ගූගල් මව් සමාගම පාලනයෙන් ඉවත් වෙයි
|

ගූගල් මව් සමාගම පාලනයෙන් ඉවත් වෙයි

1998 වසරේදී කැලිෆෝනියා හි ගරාජයකදී ගූගල් සමාගම නිර්මාතෘවරුන් වූ ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් ගූගල් සමාගමේ මව් සමාගම පාලනයෙන් ඉවත්වන බව  නිවේදනය කරයි. ගූගල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරි ලෙස ප්‍රධාන විධායක නිලධාරි වන සුන්දර් පීචායි ඇල්ෆබට් පත්වනු ඇති. නව නිෂ්පාදන සහ අභියෝග භාරගැනීමේ අරමුණින් මෙම සමාගම පාලනයෙන් ඉවත්වූ බව ඔවුන් සඳහන් කළහ.

ගුරු සහායකයින් බඳවා ගැනිමට විරෝධය

ගුරු සහායකයින් බඳවා ගැනිමට විරෝධය

පාසල් වලට ගුරු සහයකයින් 50,000 ක් බදවා ගැනීමට රජය ගෙන ඇති තීරණය ශ‍්‍රි ලංකා ගුරු සේවා ව්‍යාවස්ථාවට  පටහැනි හෙයින් ඊට  විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප්  ස්ටාලින් මහතා ප‍්‍රකාශ කරයි. උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉකුත් දිනෙක ප්‍රකාශ  කර තිබුණේ පාසල් වලට ගුරු සහායකයින් 50,000 ක් බදවා ගන්නා බවය….

ෆර්දාව නොගැලපෙනවා නම් වහාම පාසල් නිල ඇදුමෙන් අයින් කරන්න  

ෆර්දාව නොගැලපෙනවා නම් වහාම පාසල් නිල ඇදුමෙන් අයින් කරන්න  

අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මුස්ලිම් ජාතික පාසල් දැරියන්ගේ නිල ඇදුමට අයත් හිස් වැසුම (ෆර්දාව) ගැලවීමේ ප්‍රශ්ණය තවමත් අවසන් නොමැති බවත්, ඊයේ දිනයෙත් (3) අනුරාධපුර සහිරා මුස්ලිම් පාසලේ විභාගයට මුහුණදුන් දැරියන්ට ෆර්දාව ගලවා රෙදි කැබල්ලක් (ෂෝල්) පලදාගන්නා ලෙස උපදෙස්දී තිබු බව අනුරාධපුර අප වාර්තාකරැ පවසයි. මෙවැනි සිදුවිමක් සිදුවී නැති බවට අධ්‍යාපන අමාත්‍යවරයා…

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය ප්‍රකාශයක් දෙනතුරු  විදෙස් ගමන් 09 දා තෙක් අත්හිටුවයි

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය ප්‍රකාශයක් දෙනතුරු  විදෙස් ගමන් 09 දා තෙක් අත්හිටුවයි

පැහැරගෙන ගොස් තර්ජනය කළ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට මෙම මස 09 දාට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට  ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් ඒතෙක් ඇගේ විදේශගත වීම තහනම් කිරිමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  විසින් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම මෙම නියෝගය නිකුත් කළාය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  වෙනුවෙන් අධිකරණය හමුවේ…

ඒල්.ටි.ටි.ඊ ය අපරාධ සංවිධානයක් නොවේ – ස්විස් පෙඩරල් අධිකරණය කියයි

ඒල්.ටි.ටි.ඊ ය අපරාධ සංවිධානයක් නොවේ – ස්විස් පෙඩරල් අධිකරණය කියයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බව සඳහන් කරමින් එම සංවිධානයට අරමුදල් රැස් කළ බවට චෝදනා ලැබ සිටි 12 දෙනකු නිදහස් කිරීමට ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය විසින් ඊයේ  (3) නියෝග කර තිබේ. 1999 වසරේ සිට 2009 වසර දක්වා ඔවුන් එලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස්කළ බවට චෝදනා එල්ල වී තිබිණි. ස්විට්සර්ලන්ත දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා…

නව බදු ප්‍රතිපත්ති ක්‍රමය ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

නව බදු ප්‍රතිපත්ති ක්‍රමය ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමට නව බදු ප්‍රතිපත්ති ක්‍රමය ඉවහල් වන බව මුදල් අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. ඒම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. සරල, විනිවිද පෙනෙන හා කාර්යක්ෂම බදු ක්‍රමයක් යළි නිර්මාණය කිරීමේ අරමුණෙන් බදු ප්‍රතිපත්ති රාමුවක් 2019 නොවැම්බර් මස 27 වැනි දින රජය විසින් හඳුන්වා දෙන ලද අතර මෙමගින් ස්වයං…

government information center

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කෙරේ

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමේ හා නව සැසිවාරය විවෘත කිරිමේ  අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (02) රාත්‍රියේ රජයේ මුද්‍රණාලය විසින් මුද්‍රණය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (01) වගන්තියෙන්  ඔහුට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාර අවසාන කරණු ලැබුවේය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය 2020 ජනවාරී 3 වැනි දින පෙරවරු…

ඉකුත් දෙවර්ෂය තුල රස පරීක්ෂක වාර්තා ඉල්ලීම වැඩි වෙලා

ඉකුත් දෙවර්ෂය තුල රස පරීක්ෂක වාර්තා ඉල්ලීම වැඩි වෙලා

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ප්‍රමාදවීම නිසා අධිකරණයේ නඩු විසදීමේ විශාල ප්‍රමාදයක් ඇති බවත් එහෙයින් අපරාධ අධිකරණයන්හි නඩු ප්‍රමාදය වැළැක්වීම සදහා රස පරීක්ෂක වාර්තා නොපමාව අධිකරණයට ලබා දීමේ ක්‍රම වේදයක් සකස් කළ යුතු බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා රජයේ රස පරීක්ෂක…

ස්විට්සර්ලන්ත සිදුවිම ගැන අපක්ෂපාති පරික්ෂණයක් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

ස්විට්සර්ලන්ත සිදුවිම ගැන අපක්ෂපාති පරික්ෂණයක් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස් තර්ජනය කිරිමේ  සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් එම කොමිසන්  සභාව ඒහි සඳහන් කර ඇත්තේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් සිය කොමිසන්  සභාව දැඩි සැලකිල්ලෙන් පසුවන බවත්  මහජන විශ්වාසය ශක්තිමත් කිරීම…

පොලිසියෙන් යාචකයින් කඳවුරකට රැගෙන යන්නේ නැහැ

පොලිසියෙන් යාචකයින් කඳවුරකට රැගෙන යන්නේ නැහැ

විවිධ ස්ථාන වල සිටින යාචකයින් පොලිස් ස්ථාන මඟින් ඉවත් කර කඳවුරකට රැගෙන යන බවට පල වන වාර්තා අසත්‍ය බව පොලිස් මුලස්ථානය පවසයි. නගර අලංකරණය වෙනුවෙන් විවිධ ස්ථාන වල සිටින යාචකයින් පොලිසිය මඟින් ඉවත් කරමින් ඔවුන්ව රිදීයගම ප්‍රදේශයේ කඳවුරකට රැගෙන ගොස් ඔවුන්ව එහි රඳවා ගත යුතු බවට පොලිස් මුලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කොට ඇති බවට අසත්‍ය…