බස් රථයක් සහ ලොරියක් ගැටීමෙන් 4 ක් මරුට: 13කට තුවාලයි(Update)

බස් රථයක් සහ ලොරියක් ගැටීමෙන් 4 ක් මරුට: 13කට තුවාලයි(Update)

හුංගම, බටඅත ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන්  සිව්දෙනෙකු මිය ගොස් 13 දෙනෙකු තුවාල ලබා ඇත. අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු, බස් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු , කාන්තාවක් සහ වයස අවුරුදු 3ක කුඩා දැරියක් රන්න රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. මියගිය…

සෙල්ල කතරගම ගැටුමෙන් පුද්ගලයින් 34 ක් අත්අඩංගුවට

සෙල්ල කතරගම ගැටුමෙන් පුද්ගලයින් 34 ක් අත්අඩංගුවට

සෙල්ල කතරගම ප්‍රදේශයේදී  දෙපිරිසක් අතර සිදුවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්ව ඇත්තේ හබරණ සහ පාදුක්ක ප්‍රදේශවල සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසකි. ගැටුමක් හේතු වී ඇත්තේ බීමත්ව මැණික් ගඟේ නිරුවතින් දිය නාමින් සිටියදී ඊට විරුද්ධ වූ  පිරිසක් සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිගයාමෙන්  ගැටුම හටගෙන ඇති බවයි.

බන්ධනාගාර නීතියට අනුව හැසිරෙන්න

බන්ධනාගාර නීතියට අනුව හැසිරෙන්න

බන්ධනාගාර නීතියට අනුව හැසිරිය යුතු බව රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකට බන්ධනාගාර නිලධාරී විසින් දැනුම් දී තිබේ. ඒ තමන්ට මෙට්ටයක් ලබාදෙන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.එය සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර නිලධාරීන් ඔහුට දැනුම් දී ඇත්තේ බන්ධනාගාර නීතියට අනුව කටයුතු කරන ලෙසටයි.

ඩ්‍රෝන තහනම ඉවතට

ඩ්‍රෝන තහනම ඉවතට

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ක්‍රියාත්මක කර තිබූ ඩ්‍රෝන යානා තහනම ඉවත් කිරීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි. සාමාන්‍ය සිවිල් ගුවන් සේවා රෙගුලාසිවලට අනුකූලව ඩ්‍රෝන යානා ගුවන් ගත කළ හැකි බව එම අධිකාරිය පවසයි.

Water_Cut

කොළඹට අද පෙරවරු 9.00 සිට පැය 22 ක ජල කප්පාදුවක්

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට පැය 22 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සදහන් කරයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ වාර්ෂික නඩත්තු කටයුත්තක් හේතුවෙන් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටත් කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත් අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටවන බව…

රන්ජන් රිමාන්ඞ් කිරීම විවේචනය කළ නීතිඥවරියට එරෙහිව විමර්ශන

රන්ජන් රිමාන්ඞ් කිරීම විවේචනය කළ නීතිඥවරියට එරෙහිව විමර්ශන

මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා රක්‍ෂිත බන්ධනාගාර ගතකරමින් නුගේගොඩ මහෙස්ත‍්‍රාත්වරයා ලබාදුන් නියෝගය මහෙස්ත‍්‍රාත් නිල නිවස ඉදිරිපිටදීම විවේචනය කරමින් ජනමාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කළ නීතිඥ ආශා කහවත්ත මහත්මියට එරෙහිව වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කර ඇත.

ලක් නාමය ඔසවා තැබූ 200 වැනි පැරෂුට් පිම්ම
|

ලක් නාමය ඔසවා තැබූ 200 වැනි පැරෂුට් පිම්ම

යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න සිය 200 වැනි පැරෂුට් පිම්ම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අඩි 14.500 ක් උඩු ගුවනේ සිට ඉතා සාර්ථකව අවසන් කළේය. පැරෂුට් වාර 200 සම්පූර්ණ කළ දකුණු ආසියාවේ එකම හමුදා උසස් නිලධාරියා ලෙස මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න ඉතිහාසයට එක් වේ.  

කොළඹ  අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා අවසර

කොළඹ අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා අවසර

කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා පනවා තිබූ තහනම  ඉවත් කරමින් ඒ, සඳහා දේශීය ගුවන් සමාගම්  4කට අවසර ලබා දී ඇත. පසුගිය අවරුදු 25 ක කාලයේදි අදාළ මගී ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරුණේ රත්මලාන හා බත්තරමුල්ලේ සිටයි. නව තීරණයත් සමග කොළඹ නගරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය සංවර්ධනයට පහසුකම් සැලසෙන බව රජය ප්‍රකාශ කරයි.

unp
|

එ.ජා.ප නායකත්වයට සජිත්ව ගේන්න මන්ත්‍රීවරු 52 ක් එකඟවේ

එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පත් කරන ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමේදී ඊයේ යෝජනාවක් ඉදිරිපත් විය. රනිල් වික්‍රමසිංහ මහතා එහිදී එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර යෝජනාව කළ මන්ත්‍රීවරුන් පිටතට නොගොස් එහි රැඳී සිට ඡන්දයක් විමසා තිබේ. ඡන්දය සඳහා මන්ත්‍රීවරුන් 65 දෙනකු සහභාගි වූ බවත්, ඉන් මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කර…

වසර කිපයක් පුරා විසදිමට නොහැකිව තිබු වතු කම්කරු ප්‍රශ්නය වත්මන් ජනාධිපති මාස දෙකකින් විසදයි

වසර කිපයක් පුරා විසදිමට නොහැකිව තිබු වතු කම්කරු ප්‍රශ්නය වත්මන් ජනාධිපති මාස දෙකකින් විසදයි

වසර කිපයක් පුරා විසදිමට නොහැකිව තිබු වතු කම්කරු රුපියල් 1000 ප්‍රශ්නය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාස දෙකක කාලයක් තුලදි විසදිමට පියවර ගත් බව වතු යටිතල හා ප්‍රජා සංවර්ධන ඇමති ලංකා කම්කරු කොංග්‍රස් නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි. ආරුමුගන් තොණ්ඩමන් මහතා මේ බව පවසන ලද්දේ 15වන දින කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදි පැවති මාධ්‍ය හමුවක්…