නත්තල් ප්‍රධාන දේවමෙහෙය කටුවාපිටිය දෙව්මැදුරේදී
නත්තල් උදාවේ ප්‍රධාන දේවමෙහෙය (24) මධ්‍යම රාත්‍රීයේදී පාස්කු ප්‍රහාරයෙන් වැඩිම බලපෑමක් සිදු වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. ලොවපුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රීයේ උදාවුණි. ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කිරීමේ දිනය අදයි….