sripadaya

ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹේ

පැල්මඬුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කැර තිබූ ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සධාතුක කරඬුව හා දේවාභරණ ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි පෙරහරින් ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කරවීම ඊයේ (10) සිදු කෙරුණ. උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය වෙසක් පුන් පොහො දිනයෙන් නිමාවට පත්වීමට නියමිතය. මත්ද්‍රව්‍ය…

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

මෙරට භික්ෂුණි ශාසනයේ ආරම්භය ඇතුළු සිදුවීම් රැසක් අද වැනි දිනෙක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් ය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම සිදුවූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනකයි. අදට යෙදී ඇති උදුවප් පුන් පොහෝ දිනෙන් ආරම්භ වන 2019 -2020  ශ්‍රී පාද වන්දනා සමය මාස 6 ක කාලයක්  පුරා පැවැත්වෙන අතර ලබන වසරේ…

කළු තුෂාර පෝරකයට

කළු තුෂාර පෝරකයට

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25.77ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් කළු තුෂාර නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ බව සදහන් වෙයි. දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා…

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
|

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රට වට බැඳි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී. 2019 නොවැම්බර් 27 සහ 28 යන දෙදින අනුරාධපුරය ඓතිහාසික ශ්‍රී මහා බෝධීන්…

එල්ටීටීඊ දෘෂ්ටිවාදය තවද පවතින බව මතක තබා ගන්න  – ආරක්ෂක ලේකම්
|

එල්ටීටීඊ දෘෂ්ටිවාදය තවද පවතින බව මතක තබා ගන්න  – ආරක්ෂක ලේකම්

ජාතියේ ආරක්‍ෂකයින් වශයෙන් අප එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා නැවත සිදු කිරීමට ඉඩ නොදිය යුතු යැයි ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි නව යුද්ධ හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරයේ නිරතවූ අවස්ථාවේදීය. යුද්ධ හමුදා මූලස්ථානයට සපැමිණි විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත භටපිරිස් වෙතින් පිරිනැමු හමුදා…

ලොව ලාබලතම අග්‍රාමාත්‍යවරිය ෆින්ලන්තයේ
|

ලොව ලාබලතම අග්‍රාමාත්‍යවරිය ෆින්ලන්තයේ

ලොව ලාබාලතම අග්‍රාමාත්‍යවරිය ලෙස ෆින්ලන්තයේ සානා මැරීන් මෙම සතියේ දිවුරුම් දීමට නියමිතව ඇත. 34 හැවිරිදි සානා මැරීන්ට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුයේ 39 හැවිරිදි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ය. තැපැල් වර්ජනයක් හේතුවෙන් ෆින්ලන්තයේ හිටපු අගමැති අන්ටි රින්නේ ඉල්ලා අස්වූ අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ඒ සඳහා සානා මැරීන් නම් කර තිබේ. පක්ෂ පහකින් සැදුම්ලත්…

කොළඹට ඇතුළු වන වාහනට ගාස්තු අය කිරීමට අවධානය

කොළඹට ඇතුළු වන වාහනට ගාස්තු අය කිරීමට අවධානය

කොළඹට ඇතුළු වන වාහනවලින් ගාස්තු අය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. අනවශ්‍ය ලෙස කොළඹට ඇතුළු වන වාහන සංඛ්‍යාව පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කරයි. කොළඹට ඇතුළු වන වාහන වර්ගීකරණයක් තුළින් ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් වෙත අවධානය යොමුව තිබේ.

අද උදෑසන 8 සිට රාත්‍රි 12 දක්වා පැය 16 ක් ජල කප්පාදුවක්

අද උදෑසන 8 සිට රාත්‍රි 12 දක්වා පැය 16 ක් ජල කප්පාදුවක්

අද උදෑසන 8 සිට රාත්‍රි 12 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි. පමුණුගම, නුගපේ, උස්වැටකෙයියාව, බෝපිටිය, ඇලෙන්එගොඩ, සේදවත්ත යන ප්‍රදේශවලට එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.

සාෆ් ගිය13කට ඩෙංගු
|

සාෆ් ගිය13කට ඩෙංගු

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුට උණ රෝගය වැලදී ඇති බවත්, ඉන් 13 දෙනෙකුට ඩෙංගු රෝගය වැලදී ඇති බවටත් ශ්‍රී ලංකා කණ්ඩායම් වෛද්‍යවරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා පවසයි. මේ අතර පුහුණු කරැවන් දෙදෙනෙකුට ද උණ රෝගය වැලදී ඇති බව…

ගානියාගෙන් සී.අයි.ඩී යට පැය 05 ක ප්‍රකාශයක්

ගානියාගෙන් සී.අයි.ඩී යට පැය 05 ක ප්‍රකාශයක්

පැහැර ගැනීමට ලක්වු බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරීනිය  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැය 5 ක  ප්‍රකාශයක් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් නැමැති මෙම නිලධාරීනිය  තානාපති කාර්යාල නිලධාරීන් සහ ඇයගේ නීතිඥවරුන් දෙදෙනෙකු සමඟ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. මෙහිදි ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව…