ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මකයි

ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මකයි

දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප‍්‍රදේශවලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මකයි. මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේදී පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අදාළ ප‍්‍රදේශවල ජංගම මුර සංචාර ද…

news sinhala sri lanka

ගම්පහ පාසැල් සහ උපකාරක පංති සිකුරාදා දක්වා වසා තැබේ

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල් සහ පෞද්ගලික උපකාරක පංති හෙට (05) සිට වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පැවසීය. ඒ් අනුව සදුදා සිට සිකුරාදා දක්වා සියලු පාසල් හා උපකාරක පන්ති වසා දැමේ

curfew

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා තිබේ. බෙම්මුන්න, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා මෙම සංචරණ සීමා පනවා ඇති බව වාර්තා වෙයි ඊට අමතරව මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල, ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා…

coronaupdates

දිවුලපිටියේ කතකට කොරෝනා

දිවුලපිටිය ප්‍රදේශයේ 39 හැවිරිදි කාන්තාවකට කොරෝනා ආසාදිතව IDH රෝහලට ඇතුළත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඇයගේ ආශ්‍රිතයින් 55ක් ද නිරෝධායනයට ලක් කර තිබෙන බවය.

badweather

අද බස්නාහිර සහ මධ්‍යමට සිහින් වැසි

අද(04) දිනයේ බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 40 පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

විස්කි කන්ටේනරයක් වතුර වෙලා
|

විස්කි කන්ටේනරයක් වතුර වෙලා

ප්‍රතිඅපනයනය සඳහා රජයේ තීරුබදු ගාස්තුවලින් නිදහස්ව මෙරටට අනායනය කළ විස්කි ඇතුළු විදේශ මත්පැන් ලීටර් 11,257ක් සහිත කන්ටේනරයක තිබූ මත්පැන් බෝතල් ඉවත්කර ඒ වෙනුවට දමා තිබූ පානීය ජල බෝතල් 17,685ක් සහිත පෙට්ටි 1,179ක් රේගු නිවාරණය අංශය විසින් ඊයේ සොයා ගනු ලැබීය. මෙම බදු වංචාව හේතුවෙන් රජයට  රුපියල් කෝටි 4ක බදු ආදායමක් අහිමි වී ඇති බව රේගු…

surasal

සියලු සුරාසැල් වසා දැමීමට පියවර

දිවයින පුරා සියලු සුරාසැල් වසා දැමීමට පියවර ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අදට යෙදි ඇති ලෝක අමද්‍යප දිනය වෙනුවෙනි. එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, අද දිනයේ දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක අතර ඊට සුරාබදු නිලධාරීන් 900 ක් පමණ යොදවා ඇති බවය.

කොළඹ වැසිකිළි කැලණි ගඟට

කොළඹ වැසිකිළි කැලණි ගඟට

කොළඹ දිස්ත්‍රික්කයේ කැලණි ගඟ දෙපස නිවාසවල වැසිකිළි දස දහසකට (10,000) අධික සංඛ්‍යාවක අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ එම ගංගාවට බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. කිතුල්ගල සිට කැලණි ගඟ මුහුදට වැටෙන ස්ථානය දක්වා කලාපයේදී තෝරාගත් ස්ථාන 17කින් ජල සාම්පල ලබාගෙන නිරුතුරු පරීක්ෂාවට ලක් කෙරෙන බවද මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඇතැම් කර්මාන්තශාලාවලින්ද හොර රහසේ වැසිකිළි අපද්‍රව්‍ය ඇතුළු දෑ කැලණි…

දිවියන් නිවෙස්වල ඇති කරන බල්ලන් කුකුලන් ඩැහැගනියි

දිවියන් නිවෙස්වල ඇති කරන බල්ලන් කුකුලන් ඩැහැගනියි

කොටගල ක්‍රිෂ්ලට් ෆාම් ප්‍රදේශයේ සැරි සරන දිවියන් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට පත්ව ඇති අතර එම තත්වයන් මත එම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ප්‍රදේශයේ සැරි සරන දිවියන් රාත්‍රි කාලයේ එම ප්‍රදේශයේ නිවෙස් අසලට පැමිනෙන අතර රාත්‍රි කාලයේ එම නිවෙස්වල ඇති කරන සුනඛයන් කුකුලන් ඇද ගෙන යාමත් සමග රාත්‍රි කාලයේ එහි ජනතාව…

පාසල් ළමුන් ඉලක්ක කර බාබුල් ජාවාරමක්

පාසල් ළමුන් ඉලක්ක කර බාබුල් ජාවාරමක්

බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් බුත්තල නගරයේ සිදුකළ වැටලීමකදී පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් සිදුකළ ගංජා මිශ්‍ර බාබුල් අලෙවි කිරිමේ ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර වැටලීමේදී අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ එම බාබුල් පැකට් 5300 ක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා. ජාවරම්කරුවන් විසින්…