government information center

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර විවාදය

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව ලබන 13 වන සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. ඒ අනුව අද (12) දිනයේ පැවැත්වෙනුයේ 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පමණි. දිවා…

coronavirus news

ඊයේ කොරෝනා ආසාදිතයින් 625ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 316ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ අනුව ඊයේ දිනයේදී මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 625ක්. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 15,340ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 10,183ක් වනවා. අද…

corona death count sri lanka

45 වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

මෙරට 45 වන කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටියි. මියගොස් ඇත්තේ කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

මෙරට චීන හා ඉන්දීය ජාතිකයින් කිහිපදෙනෙකුටත් කොවිඩ් ධානාත්මක වෙයි

මෙරට චීන හා ඉන්දීය ජාතිකයින් කිහිපදෙනෙකුටත් කොවිඩ් ධානාත්මක වෙයි

චයිනා හා(ර්)බර් ඉන්ජිනියරින් සමාගම මගින් කොළඹ 13 ප්‍රදේශයේ කරගෙන යනු ලබන ව්‍යාපෘතියක සේවයේ නියුතු චීන ජාතිකයින් සිව් දෙනෙක් සහ මෙරට සේවකයින් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ඉදිකිරීම් ආයතනයක සේවය කරන ඉන්දීය ජාතිකයින් 14 දෙනෙක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ගාලු මුවදොර ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක සිටි සේවකයින් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව…

death

කොරෝනා මරණ 44 ට නගී

තවත් කොවිඩ් ආසාදිත මරණ හතරක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙරටින් වාර්තා වන කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 44ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි. එක් පුද්ගලයෙක් කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පිරිමි අයෙකි. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත. අනෙක්…

breakingnews

ජනපතිගෙන් නියෝගයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි  බස්නාහිර පළාතේ සිට සෙසු පළාත් වෙත පුද්ගලයන්ට සංචරණය කිරීම වැළැක්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ලබන 15 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම තහනම ක්‍රියාත්මක බවය.

corona death benefits

කොවිඩ් මරණ භූමදානය නුසුදුසු බවට විශේෂඥයින් කියයි

කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින් භූමදානය කිරීමෙන් එම වෛරසය භූ ගත ජලයට එක්වීමේ අවදානමක් ද පැවතිය හැකි බවට විශේෂඥයින් මත පළ කරනවා. මෙම වෛරසය අප ජලයේ ඇති බවට ලොව පුරා සිදුකළ පරීක්ෂණවලදි දැනටමත් තහවුරු වී ඇති බවයි ඔවුන් පවසන්නේ. කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් සිදුවිය හැකි තත්ත්වයන් පිළිබඳ ශ‍්‍රී ලංකාව තුලදී ද, විශේෂ…

sea

යාපනය ප්‍රදේශයෙන් මුහුදු ජලය ගොඩට

යාපනය මහ නගර සභා බල ප්‍රදේශය තුළ මුහුදු ජලය ගොඩට පැමිණීම හේතුවෙන් වෙරළ ආසන්නයේ ජීවත් වන පවුල් 85 ක පමණ ජනතාව පීඩාවට පත්ව තිබේ. ඒ අනුව යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි ජේ 161 ග්‍රාම නිලධාරී වසමේ එලිලුර් හා මහේන්ද්‍රපුරම් යන ගම්මාන දෙකෙහි පවුල් 50 ක් පමණ නිවෙස් වලට මුහුදු ජලය ගොඩ ගැලීම හේතුවෙන් පීඩාවට පත්ව සිටී. ජේ…

world health organization latest news

ශ්‍රී ලංකාව අවධානම් – WHO

ශ්‍රී ලංකාව තුළ නැවත වතාවක් කොරෝනා ව්‍යාප්තියක් ඇති වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා. වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය පවසන්නේ ශ‍්‍රී ලංකාව අද වන විට ඇත්තේ අවදානම් තත්ත්වයක බවයි. ජනතාව අද හැසිරෙන සහ ක්‍රියාත්මක වන ආකාරය මත රෝගයේ අනාගත ගමන් මග තීරණය වනු ඇතැයි ද ඇය සඳහන් කළා. නිතර අත් සේදීම, මුඛ ආවරණයක් පැලදීම,…

dead

කොරෝනා මරණ 5ක්

අද දිනයේ කොවිඩ් ආසාදිත මරණය 05ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ ගොස් ඇත.