උතුරෙන් සජිත්ට පැහැදිලි වර්ධනයක්, ගෝටා පතුළටම ඇද වැටෙයි.

උතුරෙන් සජිත්ට පැහැදිලි වර්ධනයක්, ගෝටා පතුළටම ඇද වැටෙයි.

මේ වන විට උතුරු පළාතේ නල්ලූර් ඡන්ද බල ප්‍රදේශයේ හා වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. එහිදී පැහැදිලිව දක්නට ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා 2015 පැවැති ජනාධිපතිවරණයට වඩා පැහැදිලි වර්ධනයක් අත් කර ගෙන ඇති බවයි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා 2015දී ලබා ගත් ඡන්ද ප්‍රමාණයට වඩා…

|

ගාල්ල තැපැල් ඡන්දයෙන් ගෝටාට පැහැදිලි වර්ධනයක්

වර්ෂ 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව ගෝටාභය රාජපක්ෂ පැහැදිලි වර්ධනයක් අත් කර ගැනීමට සමත් වී තිබේ. වර්ෂ 2015 දී මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල තැපැල් ඡන්දය ජය ගත්තද ඒ මහතා ලබා ගත්තේ 53.49% ක ප්‍රතිශතයකිනි. මෙවර ගෝටාභය රාජපක්ෂ මහතා එම ප්‍රමාණයට වඩා ඉතා විශාල වර්ධනයක් අත්පත් කර ගෙන 67.48%ක ඡන්ද ප්‍රතිශතයක් අත් පත් කර ගැනීමට සමත් වී තිබේ….

තැපැල් ඡන්ද සමස්ත ප්‍රතිඵලයන් කිසිවක් කොමිසමට තවම ලැබී නෑ – ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාද වන ලකුණු

තැපැල් ඡන්ද සමස්ත ප්‍රතිඵලයන් කිසිවක් කොමිසමට තවම ලැබී නෑ – ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාද වන ලකුණු

තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 371න් තවම ගණන් කිරීම් අවසන් කර ඇත්තේ මධ්‍යස්ථාන 103ක පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. ඔහු වැඩිදුරටත් එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කිසිදු සමස්ථ දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී නොමැති බවයි.

සමාජ මාධ්‍ය වල පළවෙන තැපැල් ඡන්ද ප්‍රතිඵල මුළුමනින්ම අසත්‍යයි – මැ.කො

සමාජ මාධ්‍ය වල පළවෙන තැපැල් ඡන්ද ප්‍රතිඵල මුළුමනින්ම අසත්‍යයි – මැ.කො

  සමාජ මාධ්‍යවල මේ වන විට සංසරණය වන තැපැල් ඡන්ද ප්‍රතිඵල බවට හැගවෙන ප්‍රතිඵල වාර්තා සම්පූර්ණ අසත්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කළේද  රාත්‍රී 9.40ට පමණ  බවත් දිස්ත්‍රික්ක කිහිපයක තැපැල් ඡන්ද ගණන් කිරීම අවසන් අදියරේ පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි. මේ අනූව සමාජ මාධ්‍යවල සංසරණය…

‍ජනාධිපතිවරණ ප්‍රතිඵල ලද සැණින් ගෙන ඒමට dailyreporter.lk සූදානම්

‍ජනාධිපතිවරණ ප්‍රතිඵල ලද සැණින් ගෙන ඒමට dailyreporter.lk සූදානම්

ජනාධිතිවරණයේ ඡන්ද ගණනය කිරීම මේ වන විට දිවයින පුරා ආරම්භ වී ඇත. ඡන්දය ප්‍රකාශ කිරීම 80% ඉක්මවා තිබේ. මේ වන විට යුහුසුළුව මැතිවරණ නිලධාරීන් විසින් ඡන්ද ගණනය කිරීම ආරම්භ කර ඇති අතර ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට හැකි වෙතැයි මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන නිළ ඡන්ද…

මෙවර මැතිවරණය ඉතා යහපත් – ආචාර්ය විශාකා සූරියබණ්ඩාර

මෙවර මැතිවරණය ඉතා යහපත් – ආචාර්ය විශාකා සූරියබණ්ඩාර

ශ්‍රී ලංකාවේ මීට පෙර පැවති මැතිවරණ සමග සන්සන්දනය කිරීමේදී මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය “ඉතා යහපත් තත්ත්වයක්” බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පෙන්වා දුන්නාය. “මේ ජනාධිපතිවරණයේදී ජාතිවාදය පදනම් කරගෙන ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධ වුණෙත් නැහැ සමස්තයක් විදිහට. ජාතිවාදය හෝ වෙනත් උපක්‍රමික සිද්ධි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් දැඩි ලෙස…

ඡන්ද පොළවල් වලට ජංගම දුරකථන ගේන්න එපා

ඡන්ද පොළවල් වලට ජංගම දුරකථන ගේන්න එපා

ඡන්ද භාවිතා කීරීම පිණිස ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණිමේදි ජංගම දුරකථන භාවිතයෙන් වැළකී සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. ඡන්ද මධ්‍යස්ථානය ටෙලිෆෝන් බූත් එකක් නොවන බවත් එය රාජකාරී ස්ථානයක් බවත් ජංගම දුරකථන රැගෙන ඒමෙන් වළකින ලෙස ඔහු පවසයි. එමෙන්ම යම් හෙයකින් ජංගම දුරකථනය ඡන්ද මධ්‍යස්ථානයේදි නාද වුවහොත් ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරි…

තේනුවර හා ගාමිණී ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

තේනුවර හා ගාමිණී ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබදව ප්‍රශ්ණ කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ මහතා විසින් අභියාචනාධිකරනයට ඉදිරිපත්කළ රීට් පෙත්සම නිශ්ප්‍රභා කිරීමට ඒරෙහිව ‌ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ගොනු කර ඇත. ඉහත රීට් පෙත්මසම මගින් පෙත්සම්කරැවන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදිමේ සහතික නීත්‍යානුකූල නොවන බවත්, කැබිනට් මණ්ඩලයක් පත්කර නොමැති අවස්ථාවක වෙනත් ඇමතිවරයෙකු…

මාධ්‍යවේදියාට සිදු කළ මැර ප්‍රහාරයට විරෝධය

මාධ්‍යවේදියාට සිදු කළ මැර ප්‍රහාරයට විරෝධය

ගාල්ල, හබරාදුව නිදහස් මාධ්‍යවේදියාට සිදු කළ මැර ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රජාතන්තවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය ඊයේ (14) සවස කොටුව දුම්රියපල ඉදිරිපිටදි විරෝධතාවයක නිරත විය. ඉකුත් 13 දා රාත්‍රියේ යතුරුපැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකු හබරාදුව පදිංචි ලසන්ත විජේරත්න මහතාගේ නිවසට ගොස් තිබේ. ලසන්ත විජේරත්න මහතා නාස්තිකර සංවර්ධනය හා දුෂණය යන මැයෙන් ඉකුත්දා කෘතියක් එළියක් දක්වනු ලැබීය. නිවසට…

තැපැල් ඡන්ද ගණනය කිරීම 16 වන දා සවස 5ට ආරම්භ කරනවා

තැපැල් ඡන්ද ගණනය කිරීම 16 වන දා සවස 5ට ආරම්භ කරනවා

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ගණනය කිරීම 16 වන දා සවස 05.00ට ආරම්භ කරන බව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. 16 මධ්‍යම රාත්‍රිය වන විට  ඡන්ද ප්‍රතිඵලයක් හෝ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද දේශප්‍රිය මහතා කියා සිටියි.