government information center

ග්‍රාමීය සංවර්ධනය වේගවත් කරන්න සෑම මන්ත්‍රීවරයකුටම මිලියන 20ක්

දැනට වගකීම් පවරා නොමැති මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ ඇමැති ධුර පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැති අණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී දැනුම් දී තිබේ. ග‍්‍රාමීය සංවර්ධනය සඳහා සෑම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුටම රුපියල් මිලියන 20 බැගින් ලබාදෙන බවත් එම මුදල් යොදවා ආරම්භ කරන සංවර්ධන ව්‍යාපෘති සියල්ල ජනවාරි මස 31 වැනිදාට පළමුව අවසන් කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී…

Water_Cut

කොළඹ 01, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලට හෙට පැය 24ක ජල කප්පාදුවක්

හෙට (14) පස්වරු 8.00 සිට පැය 24ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 01, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලට හෙට දිනයේ පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 02 හා 09 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුවන…

සුර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක්
|

සුර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක්

සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථයක් ප්‍රථම වරට මෙරටට හඳුන්වාදීම අද(13) සිදු  කරනු ලබයි. පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් ලෙද එය හඳුන්වාදෙන බව ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය පවසයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැඳුරේදී ත්‍රීරෝද රථය හඳුන්වාදීමේ උත්සවය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.  

‘ද බෑන්කර්’ වසරේ බැංකුව සම්මානය කොමර්ෂල් බැංකුවට
|

‘ද බෑන්කර්’ වසරේ බැංකුව සම්මානය කොමර්ෂල් බැංකුවට

ලෝකයේ දීර්ඝතම කාලයක් ප‍්‍රකාශනයට පත් කරන ලද අන්තර්ජාතික බැංකුකරණ සඟරාව වන එංගලන්තයේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් 2019 වසරේ ශ‍්‍රී ලංකාවේ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර තිබේ. ජාත්‍යන්තර බැංකු ක්ෂේත‍්‍රයේ ‘ඔස්කාර්’ සම්මානය ලෙස සැලකෙන මෙම සම්මානය ලබාදෙන්නේ වර්ධනය සහ කාර්යසාධනය, උපායමාර්ගික වැඩසටහන්, තාක්ෂණ නවෝත්පාදනය, නව සහ වැඩිදියුණු කළ නිෂ්පාදන සහ සේවා, අනිකුත් කැපී පෙනෙන ජයග‍්‍රහණ…

අභියාචනාධිකරණ විනිසුරු ලෙස  එම්. ඩී. එස්. අබේරත්න මහත්මියගේ නාමයෝජනාවට ඒකමතික අනුමැතිය

අභියාචනාධිකරණ විනිසුරු ලෙස එම්. ඩී. එස්. අබේරත්න මහත්මියගේ නාමයෝජනාවට ඒකමතික අනුමැතිය

අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියගේ විශ්‍රාම යාම මත පුරප්පාඩු වූ අභියාචනාධිකරණ විනිසුරු ධුරය සඳහා පත්කිරීමට, ජනාධිපතිතුමන් විසින් නිර්දේශ කරන ලද මහාධිකරණ විනිසුරු එම්. ඩී. එස්. අබේරත්න මහත්මියගේ නාමයෝජනාව අද(12 )  දින රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව  ඒකමතිකව අනුමත කළේය. ජනාධිපතිතුමන් විසින් ව්‍යවස්ථා සභාව  වෙත මෙම නිර්දේශය කරනු ලැබුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ…

රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයත් ආරක්ෂක අමාත්‍යංශය යටතට

රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයත් ආරක්ෂක අමාත්‍යංශය යටතට

ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශ වලට අදාළ විෂය පථයන් වෙන් කරමින් අදාළ ගැසට් නිවේදනය පසුගිය දෙසැම්බර් 10 වන දින නිකුත් කර තිබේ. එකී ගැසට් නිවේදනය අනුව රාජ්‍ය නොවන සංවිධාන සඳහා වූ ලේකම් කාර්යාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කර තිබීම විශේෂත්වයකි. පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ අවසාන භාගයේද මෙම රාජ්‍ය නොවන සංවිධාන සඳහා වූ ලේකම් කාර්යාලය ආරක්ෂක අමාත්‍යංශය…

මත්ද්‍රව්‍ය නඩු 150%කින් වැඩි වෙයි

මත්ද්‍රව්‍ය නඩු 150%කින් වැඩි වෙයි

මත්ද්‍රව්‍ය නඩු වල ප්‍රමාණය පසුගිය වර්ෂය තුලදී  සියයට 150% වැඩි වී ඇති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා  මෙම අදහස් පළ කළේ වැලිකඩ බන්ධනාගාර මුලස්ථානයේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද සදහන් කළේය. පසුගිය රජය යටතේ අධිකරණ ක්ශේෂ්ත්‍ර යේ…

සරම්ප රෝගයෙන් ඉකුත් වසරේ ලොව පුරා පුද්ගලයින් 142000 ක් මරුට
|

සරම්ප රෝගයෙන් ඉකුත් වසරේ ලොව පුරා පුද්ගලයින් 142000 ක් මරුට

නව ඇස්තමේන්තු වලට අනුව, ලොව පුරා මාරාන්තික සරම්ප රෝගය වැලඳිමෙන් 2018 වසරේ රෝගීන් මිලියන 10 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන අතර පුද්ගලයින් 142,000 ක් වාර්තා වී තිබේ. ඒමෙන්ම 2018 වසරේ එම අවධියට වඩා මේ වසරේ මේ දක්වා තුන් ගුණයකින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන බවද නවතම සංඛ්‍යාලේඛන වල සඳහන් වේ. මිය යන අයගෙන්…

සාමාන්‍ය පෙළ අදින් අවසන් වෙයි – කලහකාරී වුවහොත් ප්‍රතිඵල අහෝසි

සාමාන්‍ය පෙළ අදින් අවසන් වෙයි – කලහකාරී වුවහොත් ප්‍රතිඵල අහෝසි

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වෙයි. ඇතැම් විභාග මධ්‍යස්ථානවලට අද විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අද විභාගය අවසන්වීමෙන් අනතුරුව සමකාමීව විසිර යන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සිසුන්ට දැනුම් දෙයි. ඒ අනුව විභාග මධ්‍යස්ථානයේදී හෝ පරිශ්‍රයේදී කලහාකාරිව හැසිරීම, අනෙක් සිසුන්ට බාධාවන ලෙස හැසිරීම සහ…

විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක්
|

විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක්

මේ වසරේ නිමාවත් සමග විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක් මෙම මස (26) වන දින පෙරවරුවේ  ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමට අවස්ථාව උදා වී ඇතැයි ආතර් සී ක්ලාක් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකාවාසීන්ට අත්විදීමට ලැබෙන මෙම වලයාකාර සූර්යග්‍රහණයේ මධ්‍ය රේඛාව උතුරු ප්‍රදේශයේ යාපනය නගරයට සහ කිලිනොච්චි නගරයට දකුණින් වැටී ඇති අතර මෙම ප්‍රදේශ යා කරන රේඛාවක සිට නරඹන්නෙකුට…