ගෙවතු විසි හතර ලක්ෂයක් වගා කිරීමේ ව්‍යාපෘතියක්

ගෙවතු විසි හතර ලක්ෂයක් වගා කිරීමේ ව්‍යාපෘතියක්

ජාතික ගෙවතු වගා වැඩසටහන යටතේ දිවයින පුරා ගෙවතු විසි හතර ලක්ෂයක් වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ගෙවතු වගා වැඩසටහනට සම්බන්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ (22) පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. ජාතික,…

කැරට්, බෝංචි ගණන් උස්සයි

කැරට්, බෝංචි ගණන් උස්සයි

හැටන් ප්‍රදේශයේ එලවලු මිල ඉහල යාමත් සමග ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. පසු ගිය දිනවලට වඩා එලවලු  මිල මේ වන විට ඉහල ගොස් ඇති බවත් ඒ අනුව බෝංචි ක්‍රිලොව රුපියල් 320/=ත් මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 400/=ත් කැරට් ක්‍රිලෝව රුපියල් 240/=ත් වැනි මිලකටද අනිකුත් එලවලු මිලද ඉහල ගොස් ඇති බවත් ප්‍රදේශයේ ජනතාව පවසති. එලවලු…

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැසේ

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැසේ

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයෙකු Covid 19 ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමග කතානාපති කාර්යාලය සති 02කට වසා දමන බව සදහන් වේ.

මංතීරු නීතියේ තවත් වෙනසක් අද

මංතීරු නීතියේ තවත් වෙනසක් අද

බස් ප්‍රමුඛතා මංතීරුවේ අද (23) දින සිට ධාවනය කළ හැකි රථ වාහන සම්බන්ධයෙන් වෙනසක් සිදුකර තිබේ. අද (23) දින බස් මංතීරුවේ ධාවනය කළ හැකි වන්නේ මගී ප්‍රවාහන බස් රථ, පාසල් සේවා බස් සහ වෑන් රථ, කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණීයි. යතුරු පැදි සහ ත්‍රිරෝද රථවලට දෙවන මංතීරුව භාවිත කල හැක.

Navy

‘MT New Diamond’ නෞකාවේ තුවාල ලැබූ නාවිකයා බේරාගත් නාවික විරුවන් ඇගයේ

පසුගිය සැප්තැම්බර් 03 වන දින ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනිගැනීමක් හේතුවෙන් ආපදාවට පත් MT  NEW DIAMOND නැමති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ එම සිදුවීම හේතුවෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි නෞකා කාර්ය මණ්ඩලයේ තෙවන ඉංජිනේරු නිලධාරියාගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධවූ නාවික පුද්ගලයන්ගේ එම සුවිශේෂී ක්‍රියාව අගයා ඔවුන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ප්‍රශංසාත්මක ලිපි…

මරණයට අත්වැල අල්ලන ගල්ගේලන්ද අත්වැල් පාලම

මරණයට අත්වැල අල්ලන ගල්ගේලන්ද අත්වැල් පාලම

බදුලු ඔය හරහා ඉදිකර ඇති තල්දෙන ගල්ගේලන්ද අත්වැල් පාලම දැඩි සේ අබලන් වීම හේතුවෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙන, ගල්ගේලන්ද 12 කණුව, කුකුරුමහන්තැන්න ඇතුළු ගම්මාන රැසක පවුල් 300ක් පමණ විවිධ ප්‍රවාහන අපහසුතා රැසකට මුහුණ පා සිටිති. පාලම වසර ගණනාවකින් පිළිසකර නොකිරීම එය මෙලෙස අබලන් වීමට හේතුව බව ප්‍රදේශයේ ජනතාව පවසති. මේ වනවිට පාලමේ පතුලට…

මානව හිමිකම් කොමිසමට පැමිණිලි 2000ක්

මානව හිමිකම් කොමිසමට පැමිණිලි 2000ක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිළි 2000 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙන බව වාර්තා වෙයි. මේ වසර ආරම්භයේ සිට පැමිණිළි 2074 ක් ලැබී තිබෙනවා. ඒවායේ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව එම කොමිසම සඳහන් කරයි. එම පැමිණීලි සම්බන්ධව පසු විපරම් කටයුතු කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සිදුකරනු ඇති.

11 වසරේ සිසුවාට කණ පැලෙන්න ගහලා

11 වසරේ සිසුවාට කණ පැලෙන්න ගහලා

‘‘ශාරීරික ව්‍යායාම ගුරුවරයා 11 වසරේ පුතාට කණ පැලෙන්න ගහලා. මේක මගේ 10 වැනි පහරදීම. 09කින්ම මම දිනුවා.පුළුවන් දෙයක් කරලා පෙන්වනවා…’’ කියා පහර දුන් ගුරුවරයා මට කිවුවා යැයි දරුවාගේ පියා කියයි. තණමල්විල ජාතික පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම විද්‍යාලයේම ශාරීරික ව්‍යායාම බාරව කටයුතු කරන ගුරුවරයා විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් අසාධ්‍ය වූ සිසුවා ප‍්‍රථිකාර…

government information center

පාර්ලිමේන්තුව රැස්වන වේලාව අද(22) සිට සංශෝධනය වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව විසින්  පාර්ලිමේන්තුව රැස්වන වේලාව අද (22) සිට සංශෝධනය කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වීම පෙරවරු 10.00ට ආරම්භ වන අතර පස්වරු 5.30ට රැස්වීම අවසන් වේ.    

මහනුවර තවත් අනතුරක් අතලඟ

මහනුවර තවත් අනතුරක් අතලඟ

මස්කෙළිය බ්‍රවුන්ලෝ වතුයායේ පවතින රූස්ස ගස් කඩා වැටිමේ අවදානමක් හේතුවෙන් එම වතුයායේ පවුල් 50ක් පමන දැඩි බියකට පත්ව ඇත. ටර්පන්ටයින් වර්ගයට අයත් රූස්ස ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බවත් එම තත්වයන් මත තමන් මේ වන විට දැඩි බියකට පත්ව ඇති බවත් එම වතුයායේ පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මෙම…