අද (08) සිට දිවයින පුරා සියලු පාසල් වෙතින් සිසුදරුවන්ට නිල ඇඳුම් තිළිණ පත්

අද (08) සිට දිවයින පුරා සියලු පාසල් වෙතින් සිසුදරුවන්ට නිල ඇඳුම් තිළිණ පත්

2020 වසර වෙනුවෙන් රජයේ සියලු පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබේ. ඒ අනුව අද (08) සිට දිවයින පුරා සියලු පාසල් වෙතින් සිසුදරුවන්ට මෙම තිළිණ පත් ලබාගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත. මෙම වර්ෂයේ පාසල් නිල ඇඳුම් සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 2900ක් වන අතර, කාණ්ඩ…

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ  ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

ගාල්ල සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක් කහව ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. කාර්මික දෝෂයකට ලක් වූ දුම්රිය යථාතත්ත්වයට පත් කිරීම මේ වන විට සිදුකරන බවද වැඩිදුරටත් සදහන් කරයි.

උදේ සිරදඩුවම් ලත් සරණට හවස ඇප ලැබෙයි.

උදේ සිරදඩුවම් ලත් සරණට හවස ඇප ලැබෙයි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් සිටි කාලය තුළදී රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට වරදකරු කරමින් අද උදෑසන කොළඹ මහාධිකරණයෙන් වසර තුනක සිරදඩුවමක් හා සිරදඩුවමට අමතරව රු.300,000/-ක දඩයක් නියම වූ සරණ ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අද සවස කොළඹ මහාධීකරණයෙන් ඇප නියම කර තිබේ. සඑණ ගුණවර්ධන මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධීපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් කොළඹ මහාධීකරණය වෙත ඉදිරිපත්…

පොලිස් විශේෂ කාර්ය බලකායෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්.

පොලිස් විශේෂ කාර්ය බලකායෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්.

ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් විශේෂ කාර්ය බලකාය විසින් දිවයින පුරා විශේෂිත ආරක්ෂිත සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ විශේෂ නියෝග හා උපදෙස් පරිදි මෙම ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කර ඇත. පාතාල කල්ලි සාමාජිකයින්, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්, කප්පම්කරුවන්, නීති විරෝධි අවි භාවිතා කරනු ලබන්නන්, මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම්කරුවන් පාරිසරික වැරදි…

වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවයි

ජනවාරි මස 15 වනදා සිට බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවීමට රජය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි. රටකජු සහ බඩඉරිඟු ගොවීන්ගේ අස්වනු ඉදිරියේදී වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත බැවින් දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වැඩිදුරටත්  සදහන් කළේය.

Water_Cut

මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට පැය 24 ක ජල කප්පාදුවක්

මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට අද පෙරවරු 9 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

පස්සර බස් අනතුරින් 8 දෙනෙකු මරුට : 40කට තුවාල

පස්සර බස් අනතුරින් 8 දෙනෙකු මරුට : 40කට තුවාල

බදුල්ල, පස්සර මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප්‍රදේශයේ ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් මේ වන විට 8 දෙනෙකු මරුමුවට පත්ව 40ක් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. බදුල්ල පස්සර හයේ කණුව ප්‍රදේශයේදී ඊයේ පස්වරු 4.30 ට පමණ ඇකිරිය බලා ධාවනය ආරම්භ කර ඇති මෙම බස් රථය අඩි 100 ත් 150 ත් අතර ප්‍රපාතයකට පෙරළීමෙන්…

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප

සුදු වෑන් වලින් පැහැරගෙන ගොස් මිනිසුන් ඝාතනය කිරීම පිළිබද විසතරාත්මක මාධ්‍ය සාකච්ඡාවක් ජනාධිපතිවරණ සමයේ සිදු කිරීමට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබීය. මෙහිදී එකී සැකකරුවන් තිදෙනාට විදෙස් ගමවන් තහනමක් පැනවීමටද ගරු අධිකරණය පියවර ගනු…

ප්‍රවාහණ වෛද්‍ය ආයතනයේ තදබදය වළක්වන්න අලුතින් ප්‍රාදේශීය ඒකක  03ක්

ප්‍රවාහණ වෛද්‍ය ආයතනයේ තදබදය වළක්වන්න අලුතින් ප්‍රාදේශීය ඒකක  03ක්

රියදුරු බලපත් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන වෛද්‍ය වාර්තා ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනයෙන් ලබා ගැනීමේ දී දැනට පවතින තදබදය වැළැක්වීමට සුදුසු විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහණ කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මින් පෙර උපදෙස් ලබා දී තිබුනි. දැනට එම වෛද්‍ය සහතික ලබා ගැනීම සඳහා වැඩිම පිරිසක් පැමිණෙන්නේ  කොළඹින් බැහැර …

කඩා වැටුණු යානය ගැන හොයන්න චීනය සූදානම්

කඩා වැටුණු යානය ගැන හොයන්න චීනය සූදානම්

කඩා වැටුණු චීනයේ නිෂ්පාදිත වයි 12 යානය ගැන ගුවන් හමුදා විමර්ශන කණ්ඩායම් සිදුකරන පරීක්ෂණවලට අවශ්‍ය වන්නේ නම් චීන රජයේ සහාය ලබාදීමට එකඟත්වය පළ කර තිබෙන බව සදහන්. අවසන් වරට යානය අඩි 8500ක් පමණ ඉහළට ගුවන් ගතවී ඉන් තත්ත්පර අටකට පමණ පසු උදෑසන 9.0ට පමණ ගුවන් යානය කඩා වැටී තිබේ. අවසන් මොහොතෙත් යානයේ පාලනය ගිලිහී යන්නට…