…

දෙහිවල දියනෑමට ගිය තරුණයින් ගසාගෙන යයි

දෙහිවල දියනෑමට ගිය තරුණයින් ගසාගෙන යයි

දෙහිවල, ඕබන් පෙදෙස, සමීපයේ , ගොඩගල අසල මුහුදු තීරයේ  දියනෑමට ගිය තරුණයින් හතර දෙනෙකුගෙන් එක් තරුණයෙකු දියරලට අසුවී ගසාගන ගොස් අතුරුදන්වී ඇති බව දෙහිවල පොලීසිය පැවසීය. මොවුන් දියනාමින් විනෝද වෙමින් සිටියදී හදිසියේ පැමිණි විශාල රල පහරකට තරුණයින් හතර දෙනෙකු ඈතට ගසාගන යන්නට පටන් ගෙන ඇති අතර , අසල සිටි පිරිස් විසින් දැඩි ප්‍රයත්නයක් දරා ඉන්…

පොලිස් විශේෂ ඒකකයක පොලිස් කොස්තාපල්වරයෙකුට කොවිඩ්

පොලිස් විශේෂ ඒකකයක පොලිස් කොස්තාපල්වරයෙකුට කොවිඩ්

කොළඹ පිහිටි පොලිස් විශේෂ ඒකකයක සේවයේ නිරතවු තරුණ පොලිස් කොස්තාපල්වරයෙකු කොවිඩ් 19 රෝගය වැලදී ඇති බවට රෝග ලක්ෂන පෙන්නුම් කිරීම නිසා මිහින්තලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් විසින් ඔහුව ප්‍රතිකාර සදහා අනුරාධපුර මෙත්සිරි සෙවන රෝහලට යොමුකර තිබේ. විසිපස් හැවරදි පොලිස් කොස්තාපල්වරයාට රෝහලේ සිදුකළ පී.සී.ආර් පරික්ෂන වලින් අනතුරුව කොවිඩ් 19 රෝගය වැලදි ඇති බව තහවුරුවි තිබේ….

යාලත් වැසෙයි

යාලත් වැසෙයි

වන ජීවී අමාත්‍ය විමරලවීර දිසානායක මහතා වනජීවී නිළධාරීන්ට කළ බලපෑමට  විරෝධය පළකරමින් යාල වනෝද්‍යානයේ සේවකයින් පිරිසක් විසින්  පවත්වනු ලබන සංකේතාත්මක එක් දින වැඩ වර්ජනය හේතුවෙන් යාළ අභය භූමිය නැරඹීම සදහා පැමිණි සංචාරකයින් රැසකට නැවත ආපසු හැරී යාමට සිදු වූහ. යාල වනෝද්‍යානයේ වන සත්ව අඩවි ආරක්ෂක ,අඩවි සහකාර,වන, සත්ව නියාමක ක්ෂේත්‍ර සහකාර, කළමණාකාර සහකාර හා මුල්‍ය…