කොටුව, බොරැල්ල ඇතුලු ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය පැනවේ

කොටුව, බොරැල්ල ඇතුලු ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය පැනවේ

කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ, යන පොලිස් බල ප්‍රදේශ වලට අද (25) පස්වරු 6.00 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබෙනවා. කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

හැටන් නගරයේ මාලු වෙලදසැල් වසා දමයි – සේවකයන් නිරෝධානයට

හැටන් නගරයේ මාලු වෙලදසැල් වසා දමයි – සේවකයන් නිරෝධානයට

පැලියගොඩ මාලු වෙලද සැලින් කොරෝනා රෝගින් වාර්ථාවිමත් සමග හැටන් නගරයේ මාලු වෙලද සැල් වසා දමමින් එහි සේවකයන් හය දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ පැලියගොඩ…

කොරෝනා අසාදියකු නිසා හැටන් පොදු වෙළදපල වසයි

කොරෝනා අසාදියකු නිසා හැටන් පොදු වෙළදපල වසයි

හැටන් නගරයෙන් පලමු වරට කොව්ඩ් 19 අසාදියෙක් හමුවිමත් සමග හැටන් පොදු වෙලද පල භුමිය වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගන්නා ලදි. පැලියගොඩ මාළු වෙලද සැලින් හැටන් නගරයට මාළු රැගෙන පැමිනෙන මාළු ව්‍යාපාරිකයකුගේ පි.සි.ආර්. පරික්ෂාවකින් පසු ඔහු කොවිඩ් අසාදියකු බවට තහවුරු විමත් සමග හැටන් පොදු පල භුමිය මෙසේ වසා දැමිහට පියවර ගත් බව…

wine stores sri lanka wine stores near me wine world house of wines sri lanka online wine stores whisky price in sri lanka red wine price in sri lanka duty free liquor price in sri lanka keells

මෙරට තුන්වන කොරෝනා රැල්ල සුරාසැල් ආශ්‍රිතව

තුන්වන කොරෝනා රැල්ල සුරාසැල් ආශ්‍රිතව ඇතිවීමේ බරපතල අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු හඟවා සිටිනවා. මේ වන විට ධීවර ප්‍රජාව ආශ්‍රිතව දෙවන කොරෝනා රැල්ල ඇති වී එය බරපතල ලෙස රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක දී තුන්වන රැල්ලක් ඇති වුවහොත් රටතුළ ඉතා අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බැවින් සුරාසැල් වැසීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් තම…

රිවස්ටනුත් වැසෙයි

රිවස්ටනුත් වැසෙයි

රත්තොට ප්‍රදේශයෙන් කොරොනා වයිරසය අසාදිත වු අයෙකු හදුනා ගැනීමත් සමග රත්තොට ප්‍රදේශයේ සංචාරකයින් පැමිනෙන ස්ථාන අද(25) දින සිට වසා දැමීමට පියවර ගන්නා බව රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාරසේන තෙන්නකොන් මහතා පැවසීය. රත්තොට රිවස්ටන්, දන්දන්ක වැව ආශ්‍රිතව හා බඹරකිරිඇල්ල ආදි සංචාරකයින් වැඩි වශනේ පැමිණෙන ස්ථාන මෙසේ වසාදැමීමට පියවර ගන්නා බවත් සංචාරකයින් වැඩි පිරිසක් රත්තොට නගරය හරහා…

isolated areas in colombo

වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ තවත් ප්‍රදේශ 5කට ඇඳිරිනීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි මාලිගාවත්ත, කෙසෙල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පුවීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් බලප්‍රදේශවලට යළි දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

curfew

ගොතටුව සහ මුල්ලේරියාවටත් ඇඳිරිනීතිය

අද (24) රාත්‍රි 7.00 සිට ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බලප්‍රදේශවලට ද නිරෝධායන ඇඳිරිනීතිය පැනවා ඇත. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කරන ලදී.

GMOA – Government Medical Officers' Association

දිස්ත්‍රික්ක 05ක් වහාම වසා දමන්න – GMOA රතු නිවේදන නිකුත් කරයි

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ කේන්ද‍්‍රව මේ වන විට වෛරස් ව්‍යාපෘති සිදුවෙමින් ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. එම නිසා මෙම දිස්ත්‍රික්ක පහ වහාම වසා…

death

පහළොස්වන කොරෝනා මරණය වාර්තා වේ

තවත් කොරෝනා රෝගියෙක් මරණයට පත්ව තිබෙනවා. ඒ, කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්. කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී මෙම මරණය සිදුව තිබෙනවා.හදවතේ ඇතිවූ සංකුලතා මරණයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

train

මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කෙරේ

මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථානවල දුම්රිය නැවැත්වීමක් සිදුනොවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා පවසයි. මුහුදු බඩ මාර්ගයේ කටුකුරුන්ද සහ බෙන්තොට අතර දුම්රිය ස්ථානවලද දුම්රිය නැවැත්වීමක් සිදුනොවන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.