සී.අයි.ඩී යේ තවත් පුද්ගලයෙකුට මාරුවක්

සී.අයි.ඩී යේ තවත් පුද්ගලයෙකුට මාරුවක්

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි බී.එස්.තිසේරා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානය වෙත මාරු කර තිබේ. ඊයේ (01) දින සිට බලපැත්වෙන පරිදි ජාතික පොලිස් කොමිසමේ හා මැතිවරණ කොමිසමේ අනුමැතිය මත වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විසින් මෙම ස්ථාන මාරුව ලබා දි ඇත. සහකාර පොලිස් අධිකාරි බී.එස්.තිසේරා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ලකෑම්…

කාන්තා පොලිස් නිලධාරිනියන් හත්දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට

කාන්තා පොලිස් නිලධාරිනියන් හත්දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට

කාන්තා පොලිස් නිලධාරිනියන් හත්දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ. බඳවාගැනිමේ පටිපාටියට අදාළව සුදුසුකම් සම්පූර්ණ කර තිබූ පොලිස් අධිකාරී නිලයේ කටයුතු කළ නිලධාරිනියන් හත්දෙනෙකු සඳහා එම උසස්වීම් ලබාදීමට පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දී ඇත. එලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කරන ලද නිලධාරිනියන් හත්දෙනා අතර, ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ලංකා අමරසේන, අල්ලස්…

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය අද(02) පෙරවරු 08 .30ට විභාගය ආරම්භ කිරීමට නියමිත අතර මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් හත්ලක්ෂ 17,008 දෙනෙකු පෙනි සිටින අතර  දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී විභාගය පැවැත්වීමට නියමිතව තිබේ. විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. අයහපත්…

badweather

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 2000ක් අවතැන්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 643කට අයත් පුද්ගලයන් 2200ක් පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන්  කරයි. දිස්ත්‍රික් රැසකට ඊයේ තද වැසි ඇති වි ඇත.මේ හේතුවෙන් අත්තනගලුඔය දූනමලේ ප්‍රදේශයෙන් පීටාර මට්ටමට ළගා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. රාජාංගණය, උඩවලව, උල්හිටිය, තබ්බෝව, අංගමුව, දැදුරුඔය, ඉබ්බන්කටුව, ඉහළ කොත්මලේ…

පාතාලයේ 6 දෙනෙකුට වැඩ වරදි

පාතාලයේ 6 දෙනෙකුට වැඩ වරදි

හංවැල්ල, ඇඹූලේගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ ඒකකය මඟින් සිදුකළ වැටලීමකදී පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සතුව තිබී තියුණු ආයුධ කිහිපයක්, හෙරොයින් හා කේරළ ගංජා තොගයක්ද නිලධාරීන් භාරයට ගෙන ඇත.  

දෙසැම්බර් 01 වෙනිදා සිට දුම්රිය තුල සිගමන් යදින්නන්ට දැඩි දඬුවම්

දෙසැම්බර් 01 වෙනිදා සිට දුම්රිය තුල සිගමන් යදින්නන්ට දැඩි දඬුවම්

දෙසැම්බර් මස 01 වෙනිදා සිට දුම්රිය තුල සිගමන් යදින පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවත් දුම්රියන් තුල සිගමන් යැදීම සම්පුර්ණයෙන්ම තහනම් බව දුම්රිය සේවා අමාත්‍යාංශය නිවේදනය කරනු ලබයි. දුම්රිය සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ එලෙස සිගමන් යදින්නන්ට දැඩි දඬුවම් පමුණුවනු ඇති බවයි.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ලේකම් රාජකාරී ආරම්භ කරයි

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ලේකම් රාජකාරී ආරම්භ කරයි

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් වු ජේ.ජේ.රත්නසිරි මහතා සිය තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද (29) පෙරවරුවේ සිදු විය. එම අවස්ථාවට අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් විය. ජේ.ජේ.රත්නසිරි මහතා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත්වීමට පෙර රාජ්‍ය පරිපාලන ආපදා කළමණාකරණ හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසියි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසියි

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරිමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිඛෙනවා. ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය දැරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පොලිස් නීති කොට්ඨාශය වෙත අනුයුක්ත කර තිඛෙනවා. රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස මුලින්ම රාජකාරී ආරම්භ කළේ 2014 වර්ෂයේදීය. 70 දශකයේදී ශ්‍රී ලංකා පොලිසිය මහජන…

advanced level

තෙවැනි පාසල් වාරය අදින් අවසන්

රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය අදින් අවසන් වන අතර  2020 වර්ෂයේ පළමු පාසල්වාරය ජනවාරි 02වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබේ. ලබන වසර සඳහා පාසල් දරුවන්ට නිළ ඇඳුම් වව්චර් පත් මෙතෙක් ලබා දී නොමැති බවත් ජනවාරි 02 වන සතිය වනවිට එම වව්චර් පත් ලබා දීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යයංශය සදහන් කරයි මේ…

වොයිස් ටියුබ් මාධ්‍යවේදිනිය මුදා හරියි.

වොයිස් ටියුබ් මාධ්‍යවේදිනිය මුදා හරියි.

අද (28) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ වොයිස් ටියුබ් වෙබ් අඩවියේ සංස්කාරකවරිය වන තුෂාරා විතාරන මහත්මිය පැය ගණනාවක ප්‍රශ්න කිරීම් වලින් පසු මුදා හැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. මීට පෙර එනම් පසුගිය 26 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ලීඩර් යූ ටියුබ් නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදක වූ සංජය ධනුෂ්කවද කැඳවා තිබුණි. ඔහුගෙන් පැය…