ආමර්වීදිය පොලීසියේ නිලධාරීන් 16ක් නිරෝධායනයට

ආමර්වීදිය පොලීසියේ නිලධාරීන් 16ක් නිරෝධායනයට

ආමර්වීදිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. පොලිස් සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. එම හේතුවෙන් ආමර්වීදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් 16 දෙනෙකු නිරෝධායනයට ක්‍රියාවලිය සඳහා යොමු කර…

ලොකු ලූණු රුපියල් සියයකට අලෙවි කළ නොහැකි තත්වයක්

ලොකු ලූණු රුපියල් සියයකට අලෙවි කළ නොහැකි තත්වයක්

ලොකු ලූණු සඳහා පනවා තිබූ බද්ද ඉවත් කිරීමත් සමගම දේශීය ලූණු ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් රුපියල් සියයක් වැනි මිලකට ලොකු ලූණු අලෙවි කළ නොහැකි බවත් පොලොන්නරුවේ ලොකු ලූණු ගොවියෝ පවසති. මේ වන විට තමන් සන්තකයේ ලොකු ලූණු කිලෝ ලක්ෂයක් පමණ පවතින බවත් පොලොන්නරුව පමණක් නොව අනුරාධපුරය,.යාපනය,මාතලේ යන දිස්ත්‍රික්කවල ලූණු ගොවියාත් මේම තත්ත්වය…

covid infections today

තවත් බැංකු සේවකයෙක්ට කොරෝනා

තවත් පෞද්ගලික බැංකුවක සේවකයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඒ, මතුගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ආයතනයක සේවකයෙකුටයි. මේ අතර  මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. එම ගම්මාන ඇසුරෙන් කොරෝනා…

isolated areas in colombo

කුලියාපිටියේ ගම් 4කට සංචරණ සීමා

කුලියාපිටියෙන් කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමගින් ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට පියවර ගෙන තිබේ. ගයියාල , ඌරුපිටිය, ඇන්නරුව සහා පල්ලේවල යන ගම්මාන 04ට මෙලෙස සංචරණ සීමා පනවා ඇත. කුලියාපිටියේ පිහිටි දේවස්ථානයක පසුගිය දෙවැනිදා පැවැති මංගල උත්සවයකට මෙම පිරිස සහභාගී වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

5000

පන්දහසේ දීමනාව අගහරුවාදා සිට – වියලි ආහාර මල්ලකුත්

කොවිඞ් 19 වසංගතය පැතිරයාම පාලන සඳහා පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ති‍්‍රක්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක මුදලක් වෙන් කර තිබෙනවා. අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ එම මුදල් ලබා දීමේ පළමු අදියර ලබන අගහරුවාදා සිට ආරම්භ කරන බවයි. මුලින්ම ඇදිරි නීතිය පැනවූ හා දැනට…

කොවිඩ්-19 වැලැක්විය හැකි තීරණාත්මක සාධකයක්

කොවිඩ්-19 වැලැක්විය හැකි තීරණාත්මක සාධකයක්

කොවිඩ් 19 සමාජ ගත වීම වැලැක්වීම සඳහා තීරණාත්මක සාධකය වන්නේ මහජනතාවගේ සහයෝගය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුර ව්‍යාප්ත වීමට බලපෑ ප‍්‍රධානම හේතුවක් වන්නේ මහජනතාවගේ අනාරක්ෂිිත හැසිරීම් රටාව බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පෙන්වා දෙන්නේ. ජනතාව තවදුරටත් වගකීම් විරහිත ලෙස ක්‍රියා කළහොත් ඉදිරියේදී කොරෝනා සමාජ ගතවී ඇති බවට නිවේදනය කිරීමට…

තලවාකැලේ වෙළදසැලක් ගිනීගනි

තලවාකැලේ වෙළදසැලක් ගිනීගනි

තලවාකැලේ නගරයේ වෙළදසැලක් තුල 18වන දිනක අලුයම හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම වෙළද සැලට දැඩි හානි සිදුව ඇත. මෙම වෙළදසැල තුල ගින්න හට ගත් අවස්ථාවේ තලවාකැලේ පොලිසිය, යුධ හමුදාව, තලවාකැලේ ලිදුල නගර සභාව හා ප්‍රදේශයේ ජනතාව එකත්ව එම ගින්න නිවා දැමිමට පියවර ගෙන ඇති අතර එම ගින්න මැඩ පවත්වන විටද එම වෙළදසැලේ බඩු භාන්ඩ සියල්ල…

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2016ක් දක්වා ඉහළට

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2016ක් දක්වා ඉහළට

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට කොරෝනා ආසාදිතයින් 121ක් හඳුනාගැනීමත් සමග සමස්ථ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල හා එහි ආශ්‍රිත ආසාදිත ගණන 2016 ක් බව කොරෝනා පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරම්න් කොරෝනා පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ ඉන් 115ක් ම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් බවයි.  

GMOA – Government Medical Officers' Association

GMOA අනතුරු ඇඟවීමක්

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් සිදුනොකළහොත් ඉදිරියේදී රටම වසා දැමීමේ අවදානම් සහිත තත්ත්වයක් උද්ගත වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. එම සංගමය සඳහන් කළේ වර්තමානයේ කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනෙන ප්‍රදේශ සිතියම්ගත කර එම ප්‍රදේශ වසා දැමීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි. මේ දක්වාත් වසංගත රෝග විද්‍යා අංශය ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති…

පොලොන්නරුව මහ රෝහලේ 22 වාට්‍ටුව වැසේ

පොලොන්නරුව මහ රෝහලේ 22 වාට්‍ටුව වැසේ

පොලොන්නරුව මහ රෝහලේ 22 වාට්‍ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි අනාවරණය කරගෙන තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන 22 වාට්‍ටුව වසා දැමීමට රෝහල් බලධාරින් ක්‍රියා කොට තිබේ. මෙම කාන්තාව ඉකුත් 10 වන දින අසනීප තත්ත්වයක් නිසා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත.වෙනත් අසනීපයක් නිසා මිනුවන්ගොඩ ප්‍රදේශයේ දේශීය…