රූපවාහිනී නාලිකා සේවකයන් කොරෝනා පරීක්‍ෂණයට

රූපවාහිනී නාලිකා සේවකයන් කොරෝනා පරීක්‍ෂණයට

රජයේ රූපවාහිනි නාළිකාවක සහ පුද්ගලික රූපවාහිනී නාලිකාවක සේවක පිරිසකට කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමට කටයුතු කර ඇත. ඉකුත් පොහෝ දිනයේ මිනුවන්ගොඩ රජමහ විහාරස්ථානයේ පැවැති වැඩසටහනට සහභාගී වූ රජයේ නාලිකාවක සේවක පිරිසකට පරීක්‍ෂණ කිරීමට නිියමිතව ඇත්තේ ඊට කොරෝනා ආසාදිතයෙකු සහභාගි වූ බව හෙලිවීමෙනි. පුද්ගලික රූපවාහිනී නාලිකාවක සේවක පිරිසකටද ඊයේ දිනයේ කොරෝනා පරීක්ෂණ සිදුකර ඇත.

කඳාන විදුලි සේවකයන් 12කට කොරෝනා

කඳාන විදුලි සේවකයන් 12කට කොරෝනා

කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි, සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් පිරිසකට නව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ. ජාඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.වයි.එම් විජේසිංහ මහතා පවසා සිටියේ, ඊයේ (11) දින රාත්‍රීයේ එම ආයතනය විසින් එහි සේවකයින් 12 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇතැයි පැවසු බවය.

බොරැල්ලේ ආපනශාලා දෙකකට සීල්

බොරැල්ලේ ආපනශාලා දෙකකට සීල්

බොරැල්ල ප්‍රදේශයේ ආපන ශාලා දෙකක් වසා දැමීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ. රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී හමුවූ කොරෝනා ආසාදිතයන් එම අවන්හල්වලින් ආහාර ලබා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරයි. අදාල රෝගීන්ගේ ගැවසුනු බොරැල්ලේ පිහිටි නේවාසිකාගාරයක පිරිසක්ද කොරෝනා පරීක්ෂණයට ලක් කර තිබේ.

covid infections today

බියගම කලාපයෙන් කොරෝනා මතුවේ

බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටා ඇති කර්මාන්තශාලාවක සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඒ හේතුවෙන් එම කලාපයේ සේවක සේවිකාවන් 960 දෙනකුට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ට කොරෝනා පරීක්ෂණ සිදු කර තිබේ.  

රටේ ඕනෑම තැනකින් කොවිඩ් මතු වියහැක

රටේ ඕනෑම තැනකින් කොවිඩ් මතු වියහැක

රටේ ඕනෑම තැනකින් කොවිඩ් ආසාදනය වීමේ අවධානමක් තිබෙන බව කොවිඩ් 19 ජනාධිපති කාර්‍ය සාධක බලකායේ ප්‍රධානි යුධ හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොවිඩ් 19 යලි මෙරටට පැමිණෙන්නේ නැති බවට මහජනතාව තුල අධි තක්සේරුවක් තිබු බව ද යුධහමුදාපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපතිවරයා තමාට ලබා දුන් වගකීම තමන් අකුරටම ඉටු කර ඇති බවද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන්…

face mask for sale

මුඛ ආවරණ නොදැම්මොත් මාස හයක සිර දඬුවමක්

සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නීති බවට පත්කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. අදාළ නීති මේ වන විටත් කෙටුම්පත් කරමින් ඇති බව ද බොහෝ දුරට හෙට දිනය වන විට මෙම නීති ගැසට් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවද ඇය පවසයි. මුඛ ආවරණ පැළඳීම, මීටරයක දුරක් පවත්වා ගැනීම වැනි…

exam department

උසස් පෙළ විභාගය අද

කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (12) ආරම්භ වීමට නියමිතය. විභාගය අද දිනයේ සිට නොවැම්බර් මස 06 වන දින දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී පැවැත්වේ. මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ. විභාග මධ්‍යස්ථාන තුළ විෂබීජහරණ කටයුතු, මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම,…

ගම්පහ ලංවිම වසයි

ගම්පහ ලංවිම වසයි

ගම්පහ දිස්ත්‍රික්යේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 10 ක් ඇත්තේ නිරෝධායන පොලිස් ඇඳිරි නීතියට යටත්වය. ඒ් මිනුවන්ගොඩ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වු තෙවැනි කොරානා රැල්ල නිසාය. යම් හෙයකින් ලංවිම සේවකයන්ට ආසාදනය වී හෝ ඔවුන්ව නිරෝධානය යොමු කිරීමට සිදුවුවහොත් විදුලිය පවත්වාගෙන යාම බරපතළ ගැටලුවකට මුහුණ දෙනු ඇත. ඒ නිසා  ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති ලංවිම වැඩබිම්වල සේවය කරන සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු…

coronaupdates

මිනුවන්ගොඩ කොරෝනා පොකුර ඉහළට

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1186 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනයේ එම පොකුර ආශ්‍රිතව අසාදිතයින් 103 දෙනෙකු වාර්තාවීමත් සමගය. එම 103 දෙනා අතරට කර්මාන්තශාලා කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සහ අශ්‍රිතයින් 101 දෙනෙකු ඇතුළත් වේ. කටුනායක ආයෝජන කලාපයේ පුද්ගලයින් 14 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

කොළඹ ජාතික රෝහලේ තිදෙනෙකුට කොරෝනා

කොළඹ ජාතික රෝහලේ තිදෙනෙකුට කොරෝනා

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මේ හේතුවෙන් වාට්ටු 2 ක් සහ ශල්‍යාගාරයක් වසා දමා ඇති බවයි.