දැඩි සුළගින් හම්බන්තොට ට හානි

දැඩි සුළගින් හම්බන්තොට ට හානි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හැමූ දැඩි සුළඟකින් නිවාස රැසකට හා ව්‍යාපාර ස්ථාන රැසකට හානි වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථනයේ සහකාර අධ්‍යක්ෂක කුරුවිට ආරච්චි මහතා පැවසුවේ ඊයේ (01) පස්වරු 03 ට පමණ හම්බන්තොට ප්‍රදේශයට හැමූ දැඩි සුළගින් හම්බන්තොට සිරිබෝපුර පිහිටි වෙළදසැල් 39 ට හානි සිදු වී ඇති බවයි.එමෙන්ම…

දික්ඔය නගර සභාවේ දුෂණ සොයන්න කොමිසමක්

දික්ඔය නගර සභාවේ දුෂණ සොයන්න කොමිසමක්

හැටන් දික්ඔය නගර සභාව තුල පසු ගිය නිලධාරි පාලන කාලය තුලදි විවිධ දුෂන සිදුව ඇති බවට විවිධ තොරතුරු ලැබෙන බවත් එම කාලය තුලදි මෙම නගර සභාවේ සිදුව ඇති විවිධ දුෂන පිලිබදව කොමිසමක් පත් කල යුතු බවත් එම නගර සභාවේ නාගරික මංත්‍රි හා හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. නන්දකුමාර් මහතාගේ හැටන් කාර්යාලයේදි මේ බව…

poya
|

භික්ෂූණි ශාසනය ආරම්භ වූ බිනර පුන් පොහොය අදයි

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. ලොවපුරා බෞද්ධ ජනතාව අද (01) ඒ වෙනුවෙන් දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වේ. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු 500කු කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද…

දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ශ්‍රී දළදා මාළිගාවේ නිලධාරින් සඳහන් කළේ වෙබ් අඩවිය යළි යථා තත්ත්වයට පත් කිරිම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග මේ වන විටත් සිදුකරගෙන යන බවයි.

ගොවීන් රජයට වී දීමට මැලිවෙයි

ගොවීන් රජයට වී දීමට මැලිවෙයි

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු මාසයකට වැඩි කාලයක් පුරා තමන් විසින් සිදු කළත් ගොවීන් වී තොග තමන් වෙත ලබා දීමට මැලි වී ඇතැයි වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබද ව අප කළ විමසුමකට පිළිතුරු…

Climate change

කාලගුණේ වෙනස් වෙයි

දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව…

coronaupdates

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 ඉක්මවයි

කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මේ වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3012 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිතයින්ගෙන් 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් තිදෙනා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඉන්දියාවේ සිට පැමිණි නාවිකයින්…

කළුතර – වාද්දුව ජලයෝජනා ක්‍රමයේ වැඩ 70% ක් අවසන්

කළුතර – වාද්දුව ජලයෝජනා ක්‍රමයේ වැඩ 70% ක් අවසන්

කළුතර – වාද්දුව ජලයෝජනා ක්‍රමයේ වැඩ කටයුතු සියයට 70 ක් පමණ අවසන් වෙමින් තිබෙන නිසා ඉතිරි වැඩ කටයුතු වහා කඩනම් කර ඉදිරි නියං කාලයට පෙර ජනතාවට පානීය ජලය ලබාදිමට පියවර ගන්නැයි, පසුගිය 27 දා ජල ව්‍යාපෘතියේ ඉදිකිරිම් නිරික්ෂණය කිරිමෙන් අනතුරුව නිළධාරින්ට උපදෙස් දෙමින්, ගුදම් පහසුකම්, බහාලම් අංගන, වරාය පහසුකම්, හා බෝට්ටු නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය…

වතුකරය ආශ්‍රිතව නව වෘත්තිය සමිතියක්

වතුකරය ආශ්‍රිතව නව වෘත්තිය සමිතියක්

මධ්‍යම කදුකරයේ වතුකරය ආශ්‍රිතව නව වෘත්තිය සමිතියක් ආරම්භ කිරිම සදහා මේ වන විට පිබුරු පත් සකස් කරමින් සිටින බවට වතුකරයේ ආරංචි මාර්ග පවසයි. වතු කම්කරුවන් නියෝජනය කරනු ලබන වෘත්තිය සමිති දෙක තුනක පිරිසක් එම වෘත්තිය සමිතිවලින් ඉවත්ව මෙම නව වෘත්තිය සමිතිය ආරම්භ කිරිම සදහා මේ වන විට සකච්චා කරමින් සිටින බව තම අනන්‍යතාවය හෙලි නොකර…

මහනුවරින් වාර්තා වූ  භූකම්පනය ගැන සොයන්න නිලධාරීන් කණ්ඩායමක්

මහනුවරින් වාර්තා වූ  භූකම්පනය ගැන සොයන්න නිලධාරීන් කණ්ඩායමක්

මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටි අනුරගම ,පාරගම , සිංහාරගම , මයිලපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (29) රාත‍්‍රීයේ භූමියේ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා පළ වුණා. ඊයේ රාතී‍්‍ර 08.30 ට පමණ කම්පන තත්ත්වය ඇතිවූ බවයි එම ප‍්‍රදේශවාසීන් සඳහන් කළේ. කෙසේවෙතත්, මෙම සිදුවීම භුචලනයක් නොවන බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු සඳහන් කළා….