කොරෝනා රෝහලකින් සහ නිරෝධායනයෙන් ගෙදර ආ දෙදෙනෙකු මරුට

කොරෝනා රෝහලකින් සහ නිරෝධායනයෙන් ගෙදර ආ දෙදෙනෙකු මරුට

පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකු නිරෝධායනය කාලසීමාව අවසන් වී නිවස බලා යමින් සිටියදී මියගොස් ඇතැයි පුත්තලම පොලිසිය සඳහන් කරනවා. පුත්තලම සේවා මාවත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකු පසුගිය 4 වැනිදා රාත්‍රියේ මෙසේ මියගොස් ඇති අතර මළ සිරුර ඔහුගේ නිවස ආසන්නයේ දී හමු වී තිබේ. පුත්තලමේ ආපන ශාලාවක සේවකයෙකු ලෙස කටයුතු කරන ඔහුට එහිදී කොරෝනා ආසාදිතයෙක් හමුවූ බව…

antigen test for coronavirus
|

ඇන්ටිජන් ලබන සතියේ සිට

කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ ලබන සතියේ සිට මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ. මේ වනවිට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රසායනාගාර පරීක්ෂාවට ලක් කරමින් සිටින බවයි.  

lpl
|

LPL තරගාවලිය පැවැත්වීමට  අනුමැතිය

ලංකා ප්‍රීමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිවී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. තරඟාවලිය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 13 වනදා තෙක් පැවැත්වීමට නියමිත බව සඳහන්.

උසස් පෙළ අදින් (6) අවසන්

උසස් පෙළ අදින් (6) අවසන්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (06) අවසන් වෙයි. මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි. ඔක්තෝබර් මස 12වන දා සිට දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී උසස් පෙළ විභාගය පැවැත්වුණි. කොවිඩ් -19 අවදානම හමුවේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අතිරේක විභාග…

සුපිරි වෙලදසැලක් වසාදමයි

සුපිරි වෙලදසැලක් වසාදමයි

හැටන් නගරයෙන් හමුවු 12වන කොවිඩ් ආසාදිතයාගේ සැමියා ගමන් කල හැටන් නගරයේ සුපිරි වෙලද සැල වසා දමා වීෂබීජහරනය කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් නගරයෙන් හමුවු 12වන කොවිඩ් ආසාදිතයාගේ ස්වාමියා බඩු…

death

එකවර කෝරෝනා මරණ 05ක්

තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය. ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 29ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

death

කොරෝනා අතරේ තවත් බරපතල රෝගයකින් 3ක් මරුට..65 ක් රෝහල් වල

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තාවක ඇතුළු පුද්ගලයන් තිදෙනකු ඒඩ්ස් රෝගය වැළඳීම හේතුවෙන් මෙම වසරේ මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි හේමා වීරකෝන් මහත්මිය පවසනවා. එච්.අයි.වී. වයිරසය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් සිදුකළ විමසුමකට පිළිතුරු දෙමින් වෛද්‍යවරිය මේ බව පැවැසුවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය මෙසේ ද කියා සිටියා. “මෙම වසරේ ජනවාරී…

පොලොන්නරුවටත් සහනාධාර මල්ලක්

පොලොන්නරුවටත් සහනාධාර මල්ලක්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාළනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති බවත් නිවෙස් තුළ නිරෝධායනය වන පවුල් 242කට  රජය විසින් ලබා දීමට තීන්දු කළ සහනාධාර මල්ලක් බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවත් පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතයේ බලපෑම පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු…

lpl
|

එල්පීඑල් තරගාවලිය ගැන ජනපති සමඟ සාකච්ඡාවක්

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ජාවක් අද (05) පැවැත්වෙන බව ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න මහතා පවසයි. එම සාකච්ඡාව පෙරවරු 11ට ජනාධිපති කාර්යලයේදී කොරෝනා මර්දන කාර්යය සාධක බලකායේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

කඩපු අතකට ලැබුනු වන්දිය

කඩපු අතකට ලැබුනු වන්දිය

අත්අඩංගුවට ගනු ලැබූ තරුණයකුට අතක් කැඩෙන්න පහර දීමෙන් කළ හිරිහැරයට වන්දියක් ලෙස රුපියල් ලක්ෂයක් එම තරුණයාට ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අනුරාධපුර පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේය. ඊට අමතරව රු. 50,000/- බැගින් තරුණයාට ගෙවිය යුතු යැයි එම පොලිස් කණ්ඩායමේ සිටි හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාල්ලගේ සහ උප පොලිස් පරීක්ෂක අමරසිංහ යන දෙදෙනාටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. පෙත්සම් විභාගයේදී පොලිසිය කියා…