ඊශ්‍රායලයට ප්‍රහාරයක්
| |

ඊශ්‍රායලයට ප්‍රහාරයක්

ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ගම්මාන කීපයකට එල්ල කළ ප්‍රහාරවලට පිළිතුරු වශයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරු ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා අංශ සාමාජිකයන් දෙදෙනකුට තුවාලවූ බවත් ඉන් ගින්නක් ඇතිවූ බවත් ඊශ්‍රායල ආරක්ෂක අංශය ප්‍රකාශ කළේය. හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හානියේ ඝාතනයට පිළිතුරු ලෙස ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට පහර…

උරුමයත් නවතී
|

උරුමයත් නවතී

බලපත්‍ර ඉඩම් හිමි ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා දේශපාලඥයන් සහභාගි කරගෙන පවත්වන උත්සව ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වනතුරු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත. එමෙන්ම, උරුමය, අස්වැසුම ආදී වැඩසටහන්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කෙරෙන සාමාන්‍ය රාජකාරි කටයුතු සහ සංවර්ධන කටයුතුද දේශපාලඥයන් හෝ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය නොවන…

ගංගාරාමය අවට මාර්ගවල අද විශේෂ රථ වාහන සැලැස්මක්
|

ගංගාරාමය අවට මාර්ගවල අද විශේෂ රථ වාහන සැලැස්මක්

අපවත්වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අවසන් කටයුතු අද (05) දින සිදු කිරීමට නියමිතයි. ඒ අනුව විහාරස්ථානය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. අද (05) පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදය අවම කිරීම සඳහා මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්ම කරනු ලබන බව…

postal-vote
|

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

එළැඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් (05) අවසන් වෙයි. මැතිවරණ කොමිසම පැවසුවේ, අද මධ්‍යම රාත්‍රී 12ට පෙර අයැදුම්පත් නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබාදිය හැකි බවයි. කෙසේවෙතත් තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සංසරණය වූ අතර ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද කොමිසම වැඩිදුරටත්…

manawa-himikam
|

මැතිවරණ පැමිණිලි කියන්න අංකයක්

පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරණයේදී සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමටකටයුතු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. ඒ අනුව 0767914696 දුරකතන අංකයට හෝ 0112505566 ෆැක්ස් අංකයට මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැක බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇති බවත්…

මාධ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිසමට කැඳවයි
|

මාධ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිසමට කැඳවයි

සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් ලබන සඳුදා (05) මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ. ඒ, ඉදිරි ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපෙදස් ලබා දීම සඳහායි. මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් පනස් දහසක් යෙදවීමට පොලිසිය බලාපොරොත්තු වෙයි. ‍මෙයට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද සැලකිය යුතු පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

dailyreporter
|

ජනපති අපේක්ෂකයන්ට ඇති තර්ජන හොයන්න බුද්ධි වාර්තා බලයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන්ට ආරක්ෂාව ලබාදීමට ප්‍රථම ඔවුන්ට ඇති තර්ජන විශ්ලේෂණය කිරීම සඳහා සියලුම බුද්ධි ඒකකවලින් බුද්ධි වාර්තා කැඳවා ඇත. එම බුද්ධි වාර්තා අනුව අපේක්ෂකයන්ට ඇති තර්ජනය ගැන වෙන වෙනම විශ්ලේෂණය කිරීමට තීරණය කර තිබේ. මේ වන විටත් හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන සිව්…

mathiwarana komisin sabawa
|

මැතිවරණ කොමිෂම මාධ්‍යයෙන් කළ ඉල්ලීම මෙන්න

මැතිවරණය සම්බන්ධ කර ගනිමින් ජනතා මනස විකෘති වන තොරතුරු මාධ්‍ය හරහා පළ නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඉල්ලා සිටියි.මේ අතර සියලුම තේරීම් භාර නිලධාරීන් අද දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි. ජනාධිපතිවරණයේ දී රාජකාරී කළ යුතු ආකාරය හා ජනාධිපතිවරණය විධිමත්ව පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සියලුම තේරීම් භාර නිලධාරීන්…

සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසකගේ සහාය ජනපතිට
|

සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසකගේ සහාය ජනපතිට

සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සදහා එක් විය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස කටයුතු කරන භික්ෂූන්වහන්සේ, වෙනත් ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම බහුජන සංවිධානවල නියෝජිතයන් හමු වී මේ පිළිබද විශේෂ සාකච්ඡාවක් සිදු කරනලදි. ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදීයී. සියයකට අධික පිරිසක් ඒ සදහා එක්ව සිටියා. ජනපතිගේ දේශපාලන කටයුතු පිළිබද අධ්‍යක්ෂ…

badweather
|

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (03) උදෑසන නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී…