anil-jasighe

කන්දකාඩු පොකුර පාලනයේ දෙවැනි රැල්ලක් නෑ

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා පොකුර කිසිදු ආකාරයක දෙවැනි රැල්ලක ලක්ෂණ පෙන්වන්නේ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. එය කලින් හඳුනාගන්නා ලද නාවික හමුදා පොකුර හා සමාන ලක්ෂණ පෙන්වන බවද ඔහු පවසයි.

එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ

එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ

මහ මැතිවරණය සඳහා වූ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ එළිදැක්විණ. පිටකෝට්ටේ, සිරිකොත පක්‍ෂ මූපලස්ථානයෙහි පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ, පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි. එය එළිදැක්වුණේ, ඩිජිටල් තාක්‍ෂණය භාවිත කරමින්. ආර්ථික සංවර්ධනය පදනම් කරගත්, ක්‍ෂෙත්‍ර රැසක දියුණුව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. බටහිර කොළඹ මැතිවරණ කොට්ඨාසයේ නව පක්‍ෂ කාර්යාලයක්…

Water_Cut

අද හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

මහ කොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ, අද පස්වරු 8 සිට හෙට පෙරවරු 6 දක්වා පැය 10 ක කාලයක් කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල…

කුරුණෑගල බුවනෙක බාහු රාජ මණ්ඩපය ඩෝසර් කොට විනාශ කර දමයි

කුරුණෑගල බුවනෙක බාහු රාජ මණ්ඩපය ඩෝසර් කොට විනාශ කර දමයි

කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බුවනෙකභාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතත් මේ දක්වා පොලිසිය ක්‍රියාත්මකවී නැතැයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක සඳහන් කර සිටිනවා. අදාල මණ්ඩපය සේම එම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් සේ සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවතුනා. වසර ගණනාවක් පුරා මෙම ගොඩනැගිල්ල තුළ කුරුණෑගල මහ නගර සභාව…

ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ නිලධාරීන්ට මස 20 සහ 21 ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව

ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ නිලධාරීන්ට මස 20 සහ 21 ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව

පාසල් නිවාඩු සමය ක්‍රියාත්මක වන හෙයින් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ යම් අඩුවක් දැකිය හැකි වුවත් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ  සියලු රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම මස 20 සහ  21 යන දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි මහනුවර තේරීම් භාර නිලධාරී තිස්ස කරුණාරත්න මහතා පවසයි. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මැතිවරණ ලේකම් කාර්යාලය, පොලිසිය…

වැඩිවන ජීවන වියදමට විරෝධය

වැඩිවන ජීවන වියදමට විරෝධය

වැඩිවන ජීවන වියදමට විරෝධය පළකරමින්   ජාතික ජනබල වේගයේ ආධාර කරුවන්  විසින් පවත්වන ලද විරෝධතාවයක්  අම්බලන්තොට නගරයේදී පැවැත්විණි. පෙරවරු 10 ට පමණ ආරම්භ වූ විරෝධතාවය සදහා සියයක පමණ පිරිසක් සහභාගි වී සිටිය අතර පැයක පමණ කාලයක් ඔවුහු නිහඩ විරෝධතාවයක යෙදිනි. එහිදී ප්‍රකාශයක් කරමින් ජාතික ජනබල වේගයේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක සිසිර වාහල තන්ත්‍රි මහතා පැවසුවේ මේ වසරේ…

අනවසර ස්ථානවල වාහන ගාල් කරන්නන්ට වැඩ වරදී

අනවසර ස්ථානවල වාහන ගාල් කරන්නන්ට වැඩ වරදී

මාර්ගයේ අනවසර ස්ථානවල හා පදික වේදිකාවේ වාහන ගාල්කරන රියැදුරන් සොයා අද සිට විශේෂ මෙහෙයුම් ආරම්භ කරන බව පොලීසිය පවසයි. එම රියැදුරන්ට උපරිමය රුපියල් 50,000 ක් දක්වා දඩ මුදල් නිමය කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය .

අඟුලාන පොලිසිය ඉදිරිපිට විරෝධතාව විසුරුවන්න කඳුළු ගෑස් ප්‍රහාරයක් 

අඟුලාන පොලිසිය ඉදිරිපිට විරෝධතාව විසුරුවන්න කඳුළු ගෑස් ප්‍රහාරයක් 

පොලිස් වෙඩි ප්‍රහාරයකින් ධීවරයෙකු මිය යාමේ සිද්ධියක් මුල් කර ගෙන ප්‍රදේශවාසින් අඟුලාන පොලිසිය ඉදිරියේ කලහකාරී ලෙස හැසිරීමත් සමග විරෝධතාවක් විසුරුවා හැරිමට  කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ අතර පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ධීවරයා ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අප‍රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

ට්විටර් ගිණුම් වලට හැකර් ප්‍රහාරයක්

ට්විටර් ගිණුම් වලට හැකර් ප්‍රහාරයක්

ලෝ ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට දැවන්ත හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. Cryptocurrency වංචාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙලෙස අදාළ පුද්ගලයින්ගේ ට්විටර් ගිණුම් යොදා ගනිමින් එම හැකර් ප්‍රහාරය එල්ලවී ඇති බවයි ට්විටර් සමාගම සඳහන් කළේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා , ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්, බිල් ගේට්ස් සහ…

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නිවේදනයක්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නිවේදනයක්

දේශපාලන නායකත්වය හා කැපවීම, සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය හා ක්‍රියාකාරීත්වය, ජනතා කැපවීම යන කරුණු මත මෙරට කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය පාලනය රඳා පවතින බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙන්නේ වර්තමානයේ සංචරණ සීමා කිරීම් සඳහා නීති නොමැති අවදියක අවම වශයෙන් මුළු රටම ආවරණය වන ලෙස අහඹු නියැඳි පරීක්ෂා කිරීම හෝ සිදු කළ යුතු බවය….