ඉදිරි දින තුනේ සේවකයින්ගේ පුද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කරන්න

ඉදිරි දින තුනේ සේවකයින්ගේ පුද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කරන්න

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ සේවක සේවිකාවන්ගේ පුද්ගලික ලිපි ගොනු කිසිවක් යාවත්කාලීන වී නොතිබීම නිසා ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේදි අපහසුතාවයට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒහි තිබු පුද්ගලික ලිපි ගොනු වලට අනුව බොහෝ දෙනා සොයා ගැනීමේදි සිටියේ ලබා දී තිබු ලිපිනයන් වල නොවන බවත් ඒමෙන්ම ඔවුන් සම්බන්ධ…

නිවසක මිය ගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් හමුවේ

නිවසක මිය ගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් හමුවේ

හැටන් හිජ්රා පුර ප්‍රදේශයේ නිවසක මිය ගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් හැටන් පොලිසිය විසින් 12වන දින සොයාගෙන ඇත. මෙම මල සිරුර ත්‍රිරෝධ රථ රියදුරකු වන පලනි ආන්ඩ්‍රි නැමැති පුදද්ගලයකුගේ බවටද හැටන් පොලිසියේ නිලධාරින් විසින් අනාවරන කර ගෙන ඇත. මෙයට දින තුනකට පමන පෙර සිටම මෙම පුද්ගලයාගේ ත්‍රිරෝධ රථය නිවස ඉදිරිපිට නවතා තිබිම සම්බන්දයෙන් සැක සිතු…

පොලොන්නරුවේ පවුල් 5ක් නිරෝධායනයට

පොලොන්නරුවේ පවුල් 5ක් නිරෝධායනයට

පොලොන්නරුව  දිස්ත්‍රික්කයෙන් මෙතෙක් සමාජයෙන් කොරෝනා රෝගීන් හමු වී නැති බවත් දිවුලපිටිය, මිනුවන්ගොඩ පොකුරෙන් මෙතෙක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ආශ්‍රිතයන් පවුල් 5ක් හදුනාගෙන නිවෙස් තුළ ම නිරෝධායනයට ලක් කර ඇති බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍ය…

කුලී ගමන් රථ භාවිතා කරන පාරිභෝගිකයින්ගේ දුරකථන අංක ළඟ තබා ගන්න

කුලී ගමන් රථ භාවිතා කරන පාරිභෝගිකයින්ගේ දුරකථන අංක ළඟ තබා ගන්න

සිය වාහනයේ ගමන් කරන පුද්ගලයින් පිළිබඳ සටහනක් තබා ගන්නා ලෙස පොලිසිය, ත‍්‍රීරෝද රථ රියදුරන් සහ ප‍්‍රවාහන සේවා සපයන කුලී රථ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඇතැම් පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ මෙතෙක් හෙළි කරගැනීමට නොහැකි වි ඇති බැවින් එවැනි ගමන් සටහනක් තබාගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. මේ අතර…

වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක භටයෙකු මරුට

වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක භටයෙකු මරුට

දිඹුලාගල මගුල්දමන සිවිල් ආරක්ෂක බලකා ගොවිපලේ වගාවන් ‍රැක බලාගෙන සිටි සිවිල් ආරක්ෂක භටයෙකු පෙරේදා(10) රාත්‍රියේ වන අලි පහරදීමකින් මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ වැලිකන්ද ,අසේලපුර,මහින්දාගම,අංක 52 ලිපිනයේ පදිංචිව සිටි මංජුල ප්‍රදීප් කුමාර ගුණතිලක (33) නම් දෙදරු පියෙකි. පොලිසිය පවසන අන්දමට මෙම සිවිල් ආරක්ෂක සෙබලා පෙරේදා(10) මගුල් දමන සිවිල් ආරක්ෂක බලකා ගොවිපලේ…

ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කෙරේ

ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කෙරේ

ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස  නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කර තිබේ. ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමා අතින් අධිකරණ අමතාංශයේදී ඊට අදාළ පත් කිරීමේ ලිපිය ලබා ගැනීම සිදු විය. නීතිඥ වරයෙකු ලෙස වසර 25 ක පළපුරුද්දක් ඇති ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහා භාරකාර ලෙස හා ශ්‍රී ලංකාවේ මහාභාරකාර තැනගේ…

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයින් 51ක්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයින් 51ක්

තවත් කොවිඩ් ආසාදිතයන් 51දෙනකු අද (12) පස්වරුවේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් 51 දෙනාම මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් වේ. ඉන් 15 දෙ‍ෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර අනෙක් 36 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් සේවකයන්ගේ සමීපතමයන් වේ.

පුලතිසිපුර විද්‍යාපීඨය නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි

පුලතිසිපුර විද්‍යාපීඨය නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි

පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයත් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යුධ හමුදාව විසින් ඊයේ (11) භාර ගනුලැබ ඇත. පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පළමු වසර ශික්ෂණ ලාභී ගුරු මානවක මානවිකාවන් 320 දෙනෙකු පෙරේදා ම විශේෂ බස් රථ යොදවා සිය නිවෙස් බලා පිටත්කර වීමට ද යුධ හමුදාව කටයුතු කළේ ය. අධ්‍යාපන අමාත්‍යංශය නිල වශයෙන් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ …

බ්‍රැන්ඩික්ස් නොකියන ඇත්ත – ප්‍රදීපිකාගේ හෙළිදරව්ව!
|

බ්‍රැන්ඩික්ස් නොකියන ඇත්ත – ප්‍රදීපිකාගේ හෙළිදරව්ව!

දිවුලපිටිය, හොරගස්මුල්ල පදිංචි ප්‍රදීපිකා සුදර්ශණී යැයි කීවාට රට්ටු ඇය හඳුනන්නේ නැත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඒකේ කොරෝනා වැලදුන පළමු කාන්තාව යැයි කීවොත් මුලු රටම ඇයව හඳුනන්නීය. ඒ් තරමට ඇය ඒක් දිනකින් ජනප්‍රිය වුවාය. ඇයට කොරෝනා වැලඳුන ආකාරය පිලිබඳ අදටත් හෙළි නොවුනද ඇය කොරෝනා ආසාදිතයෙකු වීම නිසා මේ වන විට ඇය සේවයක කළ කර්මාන්ත ශාලාවේ සේවකයින්ට සිදු කෙරුණු…

covid infections and deaths

NDB බැංකුවේ සේවකයෙකුට කොරෝනා : 12 දෙනෙක් නිරෝධායනයට

NDB බැංකුවේ සේවකයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු කර ගෙන ඇත. එම සේවකයා මිනුවන්ගොඩ සිට මැරින් ඩ්‍රයිව් හි පිහිටි NDB බැංකුවේ සේවය කිරීමට පැමිණි අයෙකු වේ. අදාල සේවකයා ණය අංශයේ සේවය කරන අතර අනෙක් සේවකයන් 12 දෙනා මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමුවී ඇත.