mathiwarana-komition-sabawa
|

නාමයෝජනා දෙද්දී සියලු අපේ­ක්ෂ­ක­යන් වත්කම් බැර­කම් ප්‍රකාශ දිය යුතුයි

දූෂණ විරෝධී පනතේ 89 වැනි වග­න්තිය පරිදි සියලු මැති­ව­රණ අපේ­ක්ෂ­ක­යන් තම නාම­යෝ­ජනා පත්‍ර භාර දෙන අව­ස්ථා­වේදී තමන්ගේ වත්කම් හා බැර­කම් ප්‍රකා­ශ­යන් ද මැති­ව­රණ කොම­සා­රි­ස්ව­රයා වෙත භාර­දිය යුතු බව අල්ලස් කොමි­සම නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කරයි. පනතේ 82 (2) ව්‍යති­රේ­ඛය ප්‍රකා­රව, ඡන්ද විම­සීමේ දිනය ප්‍රකාශ කරනු ලබන දිනය දක්වා, අදාළ වර්ෂය සඳහා වූ වත්කම් හා බැර­කම්…

පළමු රන්දෝලි පෙරහැර අද
|

පළමු රන්දෝලි පෙරහැර අද

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ. මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර පසුගිය 10 වැනිදා සිට ඊයේ (14) දිනය දක්වා වීදි සංචාරය කෙරුණි. අද දිනයේ සිට රන්දෝලී පෙරහැර වීදී සංචාරය සිදුකෙරෙන අතර අවසන් රන්දෝලී පෙරහැර 19 වන දින රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා…

police
|

මැතිවරණ කාර්යාලය අවට විශේෂ රථවාහන වැඩපිළිවෙළක්

අද(15) දිනයේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට විශේෂ ආරක්ෂක හා රථවාහන වැඩපිපිළිවෙළක් ක්‍රියාත්මක බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසුවේ ය. ඒ සඳහා විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද ඇතුළුව යොදවා ඇති පොලිස් නිලධාරීන් ගණන 1000කට අධික ය.

weather in today
|

සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික…

elec set alarm for 11 30
|

මෙවර ජනාධිපතිවරණය සඳහා 36ක් ඇප තියයි

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැබූ පිරිස 36 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂ 01ක් මෙලෙස ඇප තැන්පත් කර ඇති බවයි. තවද ඡන්දහිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් සංඛයාව 16ක් වන බවත් එම නිවේදනයේ සඳහන්.

gov
|

සියලු රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි වීමක්

ලබන වසර සඳහා වන අය-වැය මඟින් රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප සියයට 24ත් – 35ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. අවම මූලික වැටුප ඉහළ නැංවීමෙන් පසු රාජ්‍ය අංශයේ පහළම ශ්‍රේණියේ සේවකයන්ටත් සේවා නියුක්ත කම්කරුවන්ටත් මසකට අවම වශයෙන් රුපියල් 55,000ක වැටුපක් හිමි වෙයි. එසේම රාජ්‍ය සේවයේ සියලු අංශයන්හි සේවකයන්ට ලබන අය-වැයේ සිට…

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂකයා  ඇප මුදල් තැන්පත් කරයි
|

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂකයා ඇප මුදල් තැන්පත් කරයි

්ඊ‍යේ (13) 2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ. දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා විසින් ඇප මුදල් තැන්පත් කර තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රමුඛ පිරිසක් ද ඊට එක්වුණි. එහිදී අදහස් දක්වමින්…

water-bill
|

ජල ගාස්තු 7%කින් පහළට

සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැරුණු කොට ගෘහස්ථ කාණ්ඩයේ ජල ගාස්තු සියයට 7කින් අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ජල ගාස්තු සංශෝධනය කිරීමට ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13)…

postal-election
|

තැපැල් ඡන්ද දාන දින ගැන අවසන් තීරණය අද

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කරන දින සම්බන්ධයෙන් අද (14) අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම අදහස් කර තිබේ. ඒ සඳහා දින 4ක පමණ කාලයක් ලබාදීමට මේ වන විටත් මැතිවරණ කොමිසමේ අවධානය යොමුකර ඇත. තැපැල් ඡන්ද සලකුණු කිරීමේ නිශ්චිත දින වකවානු කවදා ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව කී කොමිසමේ සාමාජිකයෙක්…

අපරාධයකින් උපයාගන්නා දේපළ ගැන විශේෂ තීරණයක්
|

අපරාධයකින් උපයාගන්නා දේපළ ගැන විශේෂ තීරණයක්

අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ, අනුව අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ යෝජිත නීතියෙහි ප්‍රතිපත්ති හා නීතිමය රාමුව සහ නීති ප්‍රතිපාදන කෙටුම්පත් සංවර්ධනය කිරීම සඳහා වූ කමිටුවේ වාර්තාවට අනුකූලව, අපරාධයකින් උපයාගත් දේපළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2024-04-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි අනුමැතිය ලබා දී ඇත….