ගම්පොල ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙක්

ගම්පොල ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙක්

ගම්පොල ගල්පාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් එම පුද්ගලයා ගම්පොල මූලික රෝහලේදී පරීක්‍ෂණයට ලක් කෙරුනා. එම අවස්ථාවේදී ඔහුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී ඇති අතර මේ වන විට රෝගියා IDH රෝහල වෙතට මාරු කර යවා තිබෙනවා. ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතන සේවකයන් සමඟ විනෝද චාරිකාවකට සම්බන්ධ වූ පුද්ගලයෙකු බවයි…

ඩෙංගු මර්දන සතියක්

ඩෙංගු මර්දන සතියක්

ඩෙංගු මර්දන සතියක් කි‍්‍රයාත්මක බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා. ඒ ලබන 14 වනදා සිට 20 වනදා තෙක්. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවීමක් දක්නට ඇති බවයි ඩෙංගු මර්දන ඒ්කකය සදහන් කරයි. අධි අවදානම් සහ අවදානම් කළාපවල ඩෙංගු මර්දන වැඩපිලිවෙල කි‍්‍රයාත්මක බව වැඩිදුරටත් සදහන්.

‘යක්කු’ පිස්සු නටයි

‘යක්කු’ පිස්සු නටයි

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන සිංහල පාසලක විදුහල්පතිවරයා , ගුරුවරුන් කිහිප දෙනෙකු ඇතුළු සියකට ආසන්න පිරිසක් (07) දින සිට ස්වයං නිරෝධානයට යොමු කල බව ගිනිගත්හේන පොලිසිය පැවසිය. 2006 අපොස සාපෙල සහ 2009 වසරේ එම පාසලේ අධ්‍යාපන ලැබු ආදි සිසුන් විසින් ගිනිගත්හේන අඹගමුව කුල්බොන් ප්‍රදේශයේ සංචාරක බංගලාවක සංවිධානය කර තිබු ඇදුරු…

ඔබට හෙටක් ගමට ගෙයක්

ඔබට හෙටක් ගමට ගෙයක්

ඔබට හෙටක් ගමට ගෙයක් යන සංකල්පය යටතේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත නිවසක් සදහා මුල් ගල තැබිම 08වන දින සිදු කරන ලදි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන මුල්‍ය ආධාර මත ඉදි කරනු ලබන මෙම නිවාස හැටන් ආරිය ගම ප්‍රදේශයේ පදිංචි කාංචනා සදමාලි යන අයට ඉදිතකර…

police

යක්කලමුල්ල පොලිසිය මඟින් වාර්තාවක්

මාස දෙකහමාරක කාලයක් තුල දි යක්කලමුල්ල හා උඩුගම පොලිස් බල ප්‍රදේශ තුල බලපත්‍ර නොමැතිව ළග තබාගෙන සිටි තුවක්කු 81 සමග සැකකරුවන් 74 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව  පොලිසිය පවසයි. යක්කලමුල්ල පොලිසිය මගින් ගතවු මාස දෙකහමාරක කාලය තුලදි බලපත්‍ර නොමැති  තුවක්කු 51 ක් සමග පුද්ගලයින් 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. බෙහෙත් කොටන කැප්තුවක්කු 35ක් බදින තුවක්කු…

මත්තල ගුවන්තොටුපොළේ සියලු සේවකයින් PCR පරීක්ෂාවට

මත්තල ගුවන්තොටුපොළේ සියලු සේවකයින් PCR පරීක්ෂාවට

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවිත්‍රතා අංශයේ සේවිකාවක් කොරෝනා ආසාදිතයෙකු බව ඊයේ හඳුනා ගැනීමත් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු සේවකයින් ඊයේ දිනයේදී PCR පරීක්ෂණ සඳහා යොමු කළ බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී .වී චානක මහතා පැවසීය. මේ අතර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලුම සේවකයින්ද PCR පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබේ.

coronaupdates

කොළඹ පාසැලක සිසුවෙකුගේ මවට කොරෝනා

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුන් ඇතුළු ඔහුගේ පවුලේ සියලුම සාමාජිකයන් නිරෝධනයට ලක්ව තිබේ. ඔවුන්ගේ පවුලේ සියලු දෙනාටම මේ වන විට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර ප‍්‍රතිඵල සම්බන්ධයෙන් දැනුවත් කරන බව විදුහල විසින් නිවේදනය කරයි.

ICBT සරසවියේ සිසුවෙකුට කොරෝනා

ICBT සරසවියේ සිසුවෙකුට කොරෝනා

ICBT පෞද්ගලික විශ්ව විද්‍යාලයෙහි ඉගෙනුම ලබන සිසුවෙකුට නව කොරෝනා ආසාදනය වී ඇති බව එම විශ්ව විද්‍යාලය නිවේදනය කර සිටිනවා. සිය නිල ෆේස්බුක් පිටුවේ අදාළ නිවේදනය නිකුත් කරමින් ඔවුන් පවසන්නේ අදාළ සිසුවා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි. මේ අතර මෙම සිසුවා ඉකුත් ඔක්තෝම්බර් මස 04 වෙනිදා කොළඹ පිහිටි ICBT විශ්ව විද්‍යාලයට පැමිණ ඇති බවයි.

නිසි ආවරණයකින් තොරව මුඛ ආවරණ විකිණිමට

නිසි ආවරණයකින් තොරව මුඛ ආවරණ විකිණිමට

හැටන් නගරයේ සමහර වෙලද සැල්වල නිසි ආවරණයකින් තොරව මුඛ ආවරණ විකිනිමත් සමග එම මුඛ ආවරන භාවිතා කරන පිරිස් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු විමේ අවදානමක් හට ගෙන ඇත. නගරයේ සමහර වෙලද සැල්වල මෙම මුඛ ආවරණ පොලිතින් ආවරණයකින් තොරව එලිමහනේ එල්ලා විකිනිම සිදු කරන අතර මෙම තත්වයන් මත එම මුඛ ආවරණවලට දුවිලි ආදිය මුසු විමත් සමග එම…

දියේ ගිලී තරුණයෙකු මරුට

දියේ ගිලී තරුණයෙකු මරුට

වීරකැටිය උඩුකිරිවිල වැවේ ඔරු පදින්නට ගිය තරුණයන් සිවු දෙනෙකු අතුරෙන් එක් තරුණයෙකු  දියේ ගිලී මරුමුවට පත්ව ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇත්තේ මාතර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 වැනි වියේ පසු වූ තරුණයෙකි.ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙණුම ලැබූ සිසුවෙකු බව ඥාතීහු පැවසූහ. මරණයට පත්වූ සිසුවා වීරකැටිය ප්‍රදේශයේ මිතුරෙකු ගේ නිවසට…