මැතිවරණයේදී සිරකරුවන්ටත් ඡන්ද අයිතිය දෙන්න

මැතිවරණයේදී සිරකරුවන්ටත් ඡන්ද අයිතිය දෙන්න

ශ්‍රී ලංකා මානව හිමිකම් කෙමිසම සහ මැතිවරණ කොමිසම වෙත ලිපියක් යෙමු කරමින් කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ඉදිරි මැතිවරණයකදී සිරකරුවන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දෙන්නැයි ඉල්ලයි.  සිරගතවීම  පදනම් කර ගනිමින් කිසිදු අයුරකින්  පුරවැසියකුගේ ඡන්ද අයිතිය අහෝසි  කළ නොහැකි බව එම ලිපිය මඟින් පෙන්වා දි ඇති අතර  එය බරපතල ලෙස…

බුදුරුවාගල වැව මධ්‍යයේ මහා පරිමාණයේ කසිප්පු නිෂ්පාදනාගාරයක් මාට්ටු වෙයි

බුදුරුවාගල වැව මධ්‍යයේ මහා පරිමාණයේ කසිප්පු නිෂ්පාදනාගාරයක් මාට්ටු වෙයි

බුදුරුවාගල වැව මධ්‍යයේ දීර්ඝ කාලයක සිට රහසිගතව පවත්වාගෙන ගොස් ඇති  මහා පරිමාණයේ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා. ඉතාමත්ම සූක්ෂම මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී කසිප්පු පෙරීමට ගන්නා උපකරණ, බැරල් සහ ගෝඩා තොගයක් ද  සොයාගෙන ඇත. ජාවාරම සිදු කල වයස අවුරුදු 38ක සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

NOROCHCHOLAI-POWER-PLANT

නොරොච්චෝලේ චීනුන් ගැන දැඩි අවධානය

නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ  සේවය කරන චීන ජාතිකයින් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍යය අධක්ෂක පවසයි. බලාගාරයේ  සේවය කරන චීන ජාතිකයින් 75  දෙනාට සේවා ස්ථානයෙන් පිටතට නොයන ලෙසට විදුලි බලමණ්ඩල බළධාරින් උපදෙස් ලබා දී ඇති බව  වාර්තා වේ.

රටපුරා චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්

රටපුරා චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්

කොළඹ නගරයේ සහ තවත් ප්‍රදේශ ගණනාවක මහාපරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂා කිරීමේ සහ උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. වෛද්‍යවරුන් , සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් එම ව්‍යාපෘති ස්ථානවලට ගොස් නව කොරෝනා වෛරස සම්බන්ධයෙන් දැනුම්වත් කරන අතර රෝග ලක්ෂණ සහිත චීන ජාතිකයින්  හමුවුව හොත් ඔවුන් ඉතා කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකරවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි….

ඉදිරියේදී ජනතාවගේ ඉඩම් අක්කර 146,931 ක් ඔවුන්ට අහිමි වීමට නියමිතයි
|

ඉදිරියේදී ජනතාවගේ ඉඩම් අක්කර 146,931 ක් ඔවුන්ට අහිමි වීමට නියමිතයි

විවිධ කරුණු අරඹයා ඉඩම් අත්පත් කර ගැනීම හේතුකොට ගෙන මේ වන විට ජනතාවගේ ඉඩම් අක්කර 75573ක් ඔවුන්ට අහිමි වී ඇති බවත් ඒ හේතුවෙන් මේ වන විට අවතැන් වී ඇති පවුල් සංඛ්‍යාව 38455ක් බවත් පරිසරවේදී සජීව චාමිකර මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියට යෝජිත විවිධ ව්‍යාපෘති හා විවිධ කාරණා වලදී අත්පත් කර ගැනීමට නියමිත ජනතාවගේ…

කටුනායක බලධාරීන්ගෙන් මගීන්ට දැනුම්දීමක්

කටුනායක බලධාරීන්ගෙන් මගීන්ට දැනුම්දීමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම නවතා දැමීමට අද (28) සිට තීරණය කර තිබෙනවා. අද දින උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙන තුරු මෙලෙස ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම අත්හිටුවීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබෙනවා.  

මොන්ගෝලියාව චීන දේශ සීමාව වසා දමයි

මොන්ගෝලියාව චීන දේශ සීමාව වසා දමයි

චීනය තුල පවතින අවධානම හමුවේ චීනයට මායිම්ව ඇති සිය දේශසීමාව වසා දැමීමට මොන්ගෝලියාව පියවර ගෙන ඇත. මේ අතර චීනයෙන් සිය රටට රථ වාහන ඇතුලු කිරීමට අවසර නොදෙන අතර දේශ සීමාව හරහා පදිකයින්ට ද චීනය දෙසින් සිය රටට ඇතුලු වීමට මොන්ගෝලියාව අවසර නොදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ සිටි සිසුන් 60 ක් අද පස්වරුවේ දිවයිනට

චීනයේ සිටි සිසුන් 60 ක් අද පස්වරුවේ දිවයිනට

චීනයේ චෙන්ඩු නගරයේ වෙසෙන මෙරට සිසුන් 60 දෙනෙකුට ආසන්න පිරිසක් අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. චෙන්ඩු නගරයේ රැඳි සිටින මෙරට සිසුන් 150 දෙනෙකු අතුරින් 60 දෙනෙකු එලෙස පැමිණෙන අතර, සෙසු පිරිස අනිද්දා පස්වරු 5.30 ට පැමිණීමට නියමිත යානයකින් මෙරටට ළඟා වීමට නියමිතයි චීනයේ චෙන්ඩුහි රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිස මෙරටට ගෙන්වා ගැනීම…

පැෆරල් සංවිධානයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

පැෆරල් සංවිධානයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

පෞද්ගලික හෝ ව්‍යාපාරික අරමුණු ඇතිව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට ඇති ඉඩකඩ අහුරන්නැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි. මැතිවරණ සදහා ඉදිරිපත් වන පක්ෂ අතරින් බහුතරයක් පෞද්ගලික හෝ වෙනත් දේශපාලන අවශ්‍යතා මත තරග කරන බව පසුගිය ජනාධිපතිවරණයේ දී මැනැවින් තහවුරු වූ බැවින් දේශපාලන පක්ෂ ලියාපදිංචියේ දී විශේෂ නිර්නායක හඳුන්වා දෙන්නැයි ද එම සංවිධානය ඉල්ලීමක් කරයි….

ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා වෛරස් රෝගියා IDH රෝහලට

ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා වෛරස් රෝගියා IDH රෝහලට

අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයට ඇතුළත් කෙරු චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වී තිබේ. චීනයේ හුබෙයි පළාතෙන් ලංකාවට පැමිණ සිටි ඇය පසුගියදා (25)කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත්වූ අතර ඇය සම්බන්ධයෙන් කළ වෛරස් පරීක්ෂණයෙන් ඇයට වැළඳී ඇත්තේ මාරාන්තික කොරෝනා වෛරස් ආසාදන තත්වය බව තහවුරු කර ගෙන ඇත. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ මොහොතේ…