government information center
|

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට කැබිනට් අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කරනලදි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදයෙහි සඳහන් ” සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා”…

ජනාධිපතිවරණ සටනට ට්‍රම්ප් එක්වෙයි
|

ජනාධිපතිවරණ සටනට ට්‍රම්ප් එක්වෙයි

නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ව නිල වශයෙන් නම් කර ඇත. ඒ රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේ දී ය. ඒ අනුව ඔහුගේ උපජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සෙනෙට් සභික ජේඩී වාන්ස් නම් කර ඇති අතර රිපබ්ලිකන් පක්ෂය මෙම තීරණයක් ගෙන ඇත්තේ, පසුගිය දා ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක්…

weather-alert
|

දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්

මේ දිනවල පවතින අධික වර්ෂාපතනයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.ඒ අනුව, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 05 ඊට ඇතුළත් ය.

ජයිකා-සයික්ලොම්ක්ස් එක්ව ජල සම්පාදන මණ්ඩලට ඩිජිටල් මෙහෙයුම් පද්ධතියක්
| | |

ජයිකා-සයික්ලොම්ක්ස් එක්ව ජල සම්පාදන මණ්ඩලට ඩිජිටල් මෙහෙයුම් පද්ධතියක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ලිපි ලේඛන කටයුතු සහ අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු මෙහෙයවීම සඳහා ඩිජිටල් මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දීමට හා ජාතික මට්ටමෙන් එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජයිකා ආයතනය සහ Cyclomx interntional (pvt) ltd ආයතනය එක්ව පියවර ගෙන ඇත. EDMS – (Electronic Document Management System) ලෙස හඳුන්වනු ලබන මේ…

2024 යුරෝපා පාපන්දු කිරුළ ස්පාඤ්ඤයට
|

2024 යුරෝපා පාපන්දු කිරුළ ස්පාඤ්ඤයට

2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය.ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටය.ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි.

උතුරේ රාජ්‍ය සේවකයන්ට ජාතියේ ප්‍රණාමය
|

උතුරේ රාජ්‍ය සේවකයන්ට ජාතියේ ප්‍රණාමය

වැඩ වර්ජන වෙනුවට ජනතා අවශ්‍යතා ඉටු කිරීමට මුල් තැන දුන් උතුරේ රජයේ සේවකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ, යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඉකුත්දා (12) පැවති උතුරු පළාතේ පළාත් පාලන ආයතනවල සේවකයන්ට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ අගමැතිවරයා‍: “අපේ ජීවිත…

කැනියන් ජලාශයේ වාන් දොරටු විවෘත කරයි
|

කැනියන් ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැනියන් ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් තුන බැගින් විවෘත කිරිමට පියවර ගෙන ඇති අතර විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමමින් පවති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කැනියන් හා විමලසුරේන්ද්‍ර ජලාශවල ජල මට්ටම්…

dailyreporter
|

ඉදිරි පැය 24 තීරණාත්මකයි

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව විසින් අද (14) පෙරවරු 3.00ට නිකුත්කළ එම නිවේදනය දැක්වෙන්නේ, අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව සැලකිලිමත් වන ලෙසටයි. කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව නිවේදය කරන්නේ, සක්‍රීය නිරිතදිග මෝසම්…

dailyreporter
|

පවුල් ප්‍රශ්න නැති කරීමට ගල් අරක්කු වලට කරන්න යන දේ

හැකි ඉක්මනින් ගල් අරක්කු සඳහා පනවා ඇති බදු අඩු කරන ලෙසට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ, ජනතාව අතර තවදුරටත් නීති විරෝධී මත්ද්‍රව්‍ය පැතිර යෑම නතර කිරීම සඳහායි. එහිදී ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ ජනතාව නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයට පෙලඹීම හේතුවෙන් පවුල් ප්‍රශ්න මෙන්ම සෞඛ්‍ය ප්‍රශ්නද ශීඝ්‍රයෙන් වැඩි වී…

උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයක්
|

උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයක්

දිවයිනේ ඇතැම් රෙජිස්ට්‍රාර්වරුන් උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීමෙන් පසු එක් පිටපතක් අදාළ දෙමාපියන්ට, විවාහක යුවළට සහ භාරකරුවන්ට නිකුත් කළද, එහි අනෙකුත් පිටපත් මධ්‍යම ලේඛනාගාරයට සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යොමුකර නැතැයි අනාවරණය වී තිබේ . මේ නිසා ඇතැමුන් උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හෝ මාලිගාවත්ත පිහිටි මධ්‍යම ලේඛනාගාරයට ගියද,…