gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. නව ගැසට් පත්‍රයට ඇතුළත් නීති අතරට, කොරෝනා සම්බන්ධයෙන් වන රෝගි ප්‍රදේශයක් තුළ, පොදු ස්ථානයක සිටින තැනැත්තෙකුම හෝ වෙනත් තැනැත්තෙකු සමග සමීපස්ථවීමට හැකියාව ඇති වෙනත් යම් ස්ථානයක සිටින සෑම තැනැත්තෙකුම, *සෑම අවස්ථාකදීම මුව වැස්මක් පැළඳ සිටිය යුතු ය. *තැනැත්තන්…

ගිනි අවි බලපත්‍ර අලුත් කිරිම තාවකාලිකව අත්හිටුවේ

ගිනි අවි බලපත්‍ර අලුත් කිරිම තාවකාලිකව අත්හිටුවේ

රට පුරා පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත ගිනි අවි බලපත්‍ර අලුත් කිරිම හා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යාතන බලපත්‍ර අලුත් කිරිම තාවකාලිකව අත්හිටවු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 2021 වර්ෂයට අදාලව ගිනි අවි බලපත්‍ර අලුත් කිරිම හා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යාතන බලපත්‍ර අලුත් කිරිම මීට සති කිහිපයකට ඉහතදි ආරම්භ විය. නමුත් රටේ පවතින වාතාරණය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය හේතූන්…

covid infections and deaths

රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් කොරෝනා මතුවේ

රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් සිවුදෙනකු හමුවී ඇත. ඒ ආශ්‍රිත ප්‍රදේශයෙන් මීට දින කිහිපයකට පෙර දේවගැති වරයෙකුට කොරෝනා ආසාදන වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් වූ කිහිප දෙනෙකුට මෙසේ වෛරසය වැලඳී ඇත. රද්දොළුගමට ඇඳිරි නීතිය පනවා නැතත් ජනතාව නිවෙස්වලට වී සිටීම නිසා ප්‍රදේශයේ මාර්ග පාළුවට ගොස් ඇත.

HNB සේවකයෙකුට කොරෝනා

HNB සේවකයෙකුට කොරෝනා

කොළඹ ටි.බී. ජයා මාවාත  පිහිටි හැටන් නැෂනල් බැංකුවේ ශාඛාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. දැනට ඒ ශාඛාව වසා දමා ඇති අතර සෙසු සේවකයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකරන බව බැංකුව නිවේදනය කරයි. සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදු කරන බවද නිවේදනයේ සඳහන් වෙයි.

වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ්

වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ්

වත්තල, හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දෙක් ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම පුද්ගලයා පසුගිය 3 වැනිදා දක්වා හැඳල හන්දියේ බත් පැකට් විකුණා තිබේ. එම පුද්ගලයාගෙන් බත් පැකට් මිලදී ගත් අය සිටීනම් ආසන්නම මහජන සෞඛ්‍ය නිලධාරියාව හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරියාව හැකි ඉක්මනින් දැනුවත් කරන ලෙස බලධාරීන් ඉල්ලීය.

තවත් පෞද්ගලික රෝහලක් වසා දැමේ

තවත් පෞද්ගලික රෝහලක් වසා දැමේ

අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික රෝහලක් අද (15) උදෑසන වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පියවර ගත්තා. කොවිඩ්-19 යැයි සැකසිතෙන රෝගියෙකු මේ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණියේ යයි කියන ලද තොරතුරකට අනුව පෞද්ගලික රෝහල වසා දැමීමට පියවරගත් බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළා.

busstand

කොරෝනා රෝගීන් ගමන් ගත් බස් රථ අංක සහ ධාවන ප්‍රදේශ මෙන්න

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන තිබේ. ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව තහවුරු කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, “අපි හඳුනා ගෙන තියෙනවා බස් රථ ගණනාවක්, ND 4890 කොළඹ – මැදගම ගිය බස් රථයේ…

පල්ලියක් අසල අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක්

පල්ලියක් අසල අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක්

යාපනය නගරයේ කතෝලික පල්ලියක් ආසන්නයෙන් අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 3 ක් සමගනින් ඩෙටනේටර් තොගයක්  (13) දින සවස සොයාගත් බවට යාපනය පොලිස් විශේෂකාර්ය බලකාය පවසයි. යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් යුද හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව යාපනය සෙන්පැටික්ස් කතෝලික පල්ලියක් ආසන්නයේදී සඟවා තිබියදී මෙම පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

මැනිං වෙළෙඳ සංකීර්ණයේ කඩත් වැසේ

මැනිං වෙළෙඳ සංකීර්ණයේ කඩත් වැසේ

කොරෝනා අවදානම හේතුවෙන් පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණයේ වෙළඳ 32 ක් වසා දමා තිබේ. මැනිං වෙළෙඳ සංකීර්ණයේ සේවකයකුගේ බිරිඳක් කොරෝනා ආසාදිත ලෙස හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගෙන ඇත. ආරක්ෂිත පියවරක් ලෙස වෙළඳසැල වසාදැමීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදුන් බව එහි පරිපාලනය කියයි.

පොලොන්නරුවේ 47 දෙනෙකුට කොරෝනා

පොලොන්නරුවේ 47 දෙනෙකුට කොරෝනා

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 47 දෙනෙකු කොරෝනා වෛරසය ආසාධිතයින් බවට හදුනාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කළ හැකි රෝගීන් සංඛ්‍යාව උපරිම මට්ටමක පවතින බවත් තවත් ආසාධිතයින් හඳුනාගතහොත් ඔවුන් වෙනත් රෝහල් කරා යොමු කිරීමට සිදු වන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…