weather today at my location

කාලගුණයෙන් රතු නිවේදන

දිවයිනේ පළාත් කිහිපයක සුළං වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වල සුළං වේගය එලෙස ඉහළ යා හැකි බවයි. ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ හා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලද සුළං වේගය පැයට කිලෝමීටර් 60…

අද (21)සිට මංතීරු නීතිය තදින්

අද (21)සිට මංතීරු නීතිය තදින්

කොළඹ ප‍්‍රදේශ කි‍්‍රයාත්මක මංතීරු නීතිය හෙට සිට දැඩිව කි‍්‍රයාත්මක වන බව පොලීසිය පවසනවා. කොළඹ සහ අවට මාර්ගවල රථ වාහන තදබදය අඩු කිරීමේ වැඩපිළිවෙළක් ලෙස හඳුන්වා දුන් මංතීරු නීතිය පසුගිය සතිය පුරා පෙරහුරු වැඩසටනක් ලෙස ක්‍රියාත්මක කෙරුණි. උදෑසන 6 සිට උදෑසන 9 දක්වාත් පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත් හයිලෙවල් මාර්ගය, නුවර පාර, ගාලු පාර සහ…

aresst

පොලිස් සැරයන් අත්අඩංගුවට

ප්‍රදේශ රැසක විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් මුලාකර මුදල් වංචා කල හිටපු පොලිස් සැරයන් වරයෙක් පසුගිය දා අත් අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය කියයි. විහාරස්ථාන වල ඉදිකිරිම් සදහා විවිධ ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙනවිත් දෙන බවට පොරොන්දුවී මුදල් ලබාගන මගහැර සිටින සැකකරු පසුගිය ජූලි මස 13 දින මීගහතැන්න රත්මලේ තඹර ගිර විහාරස්ථානයට පැමිණ එහි ඉදිකිරිම් සදහා අවශ්‍ය ගඩොල් ලබාදෙන…

ඉහල කොත්මලේ වාන් දොරටු  ස්වයංක්‍රියව විවෘත වෙයි

ඉහල කොත්මලේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වෙයි

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් 19වන දින ස්වයංක්‍රියව විවෘත විඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ භාර නිලධාරියකු පවසන ලද්දේ ඉහල කොත්මලේ ජලාශයට ජලය සැපයෙන ජල පෝශිත කලාපයන්ට පවතින වැසි හේතුවෙන් මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමින ඇති බවත්ය. ජලාශයේ ජල මට්ටම පිටාර…

ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළදෙයි

ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළදෙයි

හලාවත මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ආණමඩුවේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවීමෙන් පසු ඉරණවිල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙනවා. ඉකුත් මස 16 දා ඩුබායි සිට මෙරටට පැමිණි ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු ප‍්‍රතිිකාර සදහා වැලිකන්ද රෝහලට ඇතුළත් කර…

පාංශු : බබා නෝනාගේ විමුක්ති කලාව – බූපති නලින්
|

පාංශු : බබා නෝනාගේ විමුක්ති කලාව – බූපති නලින්

මිනිස් නිදහස ආකාර දෙකකින් අභිමුඛ වේ. ඒ ආත්මීය නිදහස හා සමාජයීය නිදහස ලෙසිනි. නිදහසේ පරම ආකෘතියක් පිළිබඳ විශ්වාසයක් මේ ඕනෑම ආකෘතියක හමුවිය හැක. ආත්මීය විමුක්තියේ පරමත්වයක් ආගමකින් පොරොන්දු වන අතර (ස්වර්ගය, නිර්වාණය වැනි) සමාජයීය විමුක්තියේ පරමත්වයක් දේශපාලනය විසින් පොරොන්දු (විප්ලවය, පරිභෝජනය වැනි) වේ. විසාකේස චන්ද්‍රසේකරම් නම් සිනමාකරුවා සිය දෙවැනි සිනමා නිර්මාණය ‘පාංශු’ (2020) ඉහත සලකුණු…

බූවැලිකඩ ගොඩනැගිල්ලක් ගිලා බසී

බූවැලිකඩ ගොඩනැගිල්ලක් ගිලා බසී

මහනුවර, බූවැලිකඩ සංඝරාජ මාවතේ ඇති තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තිබේ. එම ගොඩනැගිල්ල ගිලා බැසිමකට ලක්වීමත් සමග අසල පිහිටි නිවසක් මතට එහි සුන්බුන් වැටීමෙන් ඊට යටවූ නිවසක පුද්ගලයින් 05 දෙනෙකු ගෙන් දෙදෙනෙකු දිවි බේරා ගෙන තිබෙනවා. එම නිවසේ සුන්බුන් අතර සිරව සිටින අනෙක් පුද්ගලයින් තිදෙනා බේරා ගැනීමට යුධ හමුදාව, පොලිසිය, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව…

රාජ්‍ය අමාත්‍යවරයෙක් පොල් කඩයි
|

රාජ්‍ය අමාත්‍යවරයෙක් පොල් කඩයි

සම්ප්‍රදායිකව සිදුනොකරන මාධ්‍ය ආමන්ත්‍රණයක් සිදු වුණා. ඒ දංකොටුව ප්‍රදේශයේ දී යි. වත්මන් රජයේ, රාජ්‍ය අමාත්‍යවරයෙක් වන අරුන්දික ප්‍රනාන්දු මහතා පොල් ගසක් උඩට නැගී මාධ්‍යයට අදහස් පළ කර සිටිම නිසා. ලෝක වෙළෙඳපොළේ පොල් ආශ්‍රිත නිෂ්පාදනවල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ලංකාව තුළත් පොල් මිල ඉහළ ගොස් ඇතැයි පොල්,තල්, කිතුල් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී පවසා ඇත….

weather today at my location

දිස්ත්‍රික්ක කිහිපයක නායයෑම් අවදානම්

පවතින වැසි තත්වය තෙතුවෙන් දිස්ත්‍රික්ක 04ක් සදහා නායයාමේ අනතුරු ඇඟවිම් නිවේදන නිකුත් කර ඇත. කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා. ගතවූ පැය 24 පුරා එම ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් පතිතවීම හේතුවෙන් මෙම නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ…

2020 රුවල් යාත්‍රා තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
|

2020 රුවල් යාත්‍රා තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

සිලෝන් මෝටර් යොට් සමාජය මගින් (Ceylon Moter Yacht Club) සංවිධානය කරන ලද Bart’s Bash Sailing Regatta – 2020 රුවල් ඔරු තරඟාවලිය  බොල්ගොඩ ජලාශයේදී සාර්ථකව පවත්වන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතය මගින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය. මෙම තරඟාවලිය සඳහා කොළඹ රාජකීය…