රනාලේ සුදුවා අත්අඩංගුවට

රනාලේ සුදුවා අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය රනාල ප්‍රදේශයේ කළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන රනාලේ සුදුවා කේරළ ගංජා සමග අත්අඩංගුවට ගෙන ඇත. රනාල සුදුවා  දෛනික වැටුපට සේවය කරන පුද්ගලයින්ගෙන් කප්පම් ලබා ගෙන ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ. සැකකරු ඌරුජුවා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ ඥාතියෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.      

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට නව රක්ෂණ ක්‍රමයක්

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට නව රක්ෂණ ක්‍රමයක්

ප්‍රාදේශීයව විසිරී සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමටත්  එම මාධ්‍යවේදීන්ට මාසිකව ගෙවන දීමනා නිසි පරිදි ලැබීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  පැවසීය. ප්‍රාදේශීයව විසිරී සිටින මාධ්‍යවේදීන්ට මුහුණ දීමට ඇති අපහසු තත්ත්වයන් සහ අභියෝග පිළිබඳ අගමැතිතුමාව දැනුවත් කිරීමටද මාධ්‍ය සේවක…

කරදියාන කුණු කන්දේ යළිත් ගින්නක්

කරදියාන කුණු කන්දේ යළිත් ගින්නක්

කරදියාන කසළ කන්දේ අද අලුයම යළිත් ගින්නක් හට ගෙන තිබේ. මොරටුව ගිනි නිවීම් ඒකකය ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 3 ක් යොමු කර ඇති බව සදහන් වේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා පොලීසියේ ද සහය ලැබි ඇත.  

badweather

සවස් භාගයේ ගිඟුරුම් සහිත වැසි – නාය යාම් පූර්ව අනතුරු ඇඟවීම්

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර නුවරඑළිය, මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කළ නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මකයි. ජාතික…

කුවේට් ගෘහ සේවිකාවෝ 52 ක් යළි ලංකාවට

කුවේට් ගෘහ සේවිකාවෝ 52 ක් යළි ලංකාවට

කුවේටයේහි නිවෙස් හිමිකරුවන් වෙතින් කරදර වලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 52 ක් අද (23) කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලය වෙත පැමිණි ඔවුන් සිය පැමිණිලි ඉදිරිපත් කර තම නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.

සමන් රත්නප්‍රියට පාර්ලිමේන්තු වරමක්

සමන් රත්නප්‍රියට පාර්ලිමේන්තු වරමක්

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු  මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතාගේ නම යෝජනා කර ඇති බව සදහන් වේ. පක්ෂ මහලේකම් අකිල විරාජ්  මහතා  සමන් රත්නප්‍රියගේ නම හෙට මැතිවරණ කොමිසමට දැනුම් දෙන බව සඳහන් කරයි.

කසළ කන්දක් ගිනිගනි

කසළ කන්දක් ගිනිගනි

පිළියන්දල කරදියාන කසළ කන්දේ ගින්නක් හටගෙන ඇත. මේ වන විටත් මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීම්  සේවා රථ 3ක් යොදා ගනිමින් ගින්න නිවා දැමීම සිදුකරමින් පවතින බව සඳහන් වේ.  

දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවන් පිරිසක් අතිකාල වංචාවක

දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවන් පිරිසක් අතිකාල වංචාවක

දුම්රිය සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන ‘දුම්රිය නිලැඳුම් සේවා අර්ථසාධක අරමුදල්’ කාර්යාලයේ ලිපිකරුවන් අතිකාල වංචාවක් සිදු කරන බවට පාලක කමිටුව ප්‍රකාශ කරයි. දුම්රිය සමාන්‍යාධිකාරීවරයා විසින්  ලිපිකරුවන්ගේ අතිකාල සීමාකරමින් පසුගියදා චක්‍රලේඛනයක්ද නිකුත් කර අතිකාල සීමාකිරීමට විරෝධය දැක්වීමක් ලෙස  ඔවුන්  හිතාමතා අතිකාල වංචාව සිදු කරන බව සදහන් වෙයි.

එළවළු ගන්න යනකොට ඇඟේ මාළු නටනවා

එළවළු ගන්න යනකොට ඇඟේ මාළු නටනවා

ජනතාවට දරාගත නොහැකි මට්ටමින් එළවළු මිල ඉහළයාමට හේතුව ආණ්ඩුවට නිසි වැඩපිළවලක් නොමැති  වීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු සභාවාරයට එළවළු මල්ලක්ද රැගෙන පැමිණි තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා පවසයි. ඉතිහාසයේ පළමු වතාවට එළවළු කඩ මංකොල්ලය වාර්තා වි ඇති බවද පැවසීය.  

ranjan-ramanayake

රන්ජන්ගේ විශේෂ ප්‍රකාශය

මන්ත්‍රි රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ තමන් ගේ නිවසේ තිබු හඬ පට නිසා සෑම මනුස්සයෙකුටම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු  සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින බවයි. හඬ පට සහිත දෘඩ තැටි නිවසේ තබාගෙන සිටියේ බොරු කියන පුද්ගලයින් සිටින මේ රටේ  සොරුන්ට එරෙහිව සිදුකරන මෙහෙයුමේදී අවශ්‍ය සාක්ෂි ළඟ තබා ගැනීමේ අවශ්‍යතාවය…