death

වන අලි පහර දීමකින් 32 හැවිරිදි කාන්තාවක්  මරුට

අරලගංවිල පොලොස් වසමට අයත්  නිකවත ලන්ද ප්‍රදේශයේ දී ඊයේ (20) උදෑසන වන අලි පහර දීමකින් 32 හැවිරිදි කාන්තාවක්  මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ අරලගංවිල, නිකවතලන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් (32)දෙදරු මවක්  බව පොලිසිය වැඩි දුරටත් කීය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණය සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කළේ මෙසේ මියගොස් ඇත්තේ    උදෑසන 8.30 කුඹුරට යමින් සිටියදී බවත්…

coronaupdates

කොරෝනා ආසාධිත තවත් වරාය සේවකයෙක් වලල්ලාවිටින් හමුවේ

වළල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත තවත් වරාය සේවකයෙක්, බැංකු සේවිකාවක් හා තවත් එක් අයෙක් හමුවීමත් සමග මතුගම,අගලවත්ත සහ වළල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශවලින් හමුවු කෙරෝනා ආසාධිතයින් ගණන පසුගිය (20) දා වනවිට 37 ක් දක්වා ඉහල ගොස් ඇතැයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියති. වළල්ලාවිටින් පසු ගිය (20) දා හමුවු රොා්ගීන් තිදෙනා අතර කොළඹ වරාය සේවකයෙක්….

covid infections today

මතුගම, අගලවත්ත සහ වලල්ලාවිට ප්‍රදේශවලින් කොරෝනා ආසාධිතයින් 30දෙනෙකු

මතුගම, අගලවත්ත සහ වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් කොරෝනා ආසාධිතයින් 30දෙනෙකු හමුවිමත් සමග දැනට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකළ බවත් අත්‍ය අවශ්‍යම කරුණකට හැර මතුගම ප්‍රදේශයට නොපැමිණෙන ලෙසත් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශ වලින් ඉවතට නොයන ලෙස මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඩී. ලයනල් මහතා පසුගිය දා කීවේය. මතුගමින් ආසාධිතයින් 26 දෙනෙක්, අගලවත්තෙන් 03ක්, හා වලල්ලාවිටින්…

රෝබිය දුරලන්න රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනක්

රෝබිය දුරලන්න රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනක්

රට තුළ ඇතිවී තිබෙන කොරෝනා ව්‍යසනයෙන් සියලු ජනතාව ආරක්ෂා කරගැනීම උදෙසාත් රෝ බිය දුරුකිරීම උදෙසාත් රතන සූත්‍රය සජ්ඡායනා කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙම ආගමික කටයුත්ත දිවයින පුරා පිරිවෙන්, සිල්මාතා අධ්‍යාපන ආයතන, බෞද්ධ දහම් පාසල් කේන්ද්‍ර කරගනිමින් සියලු බෞද්ධ විහාරස්ථානවල එකම වේලාවේ ආරම්භ කොට දින 10 ක් පුරා එය සිදුකිරීමටයි…

breakingnews

අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයම LockDown

අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

lockdown areas in sri lanka today

කඩවත බංගලාවත්ත Lock Down

කඩවත පොලිස් බල ප්‍රදේශයේ බංගලාවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

closed walkatha

නෙක්ස්ට් ඇඟලුම් හලේ දැනට 211කට කොරෝනා

කටුනායක ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලා තුනකින් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම ඉහළ යෑමත් සමග එක් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමන ලෙස කොවිඩ් කාර්ය සාධක බළකාය දැනුම් දී ඇත. නෙක්ස්ට් නමැති ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් පමණක් ඊයේ (20) වනතෙක් ආසාදිතයන් 211ක් වාර්තා වූ අතර චිෆ්වේ නමැති ඇඟලුම් ශාලාවෙන් 53 දෙනකු වාර්තා වී ඇත.  

මිනුවන්ගොඩ පොකුරෙන් කොරෝනා ආසාදිතයන් 180ක්

මිනුවන්ගොඩ පොකුරෙන් කොරෝනා ආසාදිතයන් 180ක්

ඊයේ දිනය තුළ දී පමණක් මිනුවන්ගොඩ පොකුරෙන් කොරෝනා ආසාදිතයන් 180ක් අලුතෙන් හඳුනාගෙන තිබේ. ඒ අනුව එම පොකුරේ මුළු ආසාදිතයන් ප්‍රමාණය 2342 දක්වා ඉහළ ගොස් ඇත.  

train

නගරාන්තර දුම්රිය ගමන්වාර කිහිපයක් නතර වෙයි

අද (21) දිනයේ සිට නගරාන්තර දුම්රිය ගමන්වාර කිහිපයක් අඩු මගී ඉල්ලුම හේතුවෙන් නතර කිරීමට තීරණය කර තිබේ. කොරෝනා අවදානම හේතුවෙන් නගරාන්තර දුම්රියවල දෛනිකව ගමන් කරන මගීන් ප්‍රමාණය විශාල ලෙස අඩු වී ඇති බැවින් නගරාන්තර දුම්රිය කිහිපයක් ගමන්වාර අවලංගු කර ඇති අතර තවත් කිහිපයක ගමන්වාර සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව  සඳහන්.  

police

කොටුව පොලීසියත් වැසෙයි – 48ක් නිරෝධායනයට

බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොටුව පොලීසියේ රාජකාරී කටයුතු තාවකාලිකව නතර කර තිබේ. කොරෝනා ආසාදිත පොලිස් නිලධාරියා වාර්තා වීමෙන් පසු විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරින් සියලු දෙනාම මේ වන විට නිරෝධායනයට යොමු කොට ඇති බවත්, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් 48ක් එම පොලිස් ස්ථානය තුලදීම නිරෝධායනයට ලක් කොට ඇත….