ආණමඩුව ආඬිගම පුනුපිටියට සංචරණ සීමා
ආණමඩුව ආඬිගම පුනුපිටිය ගම්මානයට දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත. එම ප‍්‍රදේශයේ පදිංචි කටුනායක ගුවන් තොටුපලේ සේවය කරන විසි තුන් හැවිරිදි තරුණයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන ඇත.
ආණමඩුව ආඬිගම පුනුපිටිය ගම්මානයට දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත. එම ප‍්‍රදේශයේ පදිංචි කටුනායක ගුවන් තොටුපලේ සේවය කරන විසි තුන් හැවිරිදි තරුණයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන ඇත.
දිවුලපිටිය ඇගළුම් කර්මාන්තශාලාවේ තවත් සේවකයන් 190 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඒ තහවුරු වී තිබේ. ඒ සමගම එහි වාර්තා වන ආසාදිත ප්‍රමාණය 1022 දක්වා ඉහළ ගොස් ඇත.
රාගම රෝහලේ ප්‍රතිකාර සදහා යොමුකර සිටි කොරෝනා ආසාදිතයකු එම රෝහලෙන් පැන ගොස් තිබේ. පෑලියගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු ඊයේ රාත්‍රියේ එම රෝහලින් පලාගොස් ඇත. අද උදෑසන ඔහු ආරක්ෂක අංශ විසින් සොයා ගෙන නැවතත් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාව පවසයි. මේ අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයින් 4000 කට අධික පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ…
තවත් කොරෝනා ආසාදිතයන් පස්දෙනකු කටුනායක පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ. ඔවුන්ගෙන් හතර දෙනකු දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ආයතනයේ සේවය කරන සේවක පිරිස් බව කටුනායක පොලීසිය සඳහන් කරයි. ඉන් සේවිකාවකගේ දරුවකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ කීප දෙනකුට ඉකුත් සැප්තැම්බර් මස 20 වැනිදා සිටම උණත් සමග ශ්වසන ආබාධ තත්ත්වයන් පැවැති බවට අනාවරණය වී ඇත. එමෙන්ම එම ආයතනයේදී වයිරසය ආසාදනය වූ පළමු කාන්තාව ගම්පහ රෝහලේදී හඳුනාගත් කාන්තාව නොවන බවද වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියයි. බස්නාහිර පළාතෙන් පිටතට ගොස් සිටි බ්‍රැන්ඩික්ස් සේවකයන් 495න් අඩක්…
අද සවස 6.00 සිට යලි දැනුම් දෙනතුරු ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාශ 15ක් වෙත ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව පොලීස් මුලස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ අනුව ගම්පහ, යක්කල, වැලිවේරිය, වේයන්ගොඩ, දිවුලපිටිය, මිනුවන්ගොඩ, ගනේමුල්ල, මීරිගම, කිරිඳිවැල, දොම්පේ, වීරගුල, මල්වතුහිරිපිටිය, පූගොඩ, පල්ලේවෙල, දොම්පේ ඇතුළු පොලිස් බල ප්‍රදේශ 15කට මෙසේ ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.
බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ. එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් යුද හමුදාව…
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට යලි දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මිට අමතරව දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට ද පනවා තිබෙන ඇඳිරි නිතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි.
මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව මේ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් ආසාදනය වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 569ක් වනවා.