මංතීරු නිතීය යළි අද සිට

මංතීරු නිතීය යළි අද සිට

කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන් හි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මංතීරු නීතිය අද (14) සිට නැවත ක්‍රියාත්මක වේ. මංතීරු නීතිය පිළිනොපදින රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව සදහන් වේ.

වලක් හැරිමට තැත් කිරිමේදි එහි පස් කඩා වැටිමෙන් තරුණයකු මිය යයි

වලක් හැරිමට තැත් කිරිමේදි එහි පස් කඩා වැටිමෙන් තරුණයකු මිය යයි

මස්කෙළිය බ්‍රවුන්සීක් වතුයායේ වලක් හැරිමට තැත් කිරිමේදි එහි පස් කඩා වැටිමෙන් අවුරුදු 29ක් වයැසැති ඒ. එස්. රාමයියා නැමති තරුණයකු මිය ගොස් ඇත. මෙම ප්‍රදේශයට පවතින අධික වැසි තත්වයන් හමුවේ මෙම පුද්ගලයා 13වන දින වලක් හැරිමට තැත් කිරිමේදි එහි පස් කඩා වැටිමෙන් එම පස්වලට යටවි මෙම පුද්ගලයා මිය ගොස් ඇති බව මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලදි….

13 හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ හිටපු හමුදා සෙබළාට ඇප

13 හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ හිටපු හමුදා සෙබළාට ඇප

තම විවාහක බිරිඳ නිවසින් පිට රැකියාවේ නිරතව සිටියදී නිවසේ හුදෙකලාව පසුවූ 13 හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇය අඹුකමට ගත් හිටපු හමුදා භටයකු වූ නරුම පියා දැඩි ඇප කොන්දේසි මත රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් දස ලක්‍ෂයක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේය.

ගුරු හොරු මාට්ටු
|

ගුරු හොරු මාට්ටු

රජයේ පාසල් පැවත්වෙන අවස්ථාවේ අනුරාධපුර නව නගරයේ උපකාරක පන්ති පැවත්වු රජයේ පාසල් තුනක ගුරුවරුන් තිදෙනෙකු උතුරු මැද පළාත් අභ්‍යන්තර විගණන ඒකකයේ නිලධාරින්ගේ අතටම අසුවි ඇති අතර එක් ගුරුවරයෙකු වැසිකිලියක සැගවි ඔවුන් මගහැරීමට උත්සහ කලත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථවු බව පාසල් ගුරුවරුන් පිරිසක් අනාවරණය කලහ. ඔවුන්ට එරෙහි අධ්‍යාපන බලධාරින් ගතයුතු ක්‍රියාමාර්ග ටියුෂන් ගුරුවරුන්ගේ සංගමයක ඉහල බලපෑමක්මත නතරවි…

කුයිල් වත්ත ප්‍රදේශයේ මාර්ගය නාය යාමේ තර්ජනයකට

කුයිල් වත්ත ප්‍රදේශයේ මාර්ගය නාය යාමේ තර්ජනයකට

මධ්‍යම කදුකරයට පවතින වැසි තත්වයන් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල් වත්ත ප්‍රදේශයේ මාර්ගයේ කොටසක් නැවත නාය යාමේ තර්ජනයකට ලක්ව ඇත‍. මෙම මාර්ග කොටස මෙයට වසර දෙකකට පමන පෙරද මෙසේ නාය යාමේ තර්ජනයකට ලක් වුවද එම අවස්ථාවේ එම මාර්ග කොටසට  තාවකාලික පිලියම් යෙදුවද දැනට පවතින වැසි සමග එම ස්ථානය නැවත නාය යාමේ තර්ජනයකට මේ වන…

වටවල හා ගිනිගත්හේන රථ වාහන ධාවනයට බාධා

වටවල හා ගිනිගත්හේන රථ වාහන ධාවනයට බාධා

මධ්‍යම කදුකරයේ බටහිර බැනුම් ප්‍රදේශයට පවතින අධික වැසි හා සුලං තත්වයන් හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල හා ගිනිගත්හේන අතර මාර්ගයට ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට පැයක පමන කාලයක් අවහිරතා සිදුවිය. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 10වන දින උදැසන 5.50ට පමන හැටන් කොළඹ මාර්ගයේ දියගල…

ඔක්ස්ෆර්ඞ් කොරෝනා එන්නත නවතී
|

ඔක්ස්ෆර්ඞ් කොරෝනා එන්නත නවතී

කොරෝනා වෛරසය මර්දනය කිරීමේදී සාර්ථක වනු ඇති බවට අනාවැකි පළ කර තිබූ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය විසින් නිපදවා ඇති කොරෝනා මර්දන එන්නත ලබා දුන් ස්වෙච්ජා සේවකයෙකුට බරපතළ සංකූලතා මතු වීම හේතුවෙන් එම එන්නත අත්හදා බැලීමේ ගෝලීය වැඩපිළිවෙළ අත්හිටුවීමට පර්යේෂකයෝ පියවර ගෙන තිබේ.

මධ්‍යම කදුකරයට අධික වැසි – කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහලට

මධ්‍යම කදුකරයට අධික වැසි – කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහලට

මධ්‍යම කදුකරයට ඇද හැලෙන වැසි හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ භාර නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 09වන දින උදැසන 6.30 පමන වන විට කරන ලද ගනනය කිරිමේදි කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 04යි…

කොළඹ, නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක්

කොළඹ, නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව පොලීසිය සදහන් කරයි. කලගෙඩිහේන හංදිය අසල කන්ටේනර් රථයක් පෙරළීම හේතුවෙන් වන අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ – හලාවත ගමනා ගමනය ඇණහිටී

කොළඹ – හලාවත ගමනා ගමනය ඇණහිටී

මාදම්පේදී ගසක් කඩා වැටීමෙන් කොළඹ  හලාවත පාරේ රථවාහන ධාවනයට බාධා ඇතිවී ඇති බව සදහන් වේ. මේ වන විටත් ඉවත් කිරීම් කටයුතු සිදු කරන බව සදහන්.