covid infections today

බත්තරමුල්ල, තලංගම, කොස්වත්ත, පැලවත්ත, වික්‍රමසිංහපුර කොරෝනා රෝගීන් 13ක්

බත්තරමුල්ල කලපළුවාව, තලංගම, කොස්වත්ත, පැලවත්ත, වික්‍රමසිංහපුර යන ප්‍රදේශ තුළින් රෝගීන් 13ක් වාර්තා වූ බවත් වාර්තා වෙයි. කඩුවෙල, සමගිපුර, හෝකන්දර උතුර සහ නැගෙනහිර කොරතොට, පහළ බෝමිරිය, ඉහළ බෝමිරිය, නවගමුව රණාල, වැලිවිට, හෝමාගම යන ප්‍රදේශයන්ගෙන් රෝගීන් 19 වාර්තා වී ඇත. මේ අනුව එම රෝගීන් ආශ්‍රිත පවුල් එකක 332ක් මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

coronavirus tips

තත්ත්වය භයානක වෙයි – නැවතත් අනතුරු ඇඟවීම්

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ආශ්‍රිත කොවිඩ් රැල්ල ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. පෑලියගොඩ අනුපොකුරත් සමග ආසාදිතයින්ගේ පැතිරිම දිවයිනේ සෑම ප්‍රදේශයකම විහිදී පවතින බවත් මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිපදෙනෙක්ද මේ වන විට වාර්තා වී ඇති බවත්…

covid infections and deaths

තවත් කර්මාන්තශාලා දෙකකින් කොරෝනා ආසාදිතයින් මතුවෙයි

කටුනායක පිහිටි තවත් කර්මාන්තශාලා දෙකකින් කොරෝනා ආසාදිතයන් හමුවී තිබෙනවා. ‘DPL ග්ලවුස්’ කම්හලේ සේවකයන් හත් දෙනෙකුට සහ ‘ඇන්සෙන් ලංකා’ කර්මාන්ත ශාලාවේ එක් ආසාදිතයෙකු මෙලෙස හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් පරීක්ෂණවලට ලක් කිරීමට නියමිත අතර නිරෝධායන කිරීමටද කටයුතු කර තිබේ.

train2 sri lanka railway time table 2021

සියලූම කාර්යාල දුම්රිය සහ සියලූම මගී දුම්රියන් අද සිට අවලංගු කරයි

උසස් පෙළ සිසුන්ට වෙන්කළ දුම්රිය හැර, ප‍්‍රධාන මාර්ගයේ, පුත්තලම මාර්ගයේ, කැළණි වැලි මාර්ගයේ සියලූම කාර්යාල දුම්රිය සහ සියලූම මගී දුම්රියන් අද සිට අවලංගු කර තිබෙනවා. ඒ කොළඹ කොටුව පොලිස් බලප‍්‍රදේශයට නිරෝධායන ඇදිරි නිතිය පැනවීම හේතුවෙන්. සියලූම දුරගමන් සේවා දුම්රියන් සහ නගරාන්තර සීඝ‍්‍ර ග‍්‍රාමී දුම්රියන්ද අද සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බවයි දුම්රිය…

දෙවැනි රැල්ල පාලනයට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
|

දෙවැනි රැල්ල පාලනයට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කිරීමේ අරමුණින් ස්පාඤ්ඤය ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර රටටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇත. ස්පාඤ්ඤය මෙලෙස නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේ දෙවැනි වරටය. ජාතිය අමතමින් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා “අපි දැන් මුහුණ දී සිටින තත්ත්වය දරුණු” යැයි  අවධාරණය කළේය. ස්පාඤ්ඤය පසුගිය…

death

16 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට සිදුවූ 16 වන කොවිඩ් මරණය  වාර්තා විය. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු අද අළුයම ජිවිතක්ෂයට පත්වූ බවත් ඔහුගේ සිදුකළ PCR පරීක්ෂණය අනුව ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට සන්ධ්‍යාවේ හඳුනා ගෙන ඇති බවත්ය. මියගිය පුද්ගලයා කොළඹ 2 ලිපිනයේ පදිංචි කරුවෙකි.

lockdown areas in sri lanka today

STF කදවුරු 03ක් ලොක් ඩවුන්

ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට කොරෝනා වෛරසය වැලඳී තිබේ. ඒ හේතුවෙන් විශේෂ කාර්ය බළකා කදවුරැ තුනක් වසා දැමීමට කටයුතු කර තිබේ. දැනට එම සෙබළුන් එකොළොස් දෙනකු ආසාධිතයන් ලෙස හමුවී ඇත. රාජගිරිය, කැලණිය සහ කළුබෝවිල පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරැ හුදෙකලා කර ඇත.  

ගම්පහ ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14ක්

ගම්පහ ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14ක්

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අද (26) දිනයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14ක කාලයක් ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 වන තෙක් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි.

හැටන් නගරයේ  සියලුම වෙළදසැල් වසා දමයි

හැටන් නගරයේ  සියලුම වෙළදසැල් වසා දමයි

හැටන් නගරයෙන් පලමු කොවිඩ් ආසාදියා හමුවිමත් සමග හැටන් නගරයේ  සියලුම වෙලද සැල් වසා දැමිමට  හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර  ගෙන ඇත. මේ පිලිබදව කරන ලකද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් නගරයෙන් පලමු වරට කොවිඩ් අසාදියෙක් හමුවිමත් සමග 25වන දින උදැසන හැටන් පොදු වෙලද පල භුමිය වසා…

ගම්පහට පනවා ඇති ඇඳිරිනීතිය දිර්ඝ කරයි

ගම්පහට පනවා ඇති ඇඳිරිනීතිය දිර්ඝ කරයි

ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට (26) දින සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා විවෘතව තබන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි. මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක අතර එම දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (26) දින පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය…