ජාතිවාදය පිටු දකින ප්‍රජාතන්ත්‍රවාදය සුරකින නායකයෙන් බිහි කරගන්න. -කතෝලික රදගුරු සම්මේලනය
අනාගත ජනාධිපතිවරයා තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැපවෙමින් සියලු දෙනා සමග ඒකාග්‍රතාවයෙන් කටයුතු කිරීමේ හැකියාව ඇති අයෙකු විය යුතු බවත් ඔහු පක්ෂ දේශපාලනය අභිබවා යා යුතු බවත් කතෝලික රදගුරු සම්මේලනය ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රජතාතන්ත්‍රවාදී අයිතියක් බව පෙන්වා දෙන කතෝලික රදගුරු සම්මේලනය ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ලෙස කතෝලික ජනතාව ඇතුළු…