72 වන නිදහස සැරසෙන අභිමානය

72 වන නිදහස සැරසෙන අභිමානය

72 වන අභිමානවත් නිදහස වෙනුවෙන් මේ මොහොත වන විටත් සියළු කටයුතු සූදානම් කර ඇත. ඒ වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වෙයි

කොරෝනා අසාදිත චීන කාන්තාවගේ අවසන් වාර්තාව වෛද්‍ය පර්යේෂණ ආයතනයට

කොරෝනා අසාදිත චීන කාන්තාවගේ අවසන් වාර්තාව වෛද්‍ය පර්යේෂණ ආයතනයට

කොරෝනා අසාදනය වී ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ අවසන් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර ඇතැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පවසයි. වෛද්‍යවරයා පැවසුවේ එහි ප්‍රතිඵල මත ඇයව රෝහලෙන් මුදාහැරීමට කටයුතු කරන බව ය. ආහාර හරහා කිසිඳු අයුරකින් කොරෝනා ව්‍යාප්ත නොවන බව සෞඛ්‍ය අංශ පවසයි. රෝගියෙකුගේ සෙම ශරීර ගතවීමෙන්, කිවිසුම් හෝ වෙනත් ක්‍රමයකින් රෝගියාගේ ආසාදිත ශ්‍රාවයන්…

දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයට

දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයට

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රිය අද දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ දක්වා එම දුම්රිය ධාවනය වුයේ දිනක් හැර දිනක් ය.

air

තවත් ලාංකික සිසුන් 204 චීනයේ

චීනයේ සිට යළි මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන්  සිසුන් 204 දෙනෙකු  සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය සදහන් කරයි. චීනයේ සිටින එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ආපසු ගෙන ඒම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කටයුතු කරන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.  

කොරෝනා නිසා සංවර්ධන ව්‍යාපෘති නවත්වන්න අවශ්‍ය නෑ

කොරෝනා නිසා සංවර්ධන ව්‍යාපෘති නවත්වන්න අවශ්‍ය නෑ

කොරෝනා වසංගතය හේතුකොටගෙන සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීම අවශ්‍ය නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා  සදහන් කරයි. රට කොරෝනාවලින් තොර බවට තහවුරු වූ විගස සංචාරක ව්‍යාපාරය යළි පනගන්වන බව අමාත්‍යවරයා පවසයි.    

paskupaharaya

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් තරුණියක් මියයයි

පාස්කු ඉරිදා දිනයේදී කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් නීරීන් ෆ්ලොරීඩ් නැමති 26 හැවිරිදි අවිවාහක තරුණියක්  මියගොස් තිබේ. බෝම්බ ප්‍රහාරයෙන් ඇගේ දෑස්වලට ද දැඩි හානි සිදුව ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයව පසුව උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත මාරු කර…

වී මිලදී ගැනීමේ කටයුත්තට හමුදාව මැදිහත්වෙයි

වී මිලදී ගැනීමේ කටයුත්තට හමුදාව මැදිහත්වෙයි

අතරමැදියන් නොමැතිව සාධාරණ මිලක් යටතේ දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන වල සම්බන්ධිකරණයෙන් ගොවීන්ගේ  වී අස්වැන්න වී අලෙවි මණ්ඩල මගින් මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්  රටපුරා ක්‍රියාත්මක කර ඇති බව හමුදාව පවසයි. රට තුළ හටගෙන ඇති සහල් මාෆියාවට එරෙහිව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව හමුදාපතිවරයා කියා සිටියේය. ගොවින්ගේ වී…

හැටන් ප්‍රදේශයේ වෛරස් උණක් නිසා 150 ක් රෝහලේ

හැටන් ප්‍රදේශයේ වෛරස් උණක් නිසා 150 ක් රෝහලේ

වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් හැටන් පතන ශ්‍රි පාද විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය එම විද්‍යා පිඨයේ පිඨාධිපතිනියට උපදෙස් ලබා දී තිබෙනවා. විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසු සිසුවියන් 150 කට ආසන්න පිරිසකට පෙරේදා දින සිට උණ රෝගය සහ ස්වසන අපහසුතා ඇති විම හේතුවෙන් කොටගල ප්‍රාදේශිය රෝහලෙන්…

aresst

කුළු මීහරක් ජාවාරමේ යෙදුණු 5ක් අත්අඩංගුවට

සීගිරිය අභය භූමියේ සහ මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිත සිටින අතරමං වූ සහ කුළු මීහරක් අල්ලා  අඩපණ කොට මස් කඩවලට අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල හෙළි කර ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමකට හැකි වී තිබේ. කුළු මි හරක් ඇල්ලීමේ ජාවාරමේ නිරත වූ පුද්ගලයන් පස්දෙනෙකු කුළු මීහරක් තිදෙනෙකු ට්‍රැක්ටර්  රථයක් සමඟ අත්අඩංගුවට ගෙන අද (30)…

air

ගුවන් සමාගම් ගුවන් ගමන් නවත්වයි

නව කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් චීනයට ගමන් නවත්වන බව ජාත්‍යන්තර ගුවන් සමාගම් නිවේදනය කරයි. ඒ අනුව ‘එයාර් ෆ්‍රාන්ස්’, ‘බ්‍රිටිෂ් එයාර්වේස්’, ‘කැතේ පැසිෆික්’, ‘ෆින් එයාර්’, ‘ලයන් එයාර්’, ‘යුනයිටඞ් එයාර්ලයින්ස්’ සහ ‘යුරල්ස්’ යන ගුවන් සමාගම් හත ගුවන් ගමන් නවතා දමා ඇත. විදෙස් ගමන් අවලංගු කරන්නැයි ද කණ්ඩායම් ලෙස විදෙස් සංචාර වීම කල් දමන්නැයි ද චීනය…