ලොව ලාබලතම අග්‍රාමාත්‍යවරිය ෆින්ලන්තයේ
|

ලොව ලාබලතම අග්‍රාමාත්‍යවරිය ෆින්ලන්තයේ

ලොව ලාබාලතම අග්‍රාමාත්‍යවරිය ලෙස ෆින්ලන්තයේ සානා මැරීන් මෙම සතියේ දිවුරුම් දීමට නියමිතව ඇත. 34 හැවිරිදි සානා මැරීන්ට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුයේ 39 හැවිරිදි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ය. තැපැල් වර්ජනයක් හේතුවෙන් ෆින්ලන්තයේ හිටපු අගමැති අන්ටි රින්නේ ඉල්ලා අස්වූ අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ඒ සඳහා සානා මැරීන් නම් කර තිබේ. පක්ෂ පහකින් සැදුම්ලත්…

කොළඹට ඇතුළු වන වාහනට ගාස්තු අය කිරීමට අවධානය

කොළඹට ඇතුළු වන වාහනට ගාස්තු අය කිරීමට අවධානය

කොළඹට ඇතුළු වන වාහනවලින් ගාස්තු අය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. අනවශ්‍ය ලෙස කොළඹට ඇතුළු වන වාහන සංඛ්‍යාව පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කරයි. කොළඹට ඇතුළු වන වාහන වර්ගීකරණයක් තුළින් ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් වෙත අවධානය යොමුව තිබේ.

අද උදෑසන 8 සිට රාත්‍රි 12 දක්වා පැය 16 ක් ජල කප්පාදුවක්

අද උදෑසන 8 සිට රාත්‍රි 12 දක්වා පැය 16 ක් ජල කප්පාදුවක්

අද උදෑසන 8 සිට රාත්‍රි 12 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි. පමුණුගම, නුගපේ, උස්වැටකෙයියාව, බෝපිටිය, ඇලෙන්එගොඩ, සේදවත්ත යන ප්‍රදේශවලට එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.

සාෆ් ගිය13කට ඩෙංගු
|

සාෆ් ගිය13කට ඩෙංගු

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුට උණ රෝගය වැලදී ඇති බවත්, ඉන් 13 දෙනෙකුට ඩෙංගු රෝගය වැලදී ඇති බවටත් ශ්‍රී ලංකා කණ්ඩායම් වෛද්‍යවරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා පවසයි. මේ අතර පුහුණු කරැවන් දෙදෙනෙකුට ද උණ රෝගය වැලදී ඇති බව…

ගානියාගෙන් සී.අයි.ඩී යට පැය 05 ක ප්‍රකාශයක්

ගානියාගෙන් සී.අයි.ඩී යට පැය 05 ක ප්‍රකාශයක්

පැහැර ගැනීමට ලක්වු බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරීනිය  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැය 5 ක  ප්‍රකාශයක් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් නැමැති මෙම නිලධාරීනිය  තානාපති කාර්යාල නිලධාරීන් සහ ඇයගේ නීතිඥවරුන් දෙදෙනෙකු සමඟ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. මෙහිදි ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව…

milk

කිරිපිටි මිල අඩු කෙරේ

කිරිපිටි සඳහා පනවා ඇති මිල සූත‍්‍රයට අනුව ආනයනික කිරිපිටි මිල අද (09) සිට අඩුවන බව  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ඒ අනුව කිලෝ ග‍්‍රෑම් 01 ක බරකින් යුත් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 40 කින් අඩුවන අතර  ග‍්‍රෑම් 400 ක බරකින් යුත් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 15 කින් අඩු වේ. බදු සංශෝධනයත් සමග ජනතාවට මෙම සහනය…

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ නිලධාරීන් සම්බන්ධව ජනාධිපති කොමිෂන් සභාවක්

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ නිලධාරීන් සම්බන්ධව ජනාධිපති කොමිෂන් සභාවක්

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ නිලධාරීන් සම්බන්ධව ඉදිරි සති 06ක කාල සීමාව තුළදී විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් වහාම පත් කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. මේ යටතේ සිය නිල රාජකාරි ඉටුකිරීමේදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින් සද්භාවයෙන් සිදුකරනු ලබන කටයුතුවලට අදාළව…

ගාලු කොටු පවුරේ තැපැල් කාර්යාලය කඩා වැටේ

ගාලු කොටු පවුරේ තැපැල් කාර්යාලය කඩා වැටේ

ලෝක උරුමයක් ලෙස නම්කර තිබෙන ගාල්ල ඓතිහාසික කොටු පවුරේ පිහිටි පැරණි තැපැල් කාර්යාලය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැවී තිබේ. මේ හේතුවෙන් තැපැල් කාර්යාලය ඉදිරිපස මාර්ගයද පොලීසිය විසින් තාවකාලිකව වසා දමා ඇත. මෙම ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් 2018 දෙසැම්බර් 11 දින සවස 5.45 ට පමණ කඩා වැටී තිබුණ අතර එහි සුන්බුන් වලට යටවී ඒ අසල නවතා තිබූ ත්‍රීරෝද…

නවසීලන්තයේ වකාරි ගිනි කන්ද පුපුරා යයි
|

නවසීලන්තයේ වකාරි ගිනි කන්ද පුපුරා යයි

නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් නොහොත් වකාරි ගිනි කන්ද හදිසියේ පුපුරා යාමෙන් පුද්ගලයන් විසි දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. තුවාල ලැබු පිරිසෙන් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ වේ. ගිනි කන්ද  පුපුරා යාමට මොහොතකට පෙර වයිට් අයිලන්ඩ් ආවාටයේ මායිම තුළ සංචාරකයින් 50 ක් පමණ ගමන් කර ඇත. මෙය ප්‍රාදේශීය වේලාවෙන් ප.ව. 2:11 ට පමණ…

සෞදි කාන්තාවන්ට පිරිමින් සමඟ අවන්හල් වලට ඇතුලු වීමට අවස්ථාව!
|

සෞදි කාන්තාවන්ට පිරිමින් සමඟ අවන්හල් වලට ඇතුලු වීමට අවස්ථාව!

සෞදි අරාබියේ කාන්තාවන්ට ඒරට අවන්හල්වලට වෙනම ප්‍රවේශ වීමට පනවා තිබු තහනම ඉවත් කිරිමට සෞදි රජය තිරණය කර තිබේ. දැඩි නීති සහිත පාලනයක් තිබු සෞදි අරාබියේ මීට පෙර, සියළුම අවන්හල් සඳහා  කාන්තාවන් සඳහා එක් පිවිසුමක්ද   පිරිමින්ට තනිවම ඇතුළුවීමට වෙනත් පිවිසුමක්ද පැවතුණි. දැඩි පූජකවරුන් සහ ආගමික පොලීසිය විසින් වරක් ක්‍රියාත්මක කරන ලද දැඩි සමාජ නීති යටතේ සම්බන්ධයක්…